🇱🇰🔍Cylone Tube | දැනුමට යමක් 🌎🚀


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


Join us to learn about the amazing things around the universe 😁
New discoveries
Strange strange pieces of work 😁
Mysterious 😱
Knowledge 😎
#Amazing_Facts 🧑‍🏭
#Discovery 🌎

Связанные каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


ලංකාවේ ඊශ්‍රායල් යුදෙව් ජනාවාස සෑදීමට අධිරාජ්‍යවාදීන් ගෙනා යෝජනාව පරාජයෙන් කෙලවර වූ අයුරු .....!

මෙය ඔබ බහුතරයක් කිසිදිනෙක අසා නැති කතාවක් වන්නට පුළුවන්. ඊශ්‍රායල් පලස්තීන ගැටුම හේතුවෙන් මේ වන විට යුදෙව් ජාතිකයන් හා ඔහුන්ගේ දක්ෂතාවයන් බොහෝ සෙයින් සංවාදයට ලක් වෙමින් තියෙනව.

සියවස් ගණනාවක් පුරාවට යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නොමැති වීමෙන් ලොව පුරා අනේකවිධ කරදර හිරිහැරයන්ට ගොදුරු වෙන්න වුණා. යුදෙව්වන්ගේ මුල් බිම වත්මන් ඊශ්‍රායලයම වුණත් රෝම අධිරාජ්‍යයන් ඔවුන් ඒ බිමෙන් පළවා හැර තිබුණා.

යුරෝපයේ විවිධ රාජ්‍යය වල සරණාගතයන් ලෙස දිවි ගෙවපු යුදෙව්වො එම රාජ්‍යයන් වලටත් හිසරදයක් වෙමින් පැවතුණා. ඒ වගේම 1800 ගණන් වල යුරෝපයෙන් පටන් ගත්තු Zionism ව්‍යාපාරය යුදෙව්වන්ට රටක් දිනාගන්න ව්‍යාපාරයක් ආරම්භ කලා.

1940 න් ආරම්භ වුණ දශකය වෙද්දි මේ වෙනුවෙන් ලෝක සිතියමේ රටවල් කීපයකම භූම් යෝජනා වෙලා තිබුණ. මැඩගස්කරය, ඕස්ට්‍රේලියාව වගේම අපේ මව්බිම ලංකාවත් ඒ අතර තිබිල තියෙනව.

මේ අදහස මුලින්ම එළියට එන්නෙ බ්‍රිතාන්‍යයේ පළවෙන මැන්චෙස්ටර් ගාඩියන් (Manchester Gardian) පුවත් පතේ කතුවැකියෙන්. එහි දී ලෝක ප්‍රජාවට යෝජනා කර තිබුණේ, ලංකාවෙ උතුරු නැගෙනහිර දෙපළාත් පලස්‌තීනයේ අසරණව සහ යුරෝපයේ අනාථව සිටින යුදෙව් ජාතිකයින්ගේ වාසභූමි සඳහා යොදාගත යුතු බව.

ලංකාව ඒ වෙද්දි පාලනය කරපු බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙ මූලිකම අවධානය දීල තිබුණෙ වතු වගාවට. ත්‍රිකුණාමල වරාය හැරුණම උතුරු නැගෙනහිරින් ඔවුන්ට ලොකු ආර්ථික වාසියක් ලැබුණෙ නෑ. ඒ වගේම උතුරෙ වැසියන්ගෙන් මේ සම්බන්ධව විරෝධයක් එල්ල නොවුණ බවත් ඒ කතු වැකියෙම ලියවිලා තිබිල තියෙනව.

මේ සම්බන්ධව විරෝධය එල්ල වෙන්නෙ දකුණේ සිංහලයන් ගෙන්. 1943 මාර්තු 26 වෙනි දා දෙවැනි ලෝක මහා යුද්ධය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පූර්ණ ඩොමීනියන් නිදහස ප්‍රදානය කළ යුතු යැයි කියවෙන යෝජනාව රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කරපු හොරණ මන්ත්‍රී ඒ. පී. ජයසූරිය මහතා යුදෙව් ජනාවාස ලංකාව තුළ පිහිටුවීමේ බටහිර රටවල අදහස ගැන දැඩි විරෝධයක් දක්වනවා.

