කුෂාන් කොඩිතුවක්කු තම පියාගෙන් උකහා ගත් පැහැදිලි දර්ශනය වන්නේ එයයි. කොඩිතුවක්කු පවුලේ ජාත්‍යන්තර සලකුණ මැවූ කුෂාන් උපන්නේ කොළඹදීය. ඒ, සුගත් කොඩිතුවක්කුගේ එකම දරුවා ලෙසිනි. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු වූ කුෂාන් පසුව සිංගප්පූරුවට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඉනික්බිතිව ඇමරිකාවට ගොස් කර්මාන්තශාලා අංශයේ උපාධිය ලබාගත් අතර එහිදී ස්වෙච්ඡා යුද හමුදා පුහුණුව පවා ලැබූ අයෙකි. පවුලේ එකම දරුවා ලෙස සියලු සැප සම්පත් විඳිමින් සුවපහසු ජීවිතයක් ගත කළ ද දන්නා කාලයේ සිට කුෂාන්ට අවැසි වූයේ නව සොයා ගැනීම් සමග ගමනක් යාමටය.
ව්‍යවසායකත්ව ක්ෂේත්රයට පිවිසීමට පෙර ගෙවූ ජීවිතය සහ ඉන්පසු අභියෝග සමග ගෙවීමට සිදු වූ ජීවිතය ගැන කුෂාන් පැවසුවේ මේ අයුරිනි.
‘‘ව්‍යාපාර ක්ෂේත්රයට ඒමට පෙර අම්මා තාත්තාගේ සෙනෙහස සහ ආදරය මෙන්ම හුරතලය එක්ක තමයි මම හැදී වැඩුණෙ. එකම දරුවා වුණත් උසස් අධ්‍යාපනය සඳහා මාව විදේශයට යැව්වා. එයාලට දුක හිතෙන්නත් ඇති. ඒත් අනාගතය ගැන හිතලයි එහෙම කළේ. විදේශගතව ඉගෙන ගත්ත නිසා ඇත්තටම මට මගේ ජීවිතයට ලැබුණෙ අතිවිශාල පන්නරයක්. ස්වාධීනව නැගී සිටීමේ ප්‍රායෝගිකත්වය මගේ ආත්මය හා බැඳුණේ ඒ නිසයි. ඇමෙරිකාවට ගිහින් සරසවි අධ්‍යාපනය හදාරන අතරේ ස්වෙච්ඡාවෙන් යුද හමුදා පුහුණුව ලබාගැනීමේ වරම එම සරසවියේ තිබූ වෙනම අංශයක්. මා එය ලැබුවා.
ඇත්තටම එදා පිටරට යාමට සිදුවුණේ 89 මෙරට ඇතිව තිබූ කලබලකාරී වාතාවරණය නිසයි. එදා අපිත් ගිහින් බෝඩ් උස්සාගෙන හිටපු හැටි මට මතකයි. එදා මම ඩී.එස්. එකෙන් සමුගත්තෙ හරිම දුකකින්. ඩී.එස්. මාතාව අපේ අධ්‍යාත්මයට දී තිබුණෙ ‘තමාට පෙර රට පෙරට’ කියන සංකල්පයයි. මේ සංකල්පය දරා ගෙන තමයි අපි සමාජගත වුණේ. ඇමෙරිකාවේ සිට මම නැවත ලංකාවට ඇවිත් තාත්තා සමග ව්‍යාපාරයේ කටයුතුවලට දායකව සිටියා. එවිට උපාධිය අරගෙන මාස තුනයි.
1995 දී මගේ ආදරණීය තාත්තා අභාවප්‍රාප්ත වුණා. එතකොට මගේ වයස අවුරුදු 22 යි. එවකට තාත්තා සිංගප්පූරුවේ බිහි කළ ආයතනය නිසා ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වූ ‘ක්ලිප්සාල්’ මෙරට ගෙන්වා බෙදා හැරීම ආරම්භ කර තිබුණා. පසුව ක්ලිප්සාල් නිෂ්පාදන මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අංශයත් ව්‍යාප්ත වී තාත්තා බිහි කළ ඔරියන්ට් කොමර්ෂල් සමාගම ලොකු දියුණුවක් ලැබ සිටි බව කියන්න පුළුවනි. ඒ වුණත් තාත්තගෙ අභාවය නිසා වයස 22 ක් පමණ වූ මා ගැන සමාගමේ ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනා විශ්වාසය තැබුවේ නැහැ. ඒ වගේම සමාගමේ ඇතුළාන්තය ගැනත් මට පැහැදිලි අවබෝධයක් තිබුණෙ නැහැ. ජීවිතයේ ලොකුම අභියෝගය ලෙස මුල් වරට මුහුණ දුන්නේ ඒ වටපිටාවයි.
