GLOBAL NEWS SRI LANKA 🇱🇰


Kanal geosi va tili: Shri-Lanka, Singalcha


ශ්‍රී ලාංකීය අපට එදිනෙදා වැදගත් වන පුවත් වලට මූලිකත්වය දෙමින් අපක්ෂපාතීව දෙස් විදෙස් පුවත් ඔබ වෙත රැගෙන ඒම මේ චැනලයේ බලාපොරොත්තුවයි..
Contact Us - @contactGNSLbot

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Shri-Lanka, Singalcha
Statistika
Postlar filtri


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
“මම මුදල් අමාත්‍යංශය බලාපොරොත්තු වුණේ නැහැ“ - කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

globalnewssrilanka


අලුයම කාලයේ කොළඹ අහසේ දිස්වෙන ශ්‍රී පාදස්ථානය

Google Pixel 6 Pro භාවිතා කර රමේෂ් කාවින්ද නැවක සිට ලබාගත් චායාරුපයක්..

globalnewssrilanka


කෝටි හතහමාරක් කොල්ලකෑ සැකකරු ඇල්ලීමට පොලීසිය මහජන සහය පතයි

මුදල් කොල්ලකෑමක් සම්බන්ධව අව්‍යශ කරනු ලබන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.

මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ නගරයේදී මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන ආයතනයක රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙකු අද (18) එම රථයේ තිබූ රුපියල් කෝටි 7 1/2ක් සොරකම් කර එම රථයෙන්ම පළා ගොස් තිබේ.

globalnewssrilanka


🔴ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස රවී කරුණානායකගේ නම ගැසට් කෙරේ.

globalnewssrilanka


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවෙයි 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් අද (18) පවත්වා තිබේ.

globalnewssrilanka


දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය චාම්ව සිදුකිරීමට උපදෙස්

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

"පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමකදී ත්‍රිවිධ හමුදා උත්තමාචාර සමග උත්තමාචාර වෙඩිමුර සමග ජයමංගල ගාථා ගැයීම සම්ප්‍රදායයි.  නමුත් මෙහිදී ඉතා චාම්ව මේ උත්සවය සිදු කිරීමට අපිට උපදෙස් ලැබී තිබෙනවා. ඒ නිසා එතුමාව පැළඳුම් කාමරයට කෙලින්ම කැඳවාගෙන යාමට නියමිතයි. විනාඩි කිහිපයක් එහි අසුන් ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ බෙදුම් සීනුව නාද කිරීමෙන් පසු පැළඳුම් කාමරයේ සිට එතුමාව පෙරහැරින් සභාගර්භය කරා කැඳවාගෙන යනවා. මූලාසනයේ වාඩි වෙලා තමයි ජනාධිපතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිත වන්නේ."

globalnewssrilanka


සිලින්ඩරේ ජාතික ලැයිස්තුව අර්බුදයක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා එම පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය හෙට ගැනීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.

https://telegra.ph/සලනඩර-ජතක-ලයසතව-අරබදයක-11-18

550 0 0 15 25

දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වෙනස්කම් කිහිපයක් සිදු කරනවා - පාර්ලිමේන්තු මහලේකම්

ඒ අනුව පොත්පත්, ස්ථාවර නියෝග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, වරප්‍රසාද පනත් වැනි දේවල් බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහුට අසුන් පැනවීමේදී ද ඔහු සභාවට පිවිසීමට පහසුම ආකාරයෙන් සකස් කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළා. 

globalnewssrilanka


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.

- අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර


globalnewssrilanka


globalnewssrilanka

591 0 0 10 80

ඕස්ට්‍රේලියානු ගුවන් සේවය Jetstar නොවැම්බර් 21 වනදා කොළඹ සිට සිංගප්පූරුව දක්වා ගුවන් ගමන් අරඹයි. ගුවන් ටිකට්පත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා 30% සිට 50% දක්වා අඩුයි.

606 0 1 27 34

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවකයන් රජයෙන් විශාල ආයෝජනයක් ඉල්ලයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය
ගුවන් යානා ගණන: 22
සේවක සංඛ්යාව: 6000

සිංගප්පූරු ගුවන් සේවය
ගුවන් යානා ගණන: 148
සේවක සංඛ්යාව: 17000


විජිතට ඉන්දියාව සුබ පතයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස යළි පත් වූ විජිත හේරත්ට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සිය සුබ පැතුම් එක් කර තිබෙනවා.ඒ ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමින්.එමගින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසා ඇත්තේ මිත්‍රත්වයේ ඓතිහාසික බැඳීම් ශක්තිමත් කිරීමට තමන් සූදානම් බවයි.එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

globalnewssrilanka


Update 🚫

පස්සර මාරගයේ අළුත් ම තත්වය

සියළු තාක්ෂණික තත්ත්වයන් පරික්ෂාකර ගමනාගමනයට සුදුසු තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික උපදෙස් ලබා දුන් බවත් රාත්‍රී කාලයේදීත් එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අධ්‍යක්ෂකවරයා සඳහන්කර සිටියේ.

පාර විවර කරන තෙක් පයින් ගමන් කරන පුද්ගලයින්ට විටින් විට කරන අධීක්ෂණය යටතේ ගමන් කළ හැකි අතර සිකුරාදා වන විට මාර්ගය යථා තත්ත්වයට පත්කර ගැනීමට උපරිම උත්සාහ ගන්නා බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම පස්සර නගරයට ජලය සපයන පොම්පයටද හානි සිදුව ඇති අතර එයින් සිදුවෙන අපහසුතාවයන් මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති අතර ඇරඹීමට නියමිත උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් අපහසුතාවයට පත් නොවන අයුරින් මාර්ගය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

globalnewssrilanka


හෙරොයින් කිලෝ 46ක් සමග 5 දෙනෙකු නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 1152කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

globalnewssrilanka


කාර්මික දෝෂ සහ ගුවන් යානා හිඟය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද මේ දක්වා ගුවන් ගමන් 8 ක් අවලංගු කර ඇත. මගීන් කෝපයට පත් වී ඇත.


අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

http://sinhala.adaderana.lk/news.php?nid=203503


ජනපතිගේ ප්‍රථම විදේශ චාරිකාව ඉන්දියාවට

දෙසැම්බර් මස මැද භාගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක් සිදු කරන්නේ යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ, අද (නොවැ. 18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

globalnewssrilanka


මෝදිට ගෞරව නාමයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නයිජීරියාවේ ඉහළම ජාතික ගෞරව නාමය වන ග්‍රෑන්ඩ් කමාන්ඩර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද නයිජර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ නජිරියා සංචාරය අතරතුරයි

අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි  ප්‍රකාශ කළේ එම ගෞරවය ඉන්දීය-නයිජීරියාවේ උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ඔසවා තැබීමට තමාව දිරිමත් කරන බවයි.

ඔහු නයිජීරියාවේ රජයට සහ ජනතාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළා.

globalnewssrilanka


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.

globalnewssrilanka

20 ta oxirgi post ko‘rsatilgan.