Telegram Info Sinhala


Kanal geosi va tili: Shri-Lanka, Singalcha
Toifa: Telegram


@tginfo හි සිංහල අනුවාදයයි
සියලුම බීටා විස්තර සඳහා: @betainfosi
නිර්නාමික ලෙස ප්‍රතිචාර එවීම: @infowritebot
සියලුම සාකච්ඡා කිරීම්: @tginfosichat

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
Shri-Lanka, Singalcha
Statistika
Postlar filtri


Pavel Durov විසින් අනාගතයේ Telegram Platform එක තුළ සිදුවන වෙනස්කම් පිළිබදව Post එකක් ඔහුගේ Channel එකේ පළ කර ඇත :

ඔබ සැමගේ සහාය සහ ආදරය සඳහා ස්තුතියි! ❤️

පසුගිය මාසයේ මම පැරිසියට පැමිණීමෙන් පසු දින 4ක් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබුවා. ප්‍රංශ අධිකාරීන්ට Telegram වෙතින් ප්‍රතිචාර නොලැබුණු නිසා Telegram හි නීති විරෝධී භාවිතයන් සඳහා මම පුද්ගලිකව වගකිව යුතු විය හැකි බව මට දන්වා සිටියා.

මෙය කරුණු කිහිපයක් නිසා පුදුමයට කරුණක් වුණා:

1. Telegram සතුව EU හි නිල නියෝජිතයෙක් සිටින අතර ඔහු EU ඉල්ලීම් භාරගෙන පිළිතුරු සපයයි. එහි Email address එක "Telegram EU address for law enforcement" ලෙස Google කරන ඕනෑම EU පුද්ගලයෙකුට ප්‍රසිද්ධියේ ලබාගත හැකිය.

2. ප්‍රංශ අධිකාරීන්ට සහාය ඉල්ලා සිටීමට මා වෙත ළඟා වීමට බොහෝ ක්‍රම තිබුණි. ප්‍රංශ පුරවැසියෙකු ලෙස, මම ඩුබායි හි ප්‍රංශ තානාපති කාර්යාලයේ නිතර අමුත්තෙක් වුණා. මීට පෙර, ඉල්ලා සිටි විට, ප්‍රංශයේ ත්‍රස්තවාදී තර්ජනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට Telegram සමඟ හදිසි ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට මම පුද්ගලිකවම උදව් කළා.

3. රටක් අන්තර්ජාල සේවාවකින් අසතුටට පත්වන්නේ නම්, පිළිගත් පිළිවෙත වන්නේ සේවාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමයි. තෙවන පාර්ශ්වයන් විසින් ඔහු කළමනාකරණය කරන platform එකෙහි සිදු කරන අපරාධ සඳහා CEO වරයෙකුට චෝදනා කිරීමට pre-smartphone යුගයේ නීති භාවිතා කිරීම වැරදි ප්‍රවේශයකි. තාක්ෂණය නිර්මාණය කිරීම ඒ ආකාරයෙන්ම ඇත්තෙන්ම අපහසු කාර්යයකි. නවෝත්පාදකයන් තමා විසින් නිර්මාණය කරන Tools අවභාවිතා කිරීමේ හැකියාව සඳහා ඔවුන් පුද්ගලිකව වගකිව යුතු බව දන්නේ නම් කිසිදු නවෝත්පාදකයෙකු කවදාවත් නව Tools නිර්මාණය නොකරනු ඇත.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අතර නිවැරදි සමතුලිතතාවය ඇති කිරීම පහසු නොවේ. ඔබ පෞද්ගලිකත්ව නීති සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා අතර සහ දේශීය නීති සහ EU නීති අතර සමතුලිතතාවයක් ඇති කළ යුතුය. ඔබ තාක්ෂණික සීමාවන් සැලකිල්ලට ගත යුතුය. Platform එකක් ලෙස, ඔබේ ක්‍රියාවලීන් ගෝලීය වශයෙන් අඛණ්ඩ විය යුතු අතර, දුර්වල නීතියේ ආධිපත්‍යය සහිත රටවල ඒවා අවභාවිතා නොවන බව සහතික කිරීම ද සිදු කළ යුතුය. නිසි සමතුලිතතාවය සොයා ගැනීමට නියාමකයින් සමඟ සම්බන්ධ වීමට අපි කැපවී සිටිමු. ඔව්, අපි අපගේ මූලධර්මවලට අනුගත වෙමු: අපගේ අත්දැකීම් හැඩගැස්වී ඇත්තේ ඒකාධිපති පාලන තන්ත්‍රවල අපගේ පරිශීලකයින් ආරක්ෂා කිරීමේ අපගේ මෙහෙවර මගිනි. නමුත් අපි සංවාදයට සෑම විටම විවෘතව සිටියෙමු.