1943 ජුලි 28 වැනි න පළවූ සිංහල බෞද්ධයා පුවත් පතේ පළ වූ වාර්තාවක එවකට හොරණ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ඒ. පී. ජයසූරිය මහතා, ලංකාවේ සිට පලස්‌තීනයට ගිය සිවිල් නිලධාරීන් වැඩි පඩියකට ආපසු ලංකාවට ගෙන්වා ගත්තේ ඇයි දැයි යනුවෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රශ්න මතුකර ඇති බව සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතේ යුදෙව් ජනාවාස පිළිබඳ බටහිර යෝජනාවට දැඩි විරෝධයක්‌ එල්ල වූයේ මෙරට සිංහල බෞද්ධ ප්‍රජාවගෙන්. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර විශේෂ ලියුම්කරුවක් විසින් ලියන ලද කරුණු රැසකින් යුත් ලිපියක්‌ 1943 මැයි 22 වැනිදා නිකුත් සිංහල බෞද්ධයා පුවත්පතේ පළ වී ඇත්තේ යුදෙව්වන්ට සුදුසු රට ලංකාවද? යන සිරස්තලය යටතේ.

මේ සම්බන්ධව දෙමළ නිජබිමක් ගැන කතා කල ද්‍රවිඩ දේශපාලනඥයන් මුනිවත රැකි බවත් කියවෙනවා. කෙසේ හෝ යුදෙව් ජනාවාස පිහිටුවීමේ මේ උත්සාහය අධිරාජ්‍යයවාදීන්ට අකුලා ගන්නට සිද්ද වෙනවා. ඒ දෙවෙනි ලෝක මහා යුද්ධය අවසන් වීමත් එක්ක පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන්, අගමැති වින්ස්‌ටන් චර්චිල්ගේ පරාජයට පත්වී ක්‌ලෙමන්ට්‌ ඇට්‌ලිගේ කම්කරු පක්‍ෂය ජය ගැනීමත් සමග ඇති වු ආණ්‌ඩු පෙරළීයේ ප්‍රතිඵලයක්‌ වශයෙන්.

කෙසේ හෝ යුදෙව්වන්ට ඔවුන්ගෙ පොරොන්දු දේශය ඊශ්‍රායලය තුලම බිහි කරගන්නට හැකි වෙනවා. ඔවුන් පලස්තීනුවන් පළවා හැර ජනපද බිහිකර ගන්නවා. යම් විදිහකට උතුරු නැගෙනහිර යුදෙව් ජනාවාස බිහි වූවා නම් පලස්තීන ජනතාවගෙ හිස් මත පතිත වෙන බෝම්බ, මිසයිල ලාංකික අපේ හිස් මත පතිත වන්නට ඉඩ තිබුණා. සැබවින්ම අප ගත යුත්තේ කවර පැත්තක්ද ? පිළිතුර ඔබේ හෘදසාක්ෂියෙන් විමසන්න.

© Kokila Gihan Withanathanthri


•මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.

නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

☠️මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

☠️මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

☠️මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

☠️පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

☠️කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

☠️බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

☠️කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

☠️එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

☠️පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

☠️ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

☠️පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

☠️යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරි,වැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි.

☠️ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

☠️කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

☠️සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.

☠️සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

☠️අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

☠️මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.

☠️පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

☠️තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි. ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය...

☠️දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි..

මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.

කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද..?

ස්තුතිය -
උපුටා ගැනීමක සාරාංශයකි.






