මගේ ආදරණීය චෙරි මල 🤍
ඔයාට මතකද.?
මං ඔයාගෙන් අවසාන වතාවට
එකම එක දෙයක් ඇහුවා..
ඔව් මං ඔයාගෙන් හැමදාම අහන දේ
අවසාන වතාවට කියලා හිතාගෙන
එදත් පුරුද්දට වගේ ඇහුවා..
+ ඔයා මට ආදරේ නැද්ද..?
ඔයා කවදාවත් නැතුව උත්තරයක් දුන්නා..
- මං කවදාද ඔයාට ආදරේ නොකර හිටියේ..?
ඒ උත්තරේ එක්ක මං ගල්වෙලා ගියා..
ඒ කියන්නෙ එයා මෙච්චර කල්
මට ආදරේ කරලා
මට දැනුණු සතුට වචනවලින් කියන්න බෑ. හරියටම කිව්වොත් බඩ ඇතුලේ සමනල්ලු පියාඹනවා වගේ. එකපාරම මටත් පියාඹන්න පුළුවන්නම් කියලා හිතුනා.
මං ආදරේ කරන මනුස්සයා මට
ආදරෙයි කිව්වා කියලා කියන්න..
මුලු ලෝකෙටම ඇහෙන්න..
ඒ තරමට මං ඒ වචනවලින් පුදුම වුණා..!
+ ඔයා ඇත්තටමද ඒක කිව්වේ..?
මං ආපහු ඇහුවේ සතුට හොඳටම වැඩිවෙද්දී..
- ඔයාට මං කවදාවත් බොරුවක් කියලා නෑ
කියලා ඔයා හොඳටම දන්නවා..
+ හ්ම්ම්..ඒක ඇත්ත..ඉතින් ඇයි මෙච්චර කාලෙකට පස්සෙ මට ආදරෙයි කියන්න හිතුනෙ?
- ඔයා මට කීපාරක් ආදරෙයි කියලා තියෙනවාද..? සියවාරයක්, දහස්වාරයක්, ඊටත් වැඩී..
+ ඒකද හේතුව ආදරෙයි කියන්න..?
- නෑ..ඒකම නෙවෙයි..මට අද ඇත්තටම ආදරෙයි කියලා කියන්න ඕනෙ කියලා හිතුනා. සමහරවිට ඔයාටත් මට ආදරෙයි කියලා ඇතිවෙන දවසක් ආවොත් එහෙම..
+ ඔයා දන්නවා..මට එහෙම දවසක්
එන්නෙ නෑ කියලා..
- හ්ම් ඔව් ඒක හරි..ඒත් ඔයාට මං
ඇත්තටම ආදරේ කරනවානෙ. ඒක ඔයා දැනගන්න ඕනිනේ..
+ ඔයා කියන්න කලින්ම මං දැනගෙන හිටියා..
මං හිමීට මිමිණුවා..
- ආ එහෙමද මිස්ටර්..එහෙමනම් මට
අවසරද අපෙ කතාව පටන්ගන්න..ජීවිතේ ඉවරවෙනකන් මේ කතාව අරන් යන්න..
ඒ හිනාව අස්සෙ ආදරේ උතුරන්න තරම් තිබුනා. ඒ ප්‍රේමණීය දෑස් ආදරයෙන් වගේම විෂ්වාසයෙන් මහාගොඩක් පිරිලා තිබුනා. ඉතින් තවත් කතා මොකටද..? මං ඒ මුලු මූණම මගේ දෑතට අරගෙන පපුවට තියන් තදකරලා බදාගත්තා..
ඉතින් චෙරි මල..අවුරුදු ගානකට පස්සෙයි
මට ආදරෙයි කිව්වේ.. ඒ වගේ ආදරයෙන් විෂ්වාසයෙන් පිරිච්ච හිතක් එක්ක කෙනෙක් වෙනුවෙන් අපි බලන් හිටියොත් ,
එයා අනිවාර්යයෙන්ම දවසක අපේ වෙනවාමයි ඒක එහෙම්ම තමයි..
ප්‍රේමය පාරමිතාවක් සේ පුරන කල්හි
කිසිවෙකුටත් එය සිඳ බිඳ විනාශ කල නොහැක..!
ᴡɪᴅʏᴀ ✍️ |
ʙʟᴏᴏᴍ Qᴜᴏᴛᴇꜱ