සමහර විට පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව අතර නිවැරදි සමතුලිතතාවය පිළිබඳව රටක නියාමකයා සමඟ අපට එකඟ විය නොහැකිය. එවැනි අවස්ථාවලදී, අපි එම රටින් ඉවත් වීමට සූදානම්ය. අපි එය බොහෝ වාරයක් කර තිබෙනවා. රුසියාව අධීක්ෂණය සඳහා "encryption keys" භාර දෙන ලෙස ඉල්ලා සිටි විට, අපි ප්‍රතික්ෂේප කළා - එවිට Telegram රුසියාවේ තහනම් වුණා. ඉරානය සාමකාමී විරෝධතාකරුවන්ගේ channels අවහිර කරන ලෙස ඉල්ලා සිටි විට, අපි ප්‍රතික්ෂේප කළා - එවිට Telegram ඉරානයේ තහනම් වුණා. අපගේ මූලධර්මවලට අනුකූල නොවන වෙළඳපොළවලින් ඉවත් වීමට අපි සූදානම්, මන්ද අපි මෙය මුදල් සඳහා නොකරන නිසාය. අපි පොළඹවා ඇත්තේ යහපත ගෙන ඒමේ සහ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අදහසින් ය; විශේෂයෙන් මෙම අයිතිවාසිකම් උල්ලංඝනය වන ස්ථානවලය.

ඒ සියල්ල Telegram පරිපූර්ණ බව අදහස් නොකරයි. බලධාරීන්ට ඉල්ලීම් යැවිය යුතු ස්ථානය පිළිබඳව වැරදි අවබෝධයක් ඇති වීමේ ගැටලුව අපි වැඩිදියුණු කළ යුතු දෙයකි. නමුත් Telegram යනු කිසියම් ආකාරයක අරාජික ස්වර්ගයක් බව සමහර මාධ්‍යවල ප්‍රකාශ කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍යයි. අපි දිනපතා හානිකර පොස්ට් සහ channels මිලියන ගණනක් ඉවත් කරනවා. අපි දිනපතා විනිවිදභාවය පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් කරනවා (මෙය හෝ මෙය වැනි). හදිසි moderation ඉල්ලීම් වඩාත් වේගයෙන් සැකසීම සඳහා අපට NGO සමඟ සෘජු හදිසි ඇමතුම් අංක ඇත.

කෙසේ වෙතත්, එය ප්‍රමාණවත් නොවන බවට පවසන කතා අපට ඇසෙනවා. Telegram හි පරිශීලකයින් සංඛ්‍යාව growing pains සමඟින් මිලියන 950 දක්වා හදිසි වැඩිවීම නිසා එමඟින් අපරාධකරුවන්ට අපගේ platform එක අවභාවිතා කිරීම පහසු විය. ඒ නිසා මෙම සම්බන්ධයෙන් කරුණු සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම මාගේ පෞද්ගලික ඉලක්කය බවට පත් කරගත්තා. අපි දැනටමත් අභ්‍යන්තරව එම ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, ඉතා ඉක්මනින් අපගේ ප්‍රගතිය පිළිබඳ වැඩි විස්තර මම ඔබ සමඟ බෙදා ගන්නම්.

අගෝස්තු මාසයේ සිදු වූ සිදුවීම් Telegram සහ සමස්ත සමාජ ජාල කර්මාන්තයම ආරක්ෂිත සහ ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. නැවතත් ඔබේ ආදරය සහ memes සඳහා ස්තුතියි 🙏

#arrest


Telegram Ads සඳහා ඡායාරූප සහ වීඩියෝ පල කිරීමේ පහසුකම

වෙළඳ ප්‍රචාරණ ආයතනවලට මේ වනවිට ඔවුන්ගේ දැන්වීම්වල ඡායාරූප සහ වීඩියෝ ඇතුළත් කිරීමේ පහසුකම එක් කර ඇත.

අවම අයවැය Photo Banner සඳහා මසකට € 20,000 (ශ්‍රී ලංකා රු. 6633800.00), වීඩියෝ සඳහා මසකට € 20,000 හෝ දෙකම සඳහා මසකට € 30,000 (ශ්‍රී ලංකා රු. 9950700.00) වේ.