කරන්ට් බිල ගැන සැලකිලිමත් වෙමු.
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
කරන්ට් බිල ගැන සැලකිලිමත් වන්න. පළමු පොයින්ට් 30ට
රු 8.00 බැගින් මුලික ගාස්තුව
රු 120 ක් ඒකට එකතුවෙනවා.
ඒ කීවෙ පොයින්ට් එකයි නම් පාවිච්චි කල ගාන 120+8=128යි. පොයින්ට් 20ක් ගියානම් 120+(20×8)=රු 280 යි.
පොයින්ට් 30 පැන්නම පොයින්ට් එකක් 10 ගානෙ හැදෙන අතර මූලික ගාස්තුව 240ක් වෙයි,
පොයින්ට් 31ක් ගියාම ගාන හදන්නෙ 240+(8×30)+10=490යි. නමුත් 60 පැන්නොත් ගාන සැරයි .
පොයින්ට් එකක් 16යි. මූලික ගාන 360යි. එනිසා අපි බලමු පොයින්ට් 60කට ගාන.
240+(8×30)+(10×30)= රු 780 යි.
60ට පැනලා එකක් වැඩිවුනාම වෙනස බලන්න එක පොයින්ට් එකක් වැඩි කරලා 61 කට හදමු,
360+(61×16)=360+976=රු1336 යි
දැක්කනෙ 60 සිට 61 වනවිට වෙනස 780 සිට් 1336 යන හැටි. පලමු 30ට 8 ගානෙ. දෙවනි 30ට 10 ගානෙ හැදෙන්නෙ. 60ට කලින් එතනින් එහාට ගියාම පලමු පොයින්ට් එකේ සිටම රු 16යි.
එනිසා 60න් පාත බිල තියාගන්න උත්සාහ කරන්න. 90 දක්වා මේ රටාවට බිල සැකසෙන්නෙ. 91සිට 180 දක්වා එක පොයින්ට් එකකට රු.50 ක් අයකෙරේ. ස්ථාවර ගාස්තුව රු 960 ක් වේ.
අපි පොයින්ට් 150 කදි බිල බලමු. එවිට 90 දක්වා පොයින්ට් එකකට රු.16 ගානෙ අයකෙරේ. 61 සිට 90 දක්වා තිබු ස්ථාවර ගාස්තුව 360 වෙනුවට, 90 න් පසු 180 දක්වා ස්ථාවර ගාස්තුව වන රු.960ක් එකතු වේ
පලමු පොයින්ට් 90ට පසු ඉතුරු පොයින්ට් 60ට 50 බැගිනි. point150=(90×16)+(60×50)+960 ලෙස වේ.
90 පැන්නම 91 සිට ස්ථාවර ගාස්තුව රු 960යි. පොයින්ට් 180 සිට ඉදිරියට ස්ථාවර ගාස්තුව
රු 1500යි. එක පොයින්ට් එකකට රුපියල් 75යි.
උදාහරණයක් විදියට පොයින්ට් 200 ක් ගතහොත්, 90 දක්වා රු 16 ගානෙ. 180 දක්වා රු 50 ගානෙ. 180න් පසු ඉතිරි 20ට 75 ගානෙ අයකරනවා. භාවිතා කර ඇති පොයින්ට් ගණනට අදාල ස්ථාවර ගාස්තුව එකතු වෙනවා.
1500+(90x16)+(90x50)+(20x75) =8940
එම නිසා වොට් ගාන වැඩි උපකරණ භාවිතය අඩු කරන්න.
මේ පෝස්ට් එකට තව එකක් ඇතුලත් කරන්න හිතුණා පොයින්ට් කියන්නෙ මොකද්ද කියලා.
විදුලිය මනින්නෙ වෝල්ට්, ඇම්පියර්, වොට්ස් කියන ඒවගෙන්.
වෝල්ට් × ඇම්පියර් = වොට්ස් වෙනවා. අපි භාවිතා කරන උපකරණ වලත් අදාල වොට් ගණන සඳහන් කරලා තියෙනවා.
උදාහරණයකට 100w බල්බ් එකක් ගමු. මෙය පැයක් දැල්වුවහොත් 100w පැය එකෙන් වැඩිකරාම 100wh (වොට්ස් පැය )කියනවා.
මේ බල්බය පැය 10ක් දැල්වුවහොත් 100w×10h වෙනවා එවිට 1000wh වෙනවා. ඒ කියන්නෙ 1kWh (1කිලෝවොට් පැය) ක්. ඒකට තමයි පොයින්ට් එකක් කියන්නෙ.
දැන් ඔබට තේරෙනවා 1000w හීටර්, අයන් වගේ ඒවා පැයක් භාවිතා කලාම පොයින්ට් එකක් යනවා. 10w LED බල්බ් එකක් පාවිච්චි කලොත් කිලෝ වොට් පැය එකක් වෙන්න පැය 100 ක් යන්න ඕනෙ.
එනිසා වොට් අගය වැඩි උපකරණ භාවිතා කරන විට ටිකක් කල්පනාවෙන් භාවිතා කරන්න.
(චමිල ගමගේ මහතා විසින් ගුරුගෙදර සමූහයේ පල කල ලිපියකි)




අදින් පස්සේ හීන් නිදිකුම්බා පැලයක් දැක්කොත් ගෙදර පෝච්චියක හරි වවාගන්න...

ගුණ ලැබෙන රෝග

🔸සියළුම හෘද රෝග
🔸මේදය වැඩිකම
🔸රක්ත දෝෂ
🔸කල්පනා ශක්තිය අඩුකම
🔸සියලුම සමේ රෝග
🔸ප්ලීහාවේ ඉදිමුම
🔸අක්මාවේ, අග්න්‍යාශයේ සහ පිත්තාශයේ රෝග
🔸පුරස්ථි ග්‍රන්ථි ශෝතයන්ට (ඉදිමුමට)

සාදාගන්නා ක්‍රමය
--------------------------------

හොඳින් සෝදා ගල් වැලි ඉවත් කළ නිවුඩු කැකුළු හාල් දෙමිටක් වතුර අඩු කෝප්ප 2ක් දමා හොඳට බෙරිවෙන්න තම්බා පොඩි කරගන්න.

