Photo එක දැක්ක ගමන් බය වෙන්න එපා ළමයි මේක 2024.04.11 පරණ මතකයක්. ඔයාටත් මේකෙන් ගන්න ගොඩක් දේවල් තියේවි
2024 කියන්නෙම මට නම් හිතා ගන්න බැරි අවුරුද්දක්.
මාරම දේවල් ගොඩක් එක එක ළඟ උන අවුරුද්දක්. මාරම කිව්වට ගොඩක් දේවල් මට උන ඇබැද්දි තමා.
හැබැයි තාමත් අල්ලගෙන ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.
මුලින්ම දෙයියනේ කියල ගත්ත වාහනෙ අවුරුද්දෙ මුලම Condem වෙන්නම හැප්පිල යකඩ වලට විකුණන්න උනා. පණ පිටින් ඉතුරු උන එක ගැන බලාගෙන හිටපු ගොඩක් අය අදටත් පුදුම වෙනව. ගොඩක්ම සතුටු පණ්ඩිත මම Third party දාලා පැද්දෙ 😂
අවුරුද්දෙ මැදක් වෙද්දි ලක්ෂ ගානක් වියදම් කරල තනිකරම මගෙ තදියමට ගැම්මෙන් පටන් ගත්ත Press එක ඩාම් ඩූම් වෙලාම ගියා 🫡
ඔය අස්සෙ ඕවත් එක්ක ආව Stress ඔක්කොමත් එක්ක කර ගන්න හිතන් හිටපු වැඩ හිතපු තරම්ම කර ගන්න බැරි උනා
හැබැයි ඉතින් 2024 කියන අවුරුද්දට මම ගොඩක් ස්තූති වෙනව මොකද ලක්ෂ ගානක් පාඩු උනත් මම කෝටි ගානක අත්දැකීම් ගත්තා. හදිසි තීරණ සහ විපාක තමා ඉතින් Theme එක.
අවුරුදු 23 ක් මම ඉගෙන ගත්තෙ නැති දේවල් ගොඩක් එක අවුරුද්දකින් ඉගෙන ගත්තා.
ඒ අතරින් තදින්ම තේරුනේ...නැහිල නැහිල ගොඩ නගපු හැම දෙයක්ම නැති වෙන්න අසුරු සැනක් ඇති කියන එක.
ඉතින් සතුටුයි මේ වැරදුනු හැම දේම Reverse කරන්න මම කියන කෙනා තාම ඉන්නවනෙ.එකින් එක කරදර එද්දි මට වචනෙන් හරි උදව් කරපු අයගෙ ඉදන් තවත් පහළට දාපු හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනව හදවතින්ම. ✨
"වාහනෙක උනත් තියෙන්නෙ Reverse ගියර් එකයි අනිත් ඔක්කොම Forward ගියර්."
"ECG එක උනත් කෙළින් ඉරක් කියන්නෙ මළ මිනිහෙක්නෙ. වටින්නේ Up & Down එක්ක විචලනය වෙන ECG එකනෙ."
ළමයි මේක මතක තියාගන්නදෛවය උබලව උස්සල පොළොවෙ ගහයි...හැබැයි ඔයා ආයෙ නැගිටින්න කලින්ටත් වඩා ගැම්මෙන්
2024 අමිහිරි හැමදේමත් එක්ක අංශු මාත්‍රයත් වෙච්ච හොඳත් අරගෙන ලස්සන වෙයි කියල හිතෙන 2025 එනකන් මග බලාගෙන ඉන්නව නැති උන මාව හොයාගන්න ❤️