අප්‍රේල් මාසයේදී, advertising platform එක ඡායාරූප සහ carousels සඳහා සහය දක්වන බවට පැතිර යන කටකතා අපි පුවතක් ලෙස පල නොකල අතර, ඒ වන විට Telegram වෙත සමීප මූලාශ්‍රයක් ප්‍රකාශ කළේ media සහ carousels එකතු කිරීමට එවැනි සැලසුම් නොමැති බවයි; කෙසේ වෙතත්, මේ වනවිට media හඳුන්වා දී ඇති, නමුත් අප කලින් සඳහන් කළ පරිදි carousels හඳුන්වා දී නොමැත.

#ads #TelegramAds


People Nearby සහ Groups Nearby පහසුකම නොපෙනී යයි.

අපගේ පරිශීලකයින් වාර්තා කරන පරිදි "People Nearby" යන section එකෙන් People Nearby සහ Groups Nearby යන දෙකම මේ වන විට දක්නට නොලැබේ..

@tginfo කණ්ඩායමට මෙය පැරීසියේ මෑත සිදුවීම්වලට සම්බන්ධද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත.

Update
ඔබේ Contact List එකට එකතු කර ඇති පුද්ගලයන් තවදුරටත් 'People Nearby' කොටසේ දැකිය හැකි අතර, එසේ සිදුවීමට නන් ඔවුන් "Make myself visible" යන්න On කර තිබිය යුතුය.

Update සැප්තැම්බර් 5
Telegram Beta 11.1 වෙතින් "People Nearby" පහසුකම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත

#outage #peoplenearby


Pavel Durovට චෝදනා එල්ල වී ඇති අතර ප්‍රංශයේ රැඳී සිටිය යුතුය.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්, මුදල් විශුද්ධිකරණය සහ බලධාරීන්ගේ ඉල්ලීම මත දත්ත සැපයීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් Pavel Durovට චෝදනා එල්ල වී තිබේ. මෙම තොරතුරු ප්‍රංශ නඩු පවරන්නාගෙ කාර්යාලයෙන් "Novaya Gazeta Europe" විසින් ලබාගත් මාධ්‍ය නිවේදනයක හෙළි කර ඇත.

මෙම චෝදනා හේතුවෙන්, Durov දැන් අධිකරණ අධීක්ෂණය යටතේ සිටී: ඔහුට ප්‍රංශයෙන් පිටවීම තහනම් කර ඇති අතර යූරෝ මිලියන 5ක ඇපයක් නියම කර ඇත. ඔහු ඇප මත නිදහස් කෙරෙනු ඇති නමුත් සතියකට දෙවරක් පොලිස් ස්ථානයකට පෞද්ගලිකව වාර්තා කළ යුතුය.

චෝදනා ලැයිස්තුවට අපරාධ හයක් ඇතුළත් වේ:
• සංවිධානාත්මක කණ්ඩායමක කොටසක් ලෙස නීති විරෝධී ගනුදෙනු සඳහා භාවිතා කරන මාර්ගගත වේදිකාවක් කළමනාකරණය කිරීමට කටයුතු කිරීම;
• නීත්‍යානුකූල wiretapping(රහසිගතව සංවාද වලට සවන් දීම හෝ පටිගත කිරීම) සඳහා අවශ්‍ය තොරතුරු හෝ ලේඛන, බලය ලත් ආයතන විසින් ඉල්ලා සිටින විට ඒවා සැපයීම ප්‍රතික්ෂේප කිරීම;
• ළමා කාමුක දර්ශන බෙදා හැරීම, මත්ද්‍රව්‍ය ජාවාරම්, වංචා සහ වෙනත් අපරාධ ක්‍රියාකාරකම්වල නියැලී සිටින පරිශීලකයින්ට Telegram ප්‍රවේශය ලබා දීමෙන් අපරාධවලට සහාය වීම;
• සංවිධානාත්මක කණ්ඩායමක කොටසක් ලෙස අපරාධ හෝ වැරදි වලින් ලැබෙන මුදල් විශුද්ධිකරණය කිරීම;
• නිසි ප්‍රකාශනයකින් තොරව cryptographic සේවා සැපයීම;
• පූර්ව ප්‍රකාශනයකින් තොරව රහස්‍යභාවය සහතික කිරීම සඳහා cryptographic මෙවලම් ආනයනය කිරීම.

