👾 Uncommon facts about Android (Part 1)• Android කියන්නේ
Linux Kernel එකකින් run වෙන,
Linux core එකක් තියෙන OS එකක්.
• මේ Linux core එක නිසාවෙන්, Android වල
booting process එකේ ඉඳන් දේවල් සිදුවෙන්නේ Linux OS එකකට සමානව 🐧
• ඉතින්, ඔයා
ADB shell එකට ගියාම, ඒකත් එක්ක Interact වෙන්න use කරන්න ඕනි Linux commands වගේම, අපිට Android OS එකේදි ".sh" files පවා run කරන්න limited ability එකක් පවා තියෙනවා බලාගන්න පුළුවන්.
• ඔයාලා root explorer එකකින්, /system/bin කියන path එකට ගිහින් බැලුවොත්, ඔයාලාට ARM compatible linux binaries බලාගන්න පුළුවන්.
• අවුල කියන්නේ Android OS එක ඇතුලේ තියෙන්නේ Basic tasks වලට අදාළ Linux binaries විතරයි 😕
•
සාමාන්‍ය Linux OS එකේ "superuser" privileages ගන්න අවශ්‍ය කරන "su" binary එක Android වලට implement කරලා, Android වල God mode එක ගන්නවාට තමයි "Root කරනවා" කියලා කියන්නේ.• Android OS එක කියලා අපේ ඇහැට පේන්නේ, අපි touch කරලා interact වෙන්නේ, "SystemUI" කියලා app එකක් එක්ක.
•
SystemUI එකයි,
Home Launcher එකයි එකට
එකතු වුනාම තමයි Android කියලා ඇහැට ගෝචර දෙයක් නිර්මාණය වෙන්නේ. අපි SystemUI කියන Process එක නතර කරොත් සම්පූර්ණ screen එක කළු පාට වෙනවා. (ඒත් Phone එක on එකේ).
• Linux Kernel එකක් use කරන නිසා, අපිට Kernel Level එකෙනුත් මරු මරු දේවල් කරන්න පුළුවන් 🐱
උදා : Kernel Based "
Power saving, Overclocking/Underclocking, Custom Performance profiles, VPNs, Schedulers, Governors"
• අපේ Android Device එකට මොනවාම හරි external hardware එකක් support කරන්නේ නැත්නම්, Device එකේ OEM විසින් Kernel source එක දීලා තියෙයිනම්, අපිට kernel source එකෙන් ඒ අදාළ hardware එකට අදාළ Driver එක enable කරලා, kernel එක compile කරලා, install කරලා, වැඩ කරන තත්වයට හදාගන්න පුළුවන් 🚬
• තවද, අපේ Android Device එකේ, Linux kernel එකේ built-in drivers පවා අපිට update කරගන්න පුළුවන්. ගොඩක්ම ජනප්‍රිය දේ තමයි GPU Driver එක update කරන එක :)
•
Kernel version එක update කරනවාට කියන්නේ "Upstream" කරනවා කියලා.• මමනම් මේ වෙනකන් use කරපු හොඳම kernel level thing එක තමයි "
Wireguard" කියන්නේ.
•
Wireguard කිව්වේ Kernel එක ඇතුලේ run වෙන VPN එකක්. [ ඒ කියන්නේ අපි Wireguard VPN එකට connect උනාම අපේ Android system එකේ පෙන්නන්නේ නැහැ යතුරක් වැටිලා අපි VPN එකක් Use කරනවා කියලා. ඒ ඔක්කොම run වෙන්නේ kernel level එකෙන් 😄 ]
•
අපි Android OS එක root කරපු පමණින්ම අපිට ඒක modify කරන්න බැහැ. [ මොකද පෙළක් Devices වල partitions වල file system එකට use වෙන්නේ erofs වගේ read only file systems ]
• එක්කෝ අපිට ඒ partitions ටික ext4 වලට convert කරගන්න වෙනවා, නැත්නම්
systemless modifications කරන්න පුළුවන් overlayfs හෝ bind mount පාවිච්චි කරලා.
• Systemless modifications කිව්වේ system එක අල්ලන්නේ නැතුව modify කරනවා කියන එක. ඇත්තටම edit කරන්නේ නෑ, ඒත් edit වෙනවා වගේ දෙයක්. (මම වෙනමම article එකකින් කියලා දෙන්නම් මේක ගැන)
• අපේ Android Device එකේ Notch එකට සහ Display corner cutouts වලට අදාළ details අන්තර්ගත වෙනවා /product සහ /vendor partitions ඇතුලේ. අපි ඒවාට කියන්නේ overlays කියලා.
අන්න ඒ overlays නිසා තමයි, අපි අපේ Device එකට custom ROM එකක් ගැහුවාට, Notch එක සහ display resolution එක අවුල් යන්නේ නැත්තේ :)Ravindu's Blog 🇱🇰
#android #tips