💡
මෙහෙවර by Amila Dasanayake (echem Edu)
පන්තියක් වශයෙන් මේ වෙනකන් අපි විවිධ අපහසුතා, ප්‍රශ්නත් එක්ක තමන්ගේ ජීවිතේ හදාගන්න මහන්සි වෙන ළමයි වෙනුවෙන් විවිධ විදි වලින් උදව්කරගෙන යම් ගමනක් ඇවිත් තියෙනවා. මේ එන සැප්තැම්බර් 5 වෙනිදාට ඒ ගමනේ අවුරුදු 3 සම්පූර්ණ වෙනවා. සාපේක්ෂව කෙටි කාලයක් වුණත් 2018 සැප්තැම්බර් 5 සිසුන් 6කින් පටන්ගත්ත අපේ පන්තිය අවුරුදු 2යි මාස 11ක් වෙනකොට වෙන්නත් ඉස්සරම සිසුන් 1000 සීමාව පහුකරන්නේ කෙටි කාලයක් තුළ වුණත් ළමයින්ගේ ඇතුලේ ලොකු විශ්වාසයක් හදන්න අපි සමත් වෙලා තියෙන නිසා වෙන්න ඕන. ගුරු ජීවිතේට අවුරුදු 3ක් පිරෙන මේ වෙලාවේ තවදුරටත් සමාජයට අපෙන් වෙන්න ඕන යුතුකම ඉෂ්ට කරන්න අලුත් project එකක් පටන්ගන්න අපි හිතුවා. ඒ තමයි
"මෙහෙවර".
මුදල් ගෙවලා පන්ති එන්න බැරි සිසුන් වෙනුවෙන් හැම මාසෙකටම යම් යම් පාඩම් free seminars විදියට නොමිලේ උගන්නන එක, මාසිකව පන්ති බලන්න ඕන කරන reload එකක් දාගන්න අපහසු සිසුන්ට ඒ වෙනුවෙන් fund එකක් හදන එක, පන්ති බලන්න device එකක් නැති තරමටම අසරණ වෙලා ඉන්න ළමයින්ට ඒකට අවශ්‍ය device එකක් ගන්න උදව් කරන එක වගේ තැන ඉඳලා තවත් අපිට කරන්න පුළුවන් විවිධ විදි වලට මිනිස්සුන්ට උදව් කරන්න සැලසුම් කරපු project එකක් මේක.
පළවෙනි අදියර වශයෙන් අපි හිතුවේ හැම මාසෙකම ක්‍රියාත්මක වෙන free seminar series එකක් සහ 2021 තව මාස 2කින් විභාගයට යන්න ඉන්න ළමයින්ට ගොඩක්ම අමාරු විෂය කොටස් වලට, අඩු කාලයකින් වැඩි කොටසක් ආවරණය වෙන විදියේ Smart Video Series එකක් කරන්න. ඒ සමගාමීව යන Motivational Programmes කිහිපයකුත් මේකට එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. Chemistry වලින් පටන්ගත්තත් අනිත් subjects වලටත් මේ විදියට උදව් කරන්න අපි උත්සහ කරනවා
කිසිම මූල්‍යමය ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී කරන දෙයක් මේක. අපි මේ පටන්ගන්න project එක සාර්ථක වෙන්නේ ළමයි ඒකෙන් ප්‍රයෝජන ගන්න තරමටම විතරයි. හැකිතරම් තමන්ගේ මිතුරන්ව මේ ගැන දැනුවත් කරන්න. දැනුවත් කිරීම් කරන්න සහ videos සිසුන් වෙත ලබා දෙන්න සකස් කරපු telegram channel එකේ link එක පහළින් තියෙනවා. හැකිතරම් තමන්ගේ යාලුවන්ට ඒ link එක share කරන්න. පුළුවන් තරම් තවත් කෙනෙක්ට උදව්වක් කරන්න උත්සහ කරන්න. මේ රට හදන්න ඕන නම් අපි එකිනෙකාට අසීමිත විදියට උදව් කරන්න ඕන. හැමෝම එකට දිනන විදියට වැඩ කරන්න ඕන. හැමෝම අපිට පුළුවන් විදියට එකිනෙකාට උදව් කරගෙන මේ ගමන යමු.
ජය✌️
අමිල දසනායක
🔴 Telegram Channel link: https://t.me/echemmehewara