#arrest




එමැනුවෙල් මැක්‍රොන් සඳහන් කරන නීතිමය රාමුව කුමක්ද?


ප්‍රංශ නඩු පවරන්නාගෙ කාර්යාලයේ මාධ්‍ය නිවේදනයේ සම්පූර්ණ අනුවාදය අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කර ඇත. ලේඛනය ප්‍රංශ භාෂාවෙන් ලියා ඇති අතර, @tginfo කතෘවරුන් එය සමාලෝචනය කිරීම සඳහා පරිවර්තකයෙකු භාවිතා කර ඇත.

විධිමත්ව, නඩුව ආරම්භ කර ඇත්තේ හඳුනා නොගත් පුද්ගලයෙකුට එරෙහිවයි. ඔහුට විවිධ නීති උල්ලංඝනය කිරීම්වලට සහාය වීමේ චෝදනා එල්ල වී ඇත.

ප්‍රංශ රජය පවසන්නේ Pavel Durov අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රංශ නීතිමය රාමුව යටතේ බවයි. අත්අඩංගුවට ගැනීමේ අරමුණ වන්නේ Durovගෙන් ප්‍රශ්න කිරීමයි.

මෙම නඩුව තවමත් මුල් අදියරේ පවතින බැවින් හඳුනාගත් කිසිඳු පුද්ගලයෙකුට එරෙහිව තවමත් චෝදනා ගොනු කර නොමැත. ප්‍රශ්න කිරීම ප්‍රමාණවත් හේතු සපයන්නේ නම්, @tginfo සංස්කාරකවරුන් විශ්වාස කරන්නේ Pavel Durov සාක්ෂිකරුවෙකු වීමේ සිට සැකකරුවෙකුට මාරු විය හැකි බවයි.

අගෝස්තු 28 දිනට Pavel Durovට එරෙහිව විධිමත් චෝදනා ගොනු නොකළහොත් ඔහු අත්අඩංගුවේ සිට නිදහස් කළ යුතුය.

කලින් සඳහන් කළ චෝදනාවලට අමතරව, සම්පූර්ණ ලේඛනයේ පහත සඳහන් චෝදනා ඇතුළත් වේ:

• සංවිධානාත්මක කණ්ඩායමක කොටසක් ලෙස අපරාධ හෝ වැරදි වලින් මුදල් විශුද්ධිකරණය
• නිසි දැනුම්දීමකින් තොරව රහස්‍යභාවය සහතික කිරීමට අදහස් කරන ගුප්ත ලේඛන සේවා සැපයීම
• පූර්ව දැනුම්දීමකින් තොරව සත්‍යාපනය හෝ අඛණ්ඩතාව පරීක්ෂා කිරීම සඳහා පමණක් භාවිතා නොකරන ගුප්ත ලේඛන මෙවලම් සැපයීම
• පූර්ව දැනුම්දීමකින් තොරව සත්‍යාපනය හෝ අඛණ්ඩතාව පරීක්ෂා කිරීම සඳහා පමණක් භාවිතා නොකරන ගුප්ත ලේඛන මෙවලම් ආනයනය කිරීම

#arrest


Pavel Durovට අපරාධ 12ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.

“Novaya Gazeta Europe” විසින් ප්‍රංශ නඩු පවරන්නාගෙ කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයකට ප්‍රවේශය ලබාගෙන ඇති අතර, චෝදනා ලැබූ වැරදි කිහිපයක් පහත පරිදි හෙළි කර ඇත:

සංවිධානාත්මක කණ්ඩායම්වලට නීති විරෝධී ගනුදෙනු සිදු කිරීම සඳහා අන්තර්ජාල වේදිකාවක් පරිපාලනය කරමින් සහාය දැක්වීම
• විමර්ශන හා නඩු පැවරීම සඳහා අවශ්‍ය තොරතුරු හෝ ලේඛන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.
• ළමා කාමුක දර්ශන ගබඩා කිරීමට සහය දැක්වීම.
• මත්ද්‍රව්‍ය බෙදාහැරීමට සහය දැක්වීම.
• සයිබර් අපරාධවලට සහය දැක්වීම.
• සංවිධානාත්මක අපරාධ කන්ඩායම් විසින් සිදු කරන ලද වංචාවලට සහය දැක්වීම.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සියක් වන TASS, වාර්තා කරන්නෙ Pavel Durov ට එරෙහිව විමර්ශනය ජූලි 8 වන දින ආරම්භ වූ බවයි. ඒජන්සියේ තොරතුරු අනුව, Pavel Durov අගෝස්තු 28 වන තෙක් රඳවා තබා ගැනීමට හැකි වනු ඇත.