එයට,
• හීන් නිදිකුම්බා සහමුලින් (සම්පුර්ණ ශාකයම) දෙමිටක්
• කරපිංචා කිණිති 4ක්
• රම්පේ කෑල්ලක්
• පොල් දෙමිටක්

මේ සියල්ල කොටා මිරිකාගත් ඉස්ම බෝතල් 1/2 ඉහත කැඳ බතට දමන්න. එයට අමු ඉඟුරු ස්වල්පයක්, මුරුංගා පොතු ස්වල්පයක්, කරදමුංගු කරල් 01ක්, අබ, සූදුරු, උළුහාල්, මාදුරු, ගම්මිරිස්, කුරුඳු කුඩු ඇඟිලි දෙකට අසුවන ප්‍රමාණ 03 බැගින් ගෙන අඹරා වතුර ටික ටික දියකර දමා කැඳ හොඳට බුබුළු දමා පැසෙන තෙක් උයා ලිපෙන් බා නිවුණාට පසු ලුණු ඉතාම ස්වල්පයක් දමා බීමට ගන්න.

📗 මූලාශ්‍රය :- බල වඩන හෙළ යවාගු
✍️ කතෘ :- ආයුර්වේද වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත කවිරාජ් කේ. කාරියවසම් පියදාස මහතා


වල් බල්ලා..!!
මෙන්න මුන්ට වල් බල්ලා කියල නම දැම්මේ කවුද.?
ඒ මොන පදනමකින් ද.?
මූ වල් බල්ලා වෙලා, අනික් උන් හොඳ බල්ලෝ උනේ කොහොමද.?
මේ ඉන්නෙ වල් බල්ලෙක් නෙවෙයි, මූ අපේ එකෙක්.!!
ඔව්, අපේ එකෙක් හෙවත් ශ්‍රී ලංකා දේශීය බල්ලෙක්. Sinhala hound කියන නමින් හඳුන්වන මේ අපේ එකා ගැන ඉතිහාසයේ ඉඳන්ම කරුණු තියෙනවා. කොටින්ම විජය කුමාරය ලංකාවට ගොඩ බහිද්දී ඌටත් බල්ලො බුරල තියෙනවා. ඒ කියන්නෙ අපේ එකා ඒ කාලෙත් ඉඳල තියෙයි..!!
ඒ විතරක් නෙවෙයි, යක්ෂ ගෝත්‍රිකයෝ ඇති කරපු බල්ලො ගැන මහා වංශෙත් සඳහන් වෙනවා..
ඉතිං මුං නිකන් උන් නෙවෙයි. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති බොහෝම මිත්‍රශීලී අය. නමුත් බුල්ඩෝග් තරම් දරුණු aggressive විශේෂයක් නොවන හින්දා ඔබේ පවුලේ සාමාජිකයන් අතර ඉතාම ආරක්ෂිතව ඇතිකරන්න පුළුවන්.
ඒ වගේම මෙයාලාට අමුතුවෙන් විශේෂ කෑම ජාති ඕන නෑ. ඔබ දෙන ඕනෑම දෙයක් එයාලා සතුටු සිතින් අනුභව කරනවා. මුළු රෑම එක තත්පරයක් ඇහැ පියවෙන්න නොදී මෙයාලා තමාගේ ස්වාමියාගේ දේපල ආරක්ෂා කරනවා.
ගෙදරට අනතුරක් නම් තමන්ගේ පණ උනත් දෙවෙනි තැනට දාලා සටන් කරනවා..!!
ඔබේ දුකේදී මූණ පුළුටු කරගෙන ඔබේ පැත්තකින් ඉඳගෙන ඉන්නත්, ඔබට මහන්සි වෙලාවට හිනාවෙලා නැට්ට වනාගෙන ඇවිල්ල ඔබව ලෙවකාලා ඔබේ මහන්සිය අතුරුදහන් කරන්නත් මෙයාලට පුළුවන්..
ඒත් හැම වෙලාවෙම වදයක් නොවී පාඩුවේ ඉන්නත් මෙයාලට පුළුවන්..
රැලට යන කාලෙට කෑල්ලක් සෙට් කරන් ආතල් එකක් ගත්තට ඌ ඒ මොනව තිබ්බත් ගෙදර ගැන ඇලට් එකේ ඉන්නවා..!!
එතකොට මුන්ට කටුවො කනවා, කිනිතුල්ලො එල්ලෙනවා, මැක්කෝ වහනවා ජරා වෙනවානේ...?
ඔව් ඉතිං.. උඹත් සති දෙකක් නාන්නෙ නැතුව හිටියොත් උඹේ කෙල්ල හෝ කොල්ලා උඹ දිහා බලාන බත් කන්නෙවත් නැතිවෙයි.. උඹව දකින උන්ට ලේ බඩ යයි..!
අන්න ඒක බල්ලන්ටත් වෙනවා..
නාන්න ඕන, කන්න ඕන, බේත් විදින්න ඕන ලොකු ලොකු breed වල බල්ලන්ට විතරක් නෙවෙයි. මොන බල්ලා උනත් හදනවානම් හරියට හදන්න ඕන..!
මුන්ටත් බේත් ඕන, නාන්න ඕන, කන්න ඕන..!!
දාස් ගාණක් දීලා රට බල්ලො ගෙනල්ලා උන්ට ඕන හැටියට උඹ ජීවත් වෙවී කට්ට කාගෙන උන්ව රකින්න පුළුවන්නම්, නිකන් හම්බවෙන අපේ එකෙක්ව ඒ විදියට රැකබලාගන්න එක මහ අමාරු වැඩක් නෙවෙයිනෙ..
රට බල්ලො හදන එක තමන්ගේ කැමැත්තක් නිසා මං ඒකට මොකුත්ම කියන්නෙ නෑ.. හැබැයි එහෙමයි කියල මුන්ව දෙකේ කොලේට දාලා, උන්ව "වල් බල්ලො" කරන්න එපා..
මුන් එහෙම නෝන්ඩි වෙන්න ඕන ජාතියක් නෙවෙයි,
මුන් අපේ එවුන්...!!
Copied






