ආදරේද ?
උසම උස බිල්ඩින් ගොඩක් මැදින්,අම්මගෙයි තාත්තාගෙයි අත් වලට මැදිවෙලා ඇවිදගෙන එන අවුරුදු 17ක හිතක් , ඇහැල මල් වැටුනු කාපට් පාරෙ හැඩ බලනවා ඒ හිතට හරි අමුතුයි, ගමේ ඉස්කෝලේ වගේ නෙවෙයි මෙහෙ,ගමේ ඉස්කෝලේ තිබුනේ දම්වැල් වැටකින් වට කරපු අක්කර එකහාමාරක්,ඒත් මේ ඉස්කෝලේ මේ ආපු ටික දුරටම කිලෝමීටර් දෙකක් විතර ඇවිද්ද...