එමැනුවෙල් මැක්‍රොන් සමස්ත ප්‍රංශ රජයෙන්ම නිල ප්‍රකාශයක් නිකුත් කළ පළමු පුද්ගලයා වූ අතර, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය අවධාරණය කරමින් Pavel Durovගේ අත්අඩංගුවට ගැනීමට දේශපාලනික බලපෑමක් නොමැති බවත්, පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීතිමය රාමුවට අනුකූලව සිදු කර ඇති බවත් අවධාරණය කළේය.

RIA Novosti ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, යුරෝපා කොමිසම පවසා ඇත්තේ ඔවුන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත්, ප්‍රංශ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයද මෙම සිදුවීම නිරීක්ෂණය කරමින් සිටින නමුත්, තවමත් අදහස් දැක්වීමක් නොමැති බව මහ ලේකම්වරයාගේ කාර්යාලය පවසා ඇත. මීට පෙර, TASS ප්‍රවෘත්ති ඒජන්සියේ විමසීමකට පිළිතුරු දෙමින්, යුරෝපා කොමිසම අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත: "මෙය ජාතික පරීක්ෂණයකි, අපි ඒ ගැන අදහස් දැක්වීමට අදහස් නොකරන අතර, ඔබ ප්‍රංශ බලධාරීන් අමතන්න."

UPD

#arrest


ප්‍රංශය Pavel Durovගේ අත්අඩංගුවට ගැනීම දීර්ඝ කරයි

ප්‍රංශ පුවත් ඒජන්සියක් වන AFP වාර්තා කළ පරිදි, පැරිසියේ ගුවන් තොටුපොළක දී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉරිදා දින Telegram නිර්මාතෘ Pavel Durovගේ රඳවා තබා ගැනීම ප්‍රංශ අධිකරණ බලධාරීන් දීර්ඝ කළේය.

ප්‍රශ්න කිරීම සඳහා මූලික රඳවා ගැනීමේ කාලය පැය 96 දක්වා පැවතිය හැකිය.මෙම අදියර අවසන් වූ පසු, ඔහු නිදහස් කිරීමට හෝ චෝදනා එල්ල කර රඳවා තබා ගැනීමට විනිසුරුවරයෙකු තීරණය කරනු ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන්, Telegram ආයතනය පැවසුවේ "Telegram හි CEO Pavel Durovට සඟවන්නට කිසිවක් නැති අතර ඔහු නිතර යුරෝපයේ සංචාරය කරන” බවයි.

"යුරෝපා සංගමයේ ඇති Digital Services පනත ඇතුළුව අනෙකුත් නීති Telegram ආයතනය අනුගමනය කරයි. Telegram තුළ තිබෙන Content කළමනාකරණය කරන හා පාලනය කරන ආකාරය (මධ්‍යස්ථභාවය) සිදුවන්නේ මෙම ක්ෂේත්‍රයේ සම්මත ප්‍රමිතීන්වලට අනුකූලව වේ." ටෙලිග්‍රෑම් සමාගම වැඩිදුරටත් පැවසීය. "Platform එකක් හෝ එහි හිමිකරු එම Platform එක අනිසි ලෙස භාවිතා කිරීම සඳහා වගකිව යුතු යැයි පැවසීම හාස්‍යජනකය."

#arrest


Pavel Durov අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාධ්‍ය වෙත නිකුත් කරන නිල නිවේදනය සඳුදා දින බලාපොරොත්තු වේ.

ප්‍රංශ රජය සහ Telegram ආයතනය තවදුරටත් Durov අත්අඩංගුවට ගැනීම පිළිබඳව නිශ්ශබ්දව සිටීමට කටයුතු කරයි.

Telegram ආයතනයේ නිර්මාතෘ Pavel Durovගේ නඩුව හසුරුවන පැරීසියේ නඩු පවරන්නාගෙ කාර්යාලය අගෝස්තු 26 වන සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු සූදානම් කරන බව, නඩු පවරන්නාගෙ කාර්යාලය විසින් TASS වෙත වාර්තා කර ඇත.


වත්මන් තත්වයට අදාළව ලැබෙන තොරතුරු සියල්ලම ප්‍රංශ මාධ්‍ය තුළ ඇති නිර්නාමික මූලාශ්‍ර මඟින් පැමිණි තොරතුරු වේ.