හැමෝම කිව්වේ එහෙමයි. හැබැයි දැන් අපට රටම දැන සිටි ක්ලිප්සාල් නාමය ඔවුන් අරගෙන. අපි දැන් වෙනත් නමකින් යා යුතුයි. අපේ සමාගම තිබුණෙ ඔරියන්ට් කොමර්ෂියල් නමින්. ඉතින් ඔරියන්ට් රේන්ජ් කියන ඒ නාමය තමයි ‘ඔරේන්ජ්’ නමින් එතැන් සිට නිෂ්පාදනවලට අපි යොදා ගත්තෙ. පැය 48 ක් ඇතුළතදී ක්ලිප්සාල් වෙනුවට ඔරේන්ජ් නාමය මෙරට සමාජගත කරන්න අපට වාසනාව ලැබුණෙ අපේ නියෝජිතයින්, බෙදාහැරීමේ මධ්‍යස්ථානවල හිමිකරුවන් සියලු දෙනා දේශානුරාගීව දැක්වූ සහයෝගය නිසයි. වෙච්ච දේ සැබෑ සත්‍යයෙන් අපි හැමෝටම කිව්වා. ඒ වගේම අපේ ආයතනයේ සියලුම තරාතිරම්වලට අයත් පිරිස දිවා රෑ නොබලා ‘ඔරේන්ජ්’ නිෂ්පාදන බිහි කිරීමට අපරිමිත ධෛර්යයෙන් සහ උද්‌යෝගයෙන් කටයුතු කළා.
ඉන්පසුව ප්‍රංශ සමාගම අපේ ඔරේන්ජ් නිෂ්පාදනවලට වඩා මිල අඩුවට අලෙවි වුණත් ඔරේන්ජ් නිෂ්පාදන මිල වැඩි වුවත් අපේ නියෝජිත මහත්වරු දේශ හිතෛෂීව ඔරේන්ජ්හි අනර්ඝත්වය පාරිභෝගිකයින් හට පවසා එය සමාජගත කිරීමට අපට යෝධ ශක්තියක් දැක්වූවා. ඒ වගේම ශ්‍රී ලාංකීය ජනතාවත් හරි බුද්ධිමත් තත්ත්වයෙන් උසස් නම් ශ්‍රී ලාංකීය නිෂ්පාදනවලට මුල් තැන දෙනවා. එසේ නොවේ නම් තමයි පිටරට දේ අරගන්නෙ.’’
කුෂාන් ඔරේන්ජ් නාමය සමග යළි එලෙසින් නැගී සිටියේ නැවතත් වැටෙන්නට නොවේ. වතාවක ඔස්ට්‍රේලියානු සමාගම වෙත ගොස් නිෂ්පාදනයෙහි වෙළෙඳ නාමය සහ වගකීම තම ආයතනය වෙත පවරා දීම කරන්න යැයි ඉල්ලීමක් කළ ද, තුන් වැනි ලෝකයේ රටක් නිසා එසේ කළ නොහැකි යැයි ඔවුහු කීහ. බලාපොරොත්තු සුන්ව නැවත ලංකාවට ආ කුෂාන් ලෝක​යේ තියෙන ඉතා අනර්ඝ යන්ත්‍ර අතිවිශාල මුදලක් වැයකොට ගෙන්වීමට තීරණය කළේය.
ඒ ගත් තීරණය ටක්කෙටම හරි ගියේ ඔරේන්ජ් වැනි අනර්ඝ නිෂ්පාදන රටට දායාද කිරීම නිසාය.
ඔරේන්ජ් අද වන විට ස්වකීය බල පරාක්‍රමය පවත්වාගෙන සිටින්නේ ශ්‍රී ලාංකීය මාතෘ භූමියේදී පමණක් නොවේ. අද ඔවුන් මහාද්වීප පහක තම බල පරාක්‍රමය විහිදුවා තිබේ. මහා චීන රාජ්‍යය, මැලේසියාව, මියන්මාරය, සිංගප්පූරුව, ඉන්දියාව, බංග්ලාදේශය, ඩුබායි, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය ඊට අයත්ය. ඔවුන් ජාත්‍යන්තරයට යාම පිටුපස වූ කතාවක් ද තිබේ. කුෂාන් ඒ ගැන පැවසුවේ මේ අයුරිනි.
