Dumi's Channel


Гео и язык канала: Шри-Ланка, Сингальский
Категория: Блоги


TON Ambassador’s Hub 🇱🇰✨
Your go-to source for TON Blockchain, Telegram tips, and Content Monetization—all in Sinhala.
📲 Follow for insights:
https://x.com/domindyou
🚀 Founder of:
@CreatorsLK | @CreativeSharks
💬 Reach out: @domindyou

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Сингальский
Категория
Блоги
Статистика
Фильтр публикаций


5️⃣0️⃣0️⃣ Subscribers 🥂

දවසක මේ පුංචි channel එක ලොකුම තැනකට අරන් යන්නෙත් ඔයාලම තමයි 🤗

ස්තූතියී.. TON එකක් ආදරෙයි ❤️


💬Telegram එක Hack නොවී තියාගන්න මේ දේවල් දැනගෙන ඉන්න

පසුගිය දවස් කිහිපයේම විශේෂයෙන් ශ්‍රී ලාංකික Telegram පරිශීලකයින්ට, ඔවුන් නොදැනුවත්ව ඔවුන්ගේ phone එකට Login Code SMS එන බව හෝ ගිණුමට අනවසර device වලින් access කරපු sessions දකින්න ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ඉතිං කුමන හෝ කණ්ඩායමක් මේ විදිහට Telegram Accounts අත්පත් කරගන්නෙ කොහොමද කියන එක වගේම එහෙම දේවල් වලින් ආරක්ෂා වෙන ක්‍රම ගැනත් අපි අද කතා කරමු.

😂Telegram ගිණුම් Hack කරන්න Hackers ලා කරන ප්‍රධානම දේවල්

1. SIM Swapping

මේකෙදි hackersලා mobile carriersලව trick කරලා userගේ number එක තමන්ට තියෙන SIM card එකකට transfer කරවා ගන්නවා. මේ හරහා ඔයාගෙ phone number එකෙන් SMS login code එක hackersලාටම ලැබෙන්න පුළුවන්.

2. Phishing Attacks

Phishing එකෙන් කරන්නේ userලාට fake SMS හෝ email links දාලා Telegram code එක type කරන්න හෝ password එක capture කරගන්න එක. Telegram login page එකක් වගේම fake එකක් හදලා hackersලා මේ දේවල් capture කරනවා.

3. Session Hijacking සහ Packet Sniffing හරහා Unprotected Sessions වලට Access ගන්න එක

Packet-sniffing tools පාවිච්චි කරලා hackersලට session cookies හෝ unencrypted login requests capture කරන්න පුළුවන්. මොනවාහරි data එක capture උනාම ඒක reconstruct කරලා ඔවුන්ට authorized user කෙනෙක් වගේ appear වෙන්න පුළුවන්.

4. Fake Wi-Fi Access Points (APs)

Legitimate Wi-Fi network එකක් වගේ පෙනෙන එකක් hackers ලා හදාගෙන usersලා ඒකට connect වෙලා data capture කරලා Telegram account එකකට access ගන්න හදන්න පුළුවන්.

5. Brute Force සහ Social Engineering

Brute Force Attack එකකින් hackersලා automated software එකක් පාවිච්චි කරලා 2FA password එක crack කරන්න හදනවා. ඒ වගේම Social engineering හරහා Telegram Support ලා වගේ ඇවිත්, user password එක ගන්න try කරනවා.

😠Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගන්න ක්‍රම

1. Two-Step Verification Enable කරන්න

Telegram එකේ Two-Step Verification හරහා ඔයාගෙ account එකට SMS Code එකට අමතරව extra password එකක් හරහා තවත් security layer එකක් එකතුකරනවා.

Settings > Privacy and Security > Two-Step Verification හරහා ගිහින්
Password එකක් දාලා recovery email එකක් add කරලා හොඳ security එකක් දාන්න.

2. Active Sessions Check කරන්න

Active Sessions වල foreign location එකක් හරි නොදන්න device එකක් පෙන්නනවනම් ඉක්මනින් session එක end කරන්න. Settings > Devices හරහා ගිහින් ඔයාගෙ Sessions බලාගන්න පුළුවන්

3. Strong Password සහ Unique Passwords පාවිච්චි කරන්න

Two-step verification එකට strong password එකක් දාන්න. සාමාන්‍යයෙන් ඔයා වෙනත් accounts වලට භාවිත නොකරන unique password එකක් මෙතනදි පාවිච්චි කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

4. Phishing Attempts වලට හසු නොවී ඉන්න

Telegram එකෙන් SMS, Email හෝ Telegram Support හැටියට request කරලා Login Code හෝ Password එකේ request එකක් ඇවිත් නම් ඒ දේවල් හොඳට check කරන්න.