ප්‍රංශ මාධ්‍ය උපුටා දක්වමින් Reuters වාර්තා කරන්නේ Durovට අද දින ඇතුළත දී චෝදනා එල්ල විය හැකි බවයි.

#arrest


Pavel Durov ප්‍රංශ ගුවන්තොටුපළෙහිදී අත්අත්අඩංගුවට

TF1 නම් වූ දේශීය නාලිකාවට අනුව Pavel Durov, Paris-Le Bourget ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙය සිදු කිරීමට හේතුව තවම තහවුරු කර නොමැති වූවද දැනට සැලකෙන්නේ Durov ප්‍රංශ ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් නොසිටීමත්, ඒ හේතුව නිසාම ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල අපරාධවල හවුල්කරුවෙකු බවට පත් වීමත් වේ.

Update - 23:20 UTC


TF1 විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව BFM Network විසින් තහවුරු කරන ලදී.

TF1 වාර්තාවට අනුව, Pavel Durov අසර්බයිජානයේ සිට පැරීසියට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 11.30ට පමණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ටෙලිග්‍රෑම් තුල ප්‍රමාණවත් තරම් moderators සංඛ්‍යාවක් සේවයේ යොදවා ගැනීමට අපොහොසත් වීම නිසා එහි නීතිවිරෝධී ක්‍රියාකාරකම් පාලනයකින් තොරව ව්‍යාප්ත වීමට එය හේතු වේද නැද්ද යන්න පිලිබදව එහිදී විමර්ශනය කෙරෙන බවට වාර්තා වේ.

Reuters වෙතින් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීම්වලට තවමත් ටෙලිග්‍රෑම් ආයතනය ප්‍රතිචාර දක්වා නොමැති අතර ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන්ද මේ වනතෙක් කිසිදු පිලිතුරක් ලැබී නොමැත.

#arrest

3.4k 1 19 14 11

සියලු පරිශීලකයින් සඳහා ටෙලිග්‍රෑම් ගිණුමේ Lifetime එක වැඩි කරයි.

Android සඳහා ටෙලිග්‍රාම් බීටා 11.0.1 අනුවාදය භාවිතා කරන්නන්ට දැන් ඔවුන් inactivity අවස්ථාවකදී ඔවුන්ගේ ගිණුමේ ස්වයංක්‍රීය මකාදැමීමේ කාලය වසර 1.5 දක්වා සැකසීමේ හැකියාව ලබා දී ඇත.

මෑතකදී, Telegram කණ්ඩායම විසින් ස්වයංක්‍රීයව ගිණුම්වල ආයු කාලය Default ලෙස වසර 1.5 ලෙස සකස් කිරීමක් සිදු විණි. මීට පෙර, උපරිම කාලය වසර 1 කි.

#Android


නව ගිණුම් වල Default Lifetime එක වසර 1½ දක්වා වැඩි කර ඇත

අපගේ පරිශීලකයින් වාර්තා කරන පරිදි 2022 හෝ ඊට පසුව සාදන ලද සමහර ගිණුම්වල default privacy setting හි අඩංගු "Delete my account if away for" යන්න මේ වන විට දින 548 හෝ වසර එකහමාරකට සකසා ඇත.

මෙම සැකසුම ටෙලිග්‍රෑම් මගින් default settings ආකාරයෙන් සකසා ඇති අතර, යම් පරිශීලකයෙකු එය manually වෙනස් කිරීමට උත්සාහ කිරීමේදි වසරකට වඩා වැඩි කාලයක් සදහා ඔහු එය වෙනස් කරන්නේ නම්, එය සකස් කිරීමට ඉඩ ලබා නොදෙයි.

පැරණි ගිණුම් සඳහා, කිසිවක් වෙනස් වී නැත.

@tginfo editor කණ්ඩායමට නව ගිණුම් සඳහා ස්වයංක්‍රීය මකාදැමීමේ කාලසීමාව වසර එකහමාරක් ලෙස වෙනස් කලේ කවදාද යන්න පිලිබදව කිසිදු තොරතුරක් නොමැත. නව හෝ පැරණි ගිණුම් හිමිකරුවන්ට අනාගතයේදී එවැනි කාල සීමාවක් ඔවුන්ගේ settings තුළ සැකසීමට හැකි වනු ඇත. මීට අමතරව, මෙම වෙනස සියලුම නව ගිණුම් වලට බලපාන්නේ දැයි අපි නොදනිමු.