‘‘ජාත්‍යන්තර සමාගමක් ලෙස ලංකා නාමය යටතේ යද්දී ජාත්‍යන්තරය හා වෙළෙඳ පොළ සටන් කිරීම අසීරු දෙයක්. ඒ නිසා ඒ රටවලට ගිහින් නිෂ්පාදන සහ තාක්ෂණය යොදාගෙන ජාත්‍යන්තරයට ගියේ ඒ ඒ රටවල නාමයන්ට අදාළවයි. මේ නිසා ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනදීමේ සාර්ථක ඉලක්කය සපුරා දීමටත් අපට හැකි වුණා.’’
කුෂාන් කොඩිතුවක්කු අතිශය සාර්ථක ව්‍යවසායකයකු වන්නේ මෙලෙසින් ඉලක්කයට හරි දේ හරි විදියට කරන නිසාවෙනි. අද නවීනතම තාක්ෂණය අනුව දත්ත උපයෝගි කරගෙන ආලෝක පද්ධති ක්‍රියාත්මක කරවා ගත හැකිය. ජංගම දුරකථනය මඟින් තමාට නිවසේ හෝ තම ආයතනයේ විදුලි ආලෝකකරණ පද්ධති සහ විදුලියෙන් ක්‍රියාත්මක කරවන සියල්ල පාලනය කිරීමට පුළුවන.
ලයිටින් ඔටෝමේෂන් (Lighting Automation) තාක්ෂණය ඒ අනුව කුෂාන් ක්‍රියාත්මක කරන්නේ අමෙරිකාව සහ බෙල්ජියමේ ස්ථාපිත ඔහුගේ ආයතන වෙතිනි. මෙම අංශයේ ඩේටා සිස්ටම් (Data System) සැලසුම් නිසා ඇමෙරිකාවේ ධවල මන්දිරයේ ඇති ඩේටා ස්විච් (Data Switch) සඳහා ද ඔවුන්ගේ උපාංග යොදා ගන්නා බැව් කුෂාන් සඳහන් කරයි.
කුෂාන් තම සේවා පිරිවර සමග ජාත්‍යන්තරයට පවා ගියේ ක්‍රමවත් සැලසුමකට අනුව ජීවිතය සහ ව්‍යවසායක දර්ශනය පවත්වාගෙන ගිය නිසාය.
‘‘අපි උපයන ලාභාංශවලින් (ආදායමෙන්) සියයට විසිපහක් 25ක් ඉතිරි කරනවා. සියයට පනහක් 50ක් නැවත ආයෝජනය කරනවා. අනෙක් සියයට 25 තමයි වියදම් කරන්නේ. දැන් අපි මේ ක්‍රමයට මේ රිද්මයට පුරුදු පුහුණු වෙලා. ආගමෙන් අපට කියා දී තිබෙන්නෙත් මේ දර්ශනයයි. කෙනෙකුට ලැබෙන වැටුප පවා භාවිත කළ යුත්තේ මේ විදියටයි. එවිට දුප්පත් වන්නේ නැහැ. දුප්පත් වන්නේ ලැබෙන සියලු ආදායම වියදම් කිරීම නිසයි. ප්‍රශ්න ඇති වී ජීවිතය සංකීර්ණ වන්නේ එවිටයි. එහෙත් අපට ඒ පීඩනය නැහැ. ලැබෙන ආදායමට වඩා අපි වියදම් කරන්නෙ නැහැ. නිතරම අපි අපේ ජීවිතයේ ජීවත්වෙලා තිබෙන්නේ 25% ක සීමාවේ සිටයි.
ඒ නිසා අපි කාටවත් ණය නැහැ. හිතට බියක් එන්නෙත් නැහැ. මම මේ රටට හඳුන්වා දෙන සරලම ක්‍රමය වන්නේ මේ දර්ශනයයි. මේ දර්ශනයට අනුව ගියොත් ලෝකයේ කාටවත් ණය නැති රටක් විදියට අපට නැගී සිටින්න පුළුවනි.’’
සටහන : සඳුන් ගමගේ
- Lankadeepa -