5. Mobile Carrier හරහා SIM Security Enable කරගන්න.

ඔයාගෙ Mobile Carrier එකෙන් SIM Security එක enable කරලා PIN එකක් හෝ Passcode එකක් දාලා තියන්න. මේ හරහා SIM-Swapping වගේ දේවල් වලින් බේරෙන්න පුලුවන්.

6. Telegram App එක Always Updated තියාගන්න

App එක update කරලා තියාගන්න. Telegram එකෙන් නිතරම එයාලගෙ usersලව ආරක්ෂා කරගන්න අලුතින් දැනගන්න ලැබෙන threats වලට එරෙහිව updates හරහා ආරක්ෂාව ලබාදෙනවා.

7. Public Wi-Fi හරහා Logins Verify කරන්න එපා

Public Wi-Fi එකකට connect වෙලා ඉන්න වෙලාවක login sessions verify කරන්න එපා. මොකද Public WI-FI හරහා අපේ දත්ත hackersල අතට යන්න පුලුවන්. Telegram එකට log වෙනකොට වගේම login codes verify කරනකොට Private Network එකක් තියනව නම් ඒක හොඳයි.

8. Auto-Connect Disable කරන්න

Public Wi-Fi වලට automatically connect වෙන එක Disable කරලා තියෙන්න. එහෙම නැත්තං untrusted networks වලට අපි connect වෙනවා.

9. SIM Swap Scams එකක් වෙන්න පුලුවන්ද කියන එක Monitor කරන්න.

හදිසියේම SIM එකේ service එක disconnect වෙලා පෙන්වනවනම් ඒ ගැන අවධානෙන් බලන්න. Mobile Carrier එක contact කරලා ගැටළුවක් නම් ඒ ගැන check කරගන්න.

Unauthorized Access Attempt එකක් ඇවිත් තියෙනවා නම්:

• දකින්න තියෙන ඔයාගෙ නොවන වෙනත් Sessions ඉක්මනට End කරන්න.

• Two-step verification password එක change කරන්න.

• Telegram Support එක contact කරන්න.


මේ ක්‍රම අනුගමනය කරලා ඔයාගෙ වටිනා Telegram ගිණුම Unauthorized Access Attempts වලින් ආරක්ෂා කරගෙන Hack නොවී තියාගන්න පුළුවන්.

➡️ තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න

#telegramsecurity #hacked

9.4k 2 211 4 24

📣 Crypto Analyzer සහ Digital Marketer කෙනෙක් වෙන Ravi Rajapaksha අයිය එයාගෙ Patreon එකට Join වෙන්න Limited Time එකකට Access දීල මෙන්න 💸


❗Telegram Accounts වලට Log-in alerts එනව කියල මේ දවස්ටිකේම ගොඩ දෙනෙක් කියුවා. ඒ වගේම මම දන්න කිහිප දෙනෙක්ගෙ account වලට log වෙලත් තිබුණා.

මේක වෙන්න පුලුවන් කොහොමද, පරිස්සම් වෙන්නෙ කොහොමද කියල විස්තරයක් දෙන්නම් අද. එතකන් මේ ගැන ඔයාලගෙ අදහස් discussion එකේ කතාකරන්න.


Google 2FA නොඑන එකයි, RCS කතන්දරෙයි තව Google එක පැත්තෙන් එන services ගොඩකට උත්තර හම්බෙන්න යන්නේ පහුගිය දවස් ටිකේ ගිය කතා බහත් එක්ක.

ඇතුලෙන් ආපු විශ්වාසනීය තොරතුරු මාර්ග කිහිපෙකින්ම ආපු විදිහට, ඊයේ තිබිලා තියෙනවා අනාගතේ ඇද කම්පණි එකේ මීටින් එකක්, ඒකේ CEO ඇතුලු තවත් කට්ටිය එක්ක. මේකට ඒ පැත්තෙන් crisis report එකක් පව හදාල තමයි මේ meeting එක අරගෙන තියෙන්නේ.

එතනදි කතා වෙලා තියෙන විදිහට Google එකත් එක්ක discussion එකකට ගිහින් දෙසැම්බර් ඉවර වෙන්න කලියෙන් මේ ප්‍රශ්නෙ ඇතුළුව තවත් ප්‍රශ්න ගණනාවකට උත්තර හොයන්න තමයි මෙයාලා ලෑස්ති වෙන්නේ.