පෙර, මෙම සැකසුමෙහි default කාල සීමාව ලෙස සඳහන්ව තිබුණේ මාස 6ක කාල සීමාවක් බව ඔබට මතක් කල යුතු වේ.


Telegram Desktop 5.4.1 වන අනුවාදයට යාවත්කාලීන කර ඇත.

What's new:
• Fixed a crash when sending a star reaction in comments;
• Fixed issues with the channel list in super channels;
• Star reactions are now always displayed first in the reactions list;
• Paid invite links in groups have been removed.

Download:
• Windows: from the official website or GitHub.
• macOS: App Store.

#update #desktop #macOS


Bots සඳහා Standard Privacy Policy

ජූලි මස මුලදී, සියලුම බොට් සහ Mini Appsවලට පරිශීලක දත්ත හසුරුවන ආකාරය විස්තර කරන Privacy Policy එකක් සැපයීමට සිදු විය.

පෙර දිනයකදී, Telegram විසින් Standard Privacy Policy එකක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එය සියලුම bots සහ තමන්ගේම කියා Privacy Policiy එකක් නැති mini apps සඳහා අදාළ වේ. මෙම ප්‍රතිපත්තිය Telegramහි බොහෝ Appsවල දත්ත හැසිරවීමේ භාවිතයන්, developerවරුන්ට ඒ සඳහා අනුකුල වීම සරල කිරීම සහ පරිශීලකයින් සඳහා විනිවිදභාවය එක් කිරීම පුළුල් ලෙස ආවරණය කරයි.

මීට අමතරව, developerවරුන්ට දැන් @BotFather bot තුළ සෘජුවම තමන්ගේම Privacy Policy එකක් සැකසිය හැක. මෙම ප්‍රතිපත්තිය පරිශීලකයින්ට ඔවුන්ගේ Mini Appsවල Settings Menu එකෙහි ඇති විශේෂ Button එකක් හරහා ලබා ගත හැකිය.

Bot Developer Termsවල 4 වැනි කොටස තුළ වැඩිදුර තොරතුරු සොයා ගත හැක.

#bots


Bot API 7.9

Star Subsciptions හඳුන්වා දීම ⭐️ - subsciption මත පදනම් වූ invite links කළමනාකරණය කිරීමට බොට් හට හැකියාව ලබා දී ඇත.
• බොට්වරුන් හට දැන් ව්‍යාපාර ගිණුම් ඇතුළුව ඕනෑම සංවාදයකට Paid Media යැවිය හැක.
සුපිරි නාලිකා සඳහා සහය එක් කරන ලදී - ඇඩ්මින්වරුන්ට ඔවුන්ගේම profile එක හරහා හෝ නාලිකා ලෙස අදාළ නාලිකාව තුල post කළ හැක.

සහ තවත්, විස්තර සඳහා සම්පූර්ණ changelog බලන්න: https://core.telegram.org/bots/api-changelog#august-14-2024


Telegram Desktop 5.4.0 වන අනුවාදයට යාවත්කාලීන කර ඇත.

What's new:
Channel එකෙහි Post එකක් යවන්නා තෝරා ගැනීම.
Channels සඳහා Star Reactions.
Paid Channel Subscriptions.

Download
• MS Windows: the official website or GitHub.
• macOS: App Store.

#update #desktop #macOS


Android සහ iOS සඳහා Telegram 11.0 අනුවාදයට යාවත්කාලීන කර ඇත.

පහත විශේෂාංග හඳුන්වා දී ඇත:

Channels සඳහා Star Reactions : නාලිකා ඇඩ්මින්වරුන්ට දැන් Star Reactions සක්‍රිය කළ හැකි අතර subscribers සතුව ඇති Stars වලින් Post වලට Reactions ලෙස යැවිය හැක. පරිශීලකයා සතු Stars වලින් ඕනෑම ප්‍රමාණයක්, ඕනෑම Post එකකට Reaction දැක්වීමට භාවිතා කළ හැක. React කළ පරිශීලකයා කැමති නම්, ඒවා වෙනත් අයට ද දැකගති හැකි වන සේ සැකසීමට ඉඩ ලබා දිය හැක.