කුෂාන් කොඩිතුවක්කු තම පියාගෙන් උකහා ගත් පැහැදිලි දර්ශනය වන්නේ එයයි. කොඩිතුවක්කු පවුලේ ජාත්‍යන්තර සලකුණ මැවූ කුෂාන් උපන්නේ කොළඹදීය. ඒ, සුගත් කොඩිතුවක්කුගේ එකම දරුවා ලෙසිනි. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු වූ කුෂාන් පසුව සිංගප්පූරුවට ගොස් උසස් අධ්‍යාපනය හදාරා ඉනික්බිතිව ඇමරිකාවට ගොස් කර්මාන්තශාලා අංශයේ උපාධිය ලබාගත් අතර එහිදී ස්වෙච්ඡා යුද හමුදා පුහුණුව පවා ලැබූ අයෙකි. පවුලේ එකම දරුවා ලෙස සියලු සැප සම්පත් විඳිමින් සුවපහසු ජීවිතයක් ගත කළ ද දන්නා කාලයේ සිට කුෂාන්ට අවැසි වූයේ නව සොයා ගැනීම් සමග ගමනක් යාමටය.
ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ගෙවූ ජීවිතය සහ ඉන්පසු අභියෝග සමග ගෙවීමට සිදු වූ ජීවිතය ගැන කුෂාන් පැවසුවේ මේ අයුරිනි.
‘‘ව්‍යාපාර ක්ෂේත්‍රයට ඒමට පෙර අම්මා තාත්තාගේ සෙනෙහස සහ ආදරය මෙන්ම හුරතලය එක්ක තමයි මම හැදී වැඩුණෙ. එකම දරුවා වුණත් උසස් අධ්‍යාපනය සඳහා මාව විදේශයට යැව්වා. එයාලට දුක හිතෙන්නත් ඇති. ඒත් අනාගතය ගැන හිතලයි එහෙම කළේ. විදේශගතව ඉගෙන ගත්ත නිසා ඇත්තටම මට මගේ ජීවිතයට ලැබුණෙ අතිවිශාල පන්නරයක්. ස්වාධීනව නැගී සිටීමේ ප්‍රායෝගිකත්වය මගේ ආත්මය හා බැඳුණේ ඒ නිසයි. ඇමෙරිකාවට ගිහින් සරසවි අධ්‍යාපනය හදාරන අතරේ ස්වෙච්ඡාවෙන් යුද හමුදා පුහුණුව ලබාගැනීමේ වරම එම සරසවියේ තිබූ වෙනම අංශයක්. මා එය ලැබුවා.
ඇත්තටම එදා පිටරට යාමට සිදුවුණේ 89 මෙරට ඇතිව තිබූ කලබලකාරී වාතාවරණය නිසයි. එදා අපිත් ගිහින් බෝඩ් උස්සාගෙන හිටපු හැටි මට මතකයි. එදා මම ඩී.එස්. එකෙන් සමුගත්තෙ හරිම දුකකින්. ඩී.එස්. මාතාව අපේ අධ්‍යාත්මයට දී තිබුණෙ ‘තමාට පෙර රට පෙරට’ කියන සංකල්පයයි. මේ සංකල්පය දරා ගෙන තමයි අපි සමාජගත වුණේ. ඇමෙරිකාවේ සිට මම නැවත ලංකාවට ඇවිත් තාත්තා සමග ව්‍යාපාරයේ කටයුතුවලට දායකව සිටියා. එවිට උපාධිය අරගෙන මාස තුනයි.
1995 දී මගේ ආදරණීය තාත්තා අභාවප්‍රාප්ත වුණා. එතකොට මගේ වයස අවුරුදු 22 යි. එවකට තාත්තා සිංගප්පූරුවේ බිහි කළ ආයතනය නිසා ඕස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වූ ‘ක්ලිප්සාල්’ මෙරට ගෙන්වා බෙදා හැරීම ආරම්භ කර තිබුණා. පසුව ක්ලිප්සාල් නිෂ්පාදන මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අංශයත් ව්‍යාප්ත