සමාගමේ බොහෝ දෙනා සේවය හැරයාමත් සිදුවුණා. ඒ අතරවාරයේ මූල්‍ය ඇතුළු නේක විධ අක්‍රමිකතා පවා ඇති වූ බව පසුව සොයා ගත්තා. ලැබෙන ආදායම සහ වියදම් කොහේටද යන්නේ කියලා පවා අවබෝධයක් මට තිබුණෙ නැහැ. මෙවැනි වාතාවරණයකදී බැංකුවෙන් නිවේදනයක් ආවා අපේ වත්කම නියමිත කාලය ඉක්මවා ගොස් ඇති බව. ඒ නිසා බැංකුව ඒවා හිමිකර ගන්නා බවට නිවේදන ආවා. එතැනදී තමයි මම අලුත් සුසුමක් අරගෙන දැන් බලා සිටියා ඇති. මම මෙය අලුතින්ම පටන් ගන්න ඕනෑය කියලා හිතුවෙ.
සැලසුම තියෙන්නේ යුද්ධයකට යාමට විතරක් නම්? එහෙම ගිහින් එදාට ඒ මොහොතට ගැළපෙන තීන්දු තීරණ අරගත යුතුයි. එදාට හරියන තීන්දුව අපි කණ්ඩායම එකතුවෙලා අරගත්තා. මේ විදියට යන විට ඉස්සරහා අපි දුටුවා. ඉන්පසුව අනාගතය පෙනෙන්නට පටන් ගත්තා. එදා ප්‍රථමයෙන් ආ මහා අභියෝගය ජයගත්තේ ඒ විදියටයි.’’
තාරුණ්‍යය මොන තරම් නම් අරුත්බර කළ හැකිද? යන්න කුෂාන්ගේ ඒ අදහස්වලින් සනාථ වේ. එද එලෙසින් අභියෝග ජයගෙන ඉදිරියට එන විට 2004 දී නැවතත් විශාල අභියෝගයකට මුහුණදීමට ඔහුට සිදුවිණි. එනම් ඕස්ට්‍රේලියාව සතු ක්ලිප්සාල් සමාගම ප්‍රංශ සමාගමක් විසින් මිලදී ගැනීමය. එම ප්‍රංශ සමාගම කෙතරම් බලවත් වීද යත් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට වඩා එම සමාගමේ ආර්ථිකය විශාල විය. ශ්‍රී ලංකාවේ ස්ථාපිතව තිබූ කුෂාන් සතු ක්ලිප්සාල් කර්මාන්තශාලාව මිලදී ගැනීමට ප්‍රංශ සමාගම යුද සේනා බළ ඇණියක් සේ පෙරට පැමිණියේය.
‘‘මෙන්න මේ අවස්ථාවේදී තමයි ඩී. එස්. මාතාවගෙන් ඉගෙන ගත්ත තමාට පෙර රට යන සංකල්පය මෙන්ම, ඇමරිකාවේදී ලැබූ හමුදා පුහුණුව ඇතුළු විදේශීය ඉගෙනුම් වෙතින් මට පරිචයක් ලැබුණෙ. ඒ අත්දැකීම් එක්ක මේ යෝධ ප්‍රංශ සමාගම එක්ක අපි අපේ සටන ඇරඹුවා. ඔවුන් එක් රැයකින් ක්ලිප්සාල් කියන නම පවා ඉවත් කළා. ලංකාවම දැන සිටියෙ ක්ලිප්සාල් නාමයයි. ඒ වන විට සමාගම සතුව සේවක පිරිස පන්සියයක් - හයසියයක් විතර සිටියා. මේ කම්පැනි එක අපි ප්‍රංශ සමාගමට රන් බඳුනක තියලා දෙනවද? නැත්නම් අපි එකතුවෙලා මේක පවත්වාගෙන යනවද? ඒ විදියට මම සමස්ත සේවක පිරිසගෙන් විමසුවා. ‘අපි කරමු. ඇයි අපි අපේ නිර්මාණය ඔවුනට දෙන්නෙ?’