Paid Channel Subscriptions: Private Channelවල ඇඩ්මින්වරුන්ට paid invitation link එකක් සාදා එයට subscription fee එකක් නියම කළ හැක. මෙම Link එක භාවිතයෙන් Channel එක Subscribe කිරීමට කැමති ඕනෑම පරිශීලකයෙකුට Subscribe කළ පසු මෙම ගාස්තුව ගෙවීමට සිදුවන අතර පසුව ඔවුන්ගේ Subscription එක අලුත් කිරීම සඳහා එයට මාසිකව ගෙවීම දිගටම කරගෙන යාමට සිදුවනු ඇත.

Channel එකෙහි Post එකක් යවන්නා තෝරා ගැනීම: Channelවල ඇඩ්මින්වරුන්ට දැන් Post පළ කරන්නේ කාගේ නමින්ද යන්න තෝරා ගත හැකිය. author selection menu එකෙහි ඇඩ්මින්ගේ පුද්ගලික ගිණුම, වත්මන් Channel එක සහ ඇඩ්මින් සතු අනෙකුත් සියලුම Public Channels පෙන්වනු ලැබේ. “Administrators” කොටසේ නව "Show Authors’ Profiles" Option එක මඟින් යවන්නන්ගේ Profile Picture එක Channel එකෙහි Postවල වම් පසින් ප්‍රදර්ශනය කිරීමට ඉඩ සලසා ඇත. කලින් Channel එකෙහි Settings වල තිබූ "Sign Messages" Option එක දැන් මෙම කොටසේ ඇත.

සංවේදී අන්තර්ගතයන්(Sensitive Content) පෙන්වීම : Android පරිශීලකයින්ට දැන් "Chat Settings" තුළ සංවේදී අන්තර්ගතයන් පෙන්වීම සක්‍රිය කිරීමට Option එකක් ඇත. මීට පෙර, මෙම Option එක ලබා ගත හැකි වූයේ Telegram, Desktop වෙබ් ‍යෙදුම් තුළ, "Privacy"‍යන කොටසේය.

එමෙන්ම, බොට් තුල දැන් Paid Media පළ කළ හැකි අතර, iOS Users හට .pdf, .xls, and .docx යන documents types in-app browser එකෙන්ම බැලීමට පුලුවන.


Blog: https://telegram.org/blog/superchannels-star-reactions-subscriptions

Android: Google Play, නිල වෙබ් අඩවියෙන් APK, හෝ Verified Channel එකෙන්.
iOS: App Store.
macOS: App Store.

#update #Android #iOS #macOS


සිංහල භාෂාවෙන් TON පිළිබඳව කෙරෙන විශේෂ සාකච්ඡාව

TON Society Sri Lanka මගින් සිදු කරන ප්‍රථම සිංහල Twitter Space සාකච්ඡාව අද රාත්‍රී 9.00 ට TON Society Sri Lanka Twitter ගිණුම හරහා පැවැත්වීමට නියමිතව ඇත. මෙය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත TON පිලිබදව මූලික හැදින්වීමේ අරමුණින් පවත්වනු ලබන අතර මෙය සඳහා සහභාගී වන සෑම පරිශීලකයෙකු වෙතම SBT එකක් TON Society හරහා ලබා ගැනීමට හැකියාව ලැබේ.

TON Twitter Space එක සමග සම්බන්ධ වන්න - https://x.com/i/spaces/1LyxBgVqlvnKN

#tonsociety #ton
#tonlk


Telegramහි උපන්දිනයේදී Pavel Durov

Pavel Durov Telegram හි 11 වන උපන්දිනය සම්බන්ධයෙන් ඔහුගේ නාලිකාවේ නව සටහනක් තබා ඇත.


තුර්කියේ සිදු කිරීමට සැරසෙන Telegram තහනම පිළිබඳ කටකතා සම්බන්ධව

තුර්කි පුවත්පතක් වන Sabah ට අනුව, Instagram තහනම් කළ ආකාරයෙන්ම Telegram ද තුර්කිය තුල තහනම් කළ හැකි බව සඳහන් වේ.

මෙවැනි තහනමක් පැනවීමට පියවර ගැනීම සඳහා ඔවුන්ගේ තර්කය වන්නේ තුර්කි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධිකාරිය Telegram ආයතනය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද Telegramහි අවධානය ඔවුන්ට නොලැබුණ බවය.

මීට දින කිහිපයකට පෙර Instagram ද එම හේතුව නිසා එහි තහනම් කර ඇත. අගෝස්තු 10 වන දින UTC වෙලාවෙන් 18:30 සිට, එම තහනම ක්‍රමයෙන් ඉවත් වෙමින් පවතී.

#Bans

20 ta oxirgi post ko‘rsatilgan.