වී තාත්තා බිහි කළ ඔරියන්ට් කොමර්ෂල් සමාගම ලොකු දියුණුවක් ලැබ සිටි බව කියන්න පුළුවනි. ඒ වුණත් තාත්තගෙ අභාවය නිසා වයස 22 ක් පමණ වූ මා ගැන සමාගමේ ඉහළ තනතුරු දැරූ බොහෝ දෙනා විශ්වාසය තැබුවේ නැහැ. ඒ වගේම සමාගමේ ඇතුළාන්තය ගැනත් මට පැහැදිලි අවබෝධයක් තිබුණෙ නැහැ. ජීවිතයේ ලොකුම අභියෝගය ලෙස මුල් වරට මුහුණ දුන්නේ ඒ වටපිටාවයි.
සමාගමේ බොහෝ දෙනා සේවය හැරයාමත් සිදුවුණා. ඒ අතරවාරයේ මූල්‍ය ඇතුළු නේක විධ අක්‍රමිකතා පවා ඇති වූ බව පසුව සොයා ගත්තා. ලැබෙන ආදායම සහ වියදම් කොහේටද යන්නේ කියලා පවා අවබෝධයක් මට තිබුණෙ නැහැ. මෙවැනි වාතාවරණයකදී බැංකුවෙන් නිවේදනයක් ආවා අපේ වත්කම නියමිත කාලය ඉක්මවා ගොස් ඇති බව. ඒ නිසා බැංකුව ඒවා හිමිකර ගන්නා බවට නිවේදන ආවා. එතැනදී තමයි මම අලුත් සුසුමක් අරගෙන දැන් බලා සිටියා ඇති. මම මෙය අලුතින්ම පටන් ගන්න ඕනෑය කියලා හිතුවෙ.
සැලසුම තියෙන්නේ යුද්ධයකට යාමට විතරක් නම්? එහෙම ගිහින් එදාට ඒ මොහොතට ගැළපෙන තීන්දු තීරණ අරගත යුතුයි. එදාට හරියන තීන්දුව අපි කණ්ඩායම එකතුවෙලා අරගත්තා. මේ විදියට යන විට ඉස්සරහා අපි දුටුවා. ඉන්පසුව අනාගතය පෙනෙන්නට පටන් ගත්තා. එදා ප්‍රථමයෙන් ආ මහා අභියෝගය ජයගත්තේ ඒ විදියටයි.’’
තාරුණ්‍යය මොන තරම් නම් අරුත්බර කළ හැකිද? යන්න කුෂාන්ගේ ඒ අදහස්වලින් සනාථ වේ. එද‌ එලෙසින් අභියෝග ජයගෙන ඉදිරියට එන විට 2004 දී නැවතත් විශාල අභියෝගයකට මුහුණදීමට ඔහුට සිදුවිණි. එනම් ඕස්ට්‍රේලියාව සතු ක්ලිප්සාල් සමාගම ප්‍රංශ සමාගමක් විසින් මිලදී ගැනීමය. එම ප්‍රංශ සමාගම කෙතරම් බලවත් වීද යත් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකයට වඩා එම සමාගමේ ආර්ථිකය විශාල විය. ශ්‍රී ලංකාවේ ස්ථාපිතව තිබූ කුෂාන් සතු ක්ලිප්සාල් කර්මාන්තශාලාව මිලදී ගැනීමට ප්‍රංශ සමාගම යුද සේනා බළ ඇණියක් සේ පෙරට පැමිණියේය.
‘‘මෙන්න මේ අවස්ථාවේදී තමයි ඩී. එස්. මාතාවගෙන් ඉගෙන ගත්ත තමාට පෙර රට යන සංකල්පය මෙන්ම, ඇමරිකාවේදී ලැබූ හමුදා පුහුණුව ඇතුළු විදේශීය ඉගෙනුම් වෙතින් මට පරිචයක් ලැබුණෙ. ඒ අත්දැකීම් එක්ක මේ යෝධ ප්‍රංශ සමාගම එක්ක අපි අපේ සටන ඇරඹුවා. ඔවුන් එක් රැයකින් ක්ලිප්සාල් කියන නම පවා ඉවත් කළා. ලංකාවම දැන සිටියෙ ක්ලිප්සාල් නාමයයි. ඒ වන විට සමාