GLOBAL NEWS SRI LANKA 🇱🇰


Гео и язык канала: Шри-Ланка, Сингальский
Категория: Новости и СМИ


ශ්‍රී ලාංකීය අපට එදිනෙදා වැදගත් වන පුවත් වලට මූලිකත්වය දෙමින් අපක්ෂපාතීව දෙස් විදෙස් පුවත් ඔබ වෙත රැගෙන ඒම මේ චැනලයේ බලාපොරොත්තුවයි..
Contact Us - @contactGNSLbot

Связанные каналы  |  Похожие каналы

Гео и язык канала
Шри-Ланка, Сингальский
Категория
Новости и СМИ
Статистика
Фильтр публикаций


ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

http://sinhala.adaderana.lk/news.php?nid=203504


අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

http://sinhala.adaderana.lk/news.php?nid=203503


ජනපතිගේ ප්‍රථම විදේශ චාරිකාව ඉන්දියාවට

දෙසැම්බර් මස මැද භාගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ නිල සංචාරයක් සිදු කරන්නේ යැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

ඔහු මේ බව සඳහන් කළේ, අද (නොවැ. 18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

globalnewssrilanka


මෝදිට ගෞරව නාමයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නයිජීරියාවේ ඉහළම ජාතික ගෞරව නාමය වන ග්‍රෑන්ඩ් කමාන්ඩර් ඔෆ් ද ඕඩර් ඔෆ් ද නයිජර් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ නජිරියා සංචාරය අතරතුරයි

අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි  ප්‍රකාශ කළේ එම ගෞරවය ඉන්දීය-නයිජීරියාවේ උපායමාර්ගික හවුල්කාරිත්වය නව තලයකට ඔසවා තැබීමට තමාව දිරිමත් කරන බවයි.

ඔහු නයිජීරියාවේ රජයට සහ ජනතාවට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළා.

globalnewssrilanka


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.

globalnewssrilanka


සුමන්තිරන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා වෙත පිරිනැමූ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පක්ෂයේ බොහෝ දෙනාට තමා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වුවත් ජනතා මනාපයෙන් තමාට තේරී පත් වීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් තමා තවදුරටත් දේශපාලනයේ නියැලීමට අපේක්ෂා කරන බව සුමන්තිරන් මහතා පවසා තිබේ.

globalnewssrilanka


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පත්කරන්නැයි තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ එම පක්ෂයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරති.

source - Lanka C News
globalnewssrilanka


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.

globalnewssrilanka


💵ඩොලරය 285 දක්වා වේගයෙන් පහළට යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 287.49ක් ලෙස සහ විකුණුම් මිල රු. 296.47ක් ලෙස පහළ ගොස් තිබේ.

globalnewssrilanka


දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

පසුගිය වසර දෙකක කාලය තුල මෙරට ආර්ථීකය යථාතත්වයට ගෙන ඒම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය සිදු කළ කාර්යය එහිදී අයි.එම්.එෆ් නියෝජිත පිරිසගේ ප්‍රශංසාවට ලක්වූ බව එම අවස්ථාවට එක්වූ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

globalnewssrilanka


හරිනි අගමැති ධුරයේ වැඩ අරඹයි

නව රජයේ අග්‍රාමාත්‍ය ලෙස අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය එම ධුරයේ වැඩ භාර ගත්තාය.

ඇය මෙරට 17 වන අග්‍රාමාත්‍යවරිය වේ.

එමෙන්ම අගමැති ධුරයට පත්වූ තුන්වැනි කාන්තාව ලෙස ආචාර්ය හරිනි අමරසූරිය සැලකෙයි.

globalnewssrilanka


මහින්දට 79යි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 79 වන ජන්ම දිනය අද (නොවැ. 18) යෙදී තිබේ.

ජන්ම දිනය නිමිත්තෙන් අද පෙරවරුවේ කිරි අම්මාවරුගේ දානයක් පැවැත්විණි.

globalnewssrilanka

606 0 2 13 93

විජිත අමාත්‍ය ධුරයේ වැඩ භාරගනියි

globalnewssrilanka


ප්‍රබල අමෙරිකානු අවි රුසියාව දෙසට

යුක්‍රේන යුද්ධයේ තීරණාත්මක වෙනසක් මෙන්ම එහි අනතුරුදායක වර්ධනයක් අපේක්ෂා කළ හැකි පියවරක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අද (18) වාර්තා කර තිබේ.

globalnewssrilanka


Видео недоступно для предпросмотра
Смотреть в Telegram
සජිත් යාල ද ෆ්ලැට් එකේ ද ? - ඇසු ප්‍රශ්නයට මරික්කාර් ට මලපනි..

globalnewssrilanka

707 0 2 13 66

ලැබී ඇති පාස්කු වන්දි මුදල සම්බන්ධයෙන් අධිකරණයේදී හෙළිදරව්වක් 

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ඉදිරිපත් කරන ලද මූලික අයිතීන්වාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත්කළ නියෝගවලට අනුව මේ වනවිට රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයට ලැබී ඇතැයි නීතිපතිවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

globalnewssrilanka


රවී සෙනවිරත්නගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) ප්‍රතික්ෂේප කර තිබේ.

globalnewssrilanka


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් දෙවෙනි දරුවා බලාපොරොත්තුවෙන් සිටී.

globalnewssrilanka


සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු පුටුව දිනේෂ්ට ද? කංචනට ද? සාගලත් එක් වෙයි ..
සිලින්ඩරය උණුසුම් සටනක.


සාගල රත්නායක මෙන්ම දිනේෂ් ගුණවර්ධන සහ ෆයිසර් මුස්තාෆා ද මෙම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්නට සිහින දකින පිරිස අතර සිටින බවයි එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් සදහන් වන්නෙ.

globalnewssrilanka

684 0 0 18 43

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමින් යදමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (18 ) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.

globalnewssrilanka

Показано 20 последних публикаций.