හොඳම ආරංචිය තමයි Google services බොහොමක් මේ සාකච්ඡාවත් එක්ක enable වෙයි කියලා තමයි ආපු ආරංචි මාර්ග සේරම වගේ කිව්වේ. Pixel වලටත් support එක දෙන ගමන්ම බොහෝදුරට Pixel device ලංකාවේ විකුණන වැඩේටත් මෙයාලා මැදිහත්වෙයි කියලා තමයි කියන්නේ.

මේකට කිසිම දේශපාලන පක්ෂයක් සම්බන්ධ නෑ. සමාජයේ ඇති වුනු awareness එක උඩ එයාලට ආපු crisis එකක් විදිහට අරගෙන තමයි මේ step එක අරගෙන තියෙන්නේ.

මේකත් එක්ක "බොහෝදුරට" (වෙයිද නැද්ද කියලා දන්නේ නෑ) Google 2FA code එක, RCS සහ තවත් දේවල් ගොඩක් ලංකාවට enable වෙයි. අපි බලාගෙන ඉමු. හැබැයි ලංකාවේ පුරවැසියෝ විදිහට, පාරිභෝගිකයෝ විදිහට අපේ අයිතිවාසිකම් හම්බෙනකන් අදාල ආයතනය්න්ට පීඩනය එල්ල කරන එක නම් නවත්තලා හරියන්නේ නෑ. නැත්තම් වෙන්නේ ඊලඟට ආ මෙයාලා අතඇරලනේ, අපි හිටියා වගේම ඉමු, ඒ එක්කම අපිට කරපු හරියට මුංට තව ටිකක් අරිමු කියලා අපිට අරින්න එන එක තමයි වෙන්නේ.

ජය....

@Thimira


Репост из: Telegram Creators
Telegram Creators නිල නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු

2024 අප්‍රේල් මාසයේ Telegram Creators Sri Lanka Forum එක මගින් ශ්‍රී ලාංකික Telegram Creatorවරුන් වන ඔබ වෙනුවෙන් අප ආරම්භකල ගමන, දිනෙන් දින පුළුල් වෙමින් මේ වනවිට විවිධ වූ විෂය ක්ෂේත්‍රයන්හි Telegram ක්‍රියාකාරීන් පිරිසක් එක් කරගැනීමට සමත්වී ඇත.

Telegram හරහා තම community එක ගොඩනගාගන්නා channel හිමිකරුවන් සහ නිර්මාණකරුවන් රැසක් මේ මොහොතේදීත් Creators Forum එක හරහා තම දැනුම එකිනෙකා හා බෙදාගනිමින් නව නිර්මාණකරුවන් වෙත ඉදිරියට පැමිණීමට සහයවෙමින් සිටියි.

අද දිනයේ සිට අප විසින් මෙම නිල නාලිකාව දියත් කරමින් Telegram Creatorsලා හට තම නාලිකා තවත් ගොඩනංවා ගැනීමට මෙන්ම තවත් බොහෝ දේ වෙනුවෙන් අවශ්‍ය දැනුම, යෙදුම් සහ සහය ලබාදීම මෙසේ ආරම්භ කරන්නෙමු.

🐦 Follow us on X
🌐 Follow us on Facebook


එයා දන්න දේවල් එක්ක මේ දවස්වල මගේ life එක මොන වගේද කියලා 📱 ChatGPTට අදින්න කියුවා.

Prompt: Based on what you know of me, draw a picture of what you think my life currently looks like


🙏TON Community එකේ Annual Event එකක් වෙන The Gateway අද (1) සහ හෙට (2) ඩුබායි වලදී පැවැත්වෙනවා.

TON Ecosystem එක ගැන අලුත්ම updates වගේම, ඉදිරි developments ගැනත් hint ගොඩක් මේ event එකේදි එලියට ඒවි කියල හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔයාලට සම්පූර්ණ event එකම TON Community Live එකෙන් බලන්න පුලුවන්.

#ton #thegateway #tonsociety


Bot Ownersලට සුභ ආරංචියක් ලැබෙයි 🤩

612 0 1 117 6

@CreatorLK එකේ අලුත් වැඩ මොකුත් වෙන්නෙ නැත්තෙ ඇයි කියන එක ඔයාටත් ප්‍රශ්නයක්නම්, මට කියන්න තියෙන්නෙ “Great thing take time” කියල තමයි 🤫✨


ඔයාලට මතක ඇති මම 🟠 Hutchලගෙ අලුත් package එකකට මාරුවුනා. අද වෙද්දි package එකේ duration එක ඉවරයි. මම දැන් HUTCH Unlimited World 30 Day Plan එකේ experience එක ඔයාල එක්ක බෙදාගන්නම්.

🟠 Speed එක ගැන කතාකලොත්, මම මුලින්ම හිතුවෙ මොනම විදිහක හරි limit එකක් ඇති කියල. ඒත් අද වෙනකම් මට කිසිම speed limit එකක් දකින්න තිබ්බෙ නෑ. සාමාන්‍ය විදිහටම වෙනසක් නැතුව speed එක තිබුණා.

🟠 Signal Coverage එක ගැනනම් HUTCH එකෙන් තව ටිකක් හිතුවොත් හොදයි. මොකද සමහර වෙලාවට එකපාරට signal drop වෙලා යනව. එහෙම වෙනකොට අපි කරගෙන ඉන්න task එකක් reconnect වෙන්න තියෙන අවස්ථාව වැඩී. මමනම් කියන්නෙ තව පැකේජ් ඕනිම නෑ දැනට තියෙන ඒව පාවිච්චි කරන්න පුලුවන් වෙන්න coverage එක හදන්න කියල තමයි.

🟠 Suggestion 🟠

HUTCH App එකෙන් අපිට බලාගන්න පුලුවන් වෙනනෙ මේ package එක තව දවස් කීයක් වලංගුව තියෙනවද කියන එක විතරයි. අපි Data කොච්චර use කරලද?, ඒ මොන වගේ දේවල් වලටද කියල තව ටිකක් detail ඇතුව app එකෙන් බලාගන්න පුලුවන්නම් ඒක තවත් හොද දෙයක් වෙයි.


කොහොම හරි overall බැලුවම ඒ packge එක ගෙවන ගානට සාධාරණයක් කරගන්න පුලුවන් එකක්. Downloads කරන අයටනම් ඉතිං කියල වැඩක් නෑ 👍


Репост из: Ravi Rajapaksha
🇺🇸 BlackRock bought $291.2 million in Bitcoin for its #ETF yesterday 🪙


Репост из: Dumindu Kanishka
🕯 GTA: San Andreas Turns 20

The game was released on October 26, 2004. Gang showdowns, a huge open world, a bunch of colorful characters, good music, mini-games — the game had a lot to offer. The result — the adventures of Carl "CJ" Johnson were loved by millions of players around the world.

And today marks the sixth anniversary of Red Dead Redemption 2, which is not as popular as GTA 5, but can still surprise with its well-developed details.


🙏TON දරන්නන් සංඛ්‍යාව අනුව මෙම වසර අවසන් වන විට Ether අභිබවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. TON පසුගිය මාසය පුරා දිනකට ආසන්න වශයෙන් නව හිමිකරුවන් 500,000ක් ලබා ගෙන ඇති අතර, එහි එකතුව මිලියන 112 දක්වා පැමිණ ඇත. එය Ethereum හි හිමිකරුවන් මිලියන 137ට ඉතාමත් ආසන්නයි.


Telegram App එක සිංහලෙන් විතරක්ම තිබ්බොත් මොනවගේ වෙයිද? 🗺

283 0 0 13 14

Telegram ගැන වගේම Blockchain Technology ගැනත් මිනිස්සුන්ව තවත් දැනුවත් කරවන්න ඕනි මෙන්න මේ නිසයි🙏


How To Train Your Dragon > Big Hero 6 > And Now… The Wild Robot 🥹✨


දැන් Starlink එක ලංකාවට දෙන්න පටන් අරගෙන නේද? 🛰️

මාසෙකට payment එක රු.15,000ක් වගේ කියල තමයි කියන්නෙ. Connection එක ගන්න ඕන equipments ටික 100,000 + යනවා.

අපිට order කරන්න පුලුවන් වුනාට පලවෙනි connections ටික වැටෙන්න කොච්චර කාලයක් යයිද කියලනම් කියන්න අමාරුයි.

මේක ගැන ඔයාල මොකද හිතන්නෙ? Dialog, SLTMobitel කියන companies වලට මොන වගේ competition එකක් දෙයිද?

#starlink

579 0 0 14 14

Telegram භාවිත කරන්නන්ගේ වර්ධනය 📈


ඔයාල මේකට තව එක වචනයක් හොයල දුන්නොත් මට ඉක්මනට live එකට එන්න පුලුවන් (without “thanks”) 😬

Показано 20 последних публикаций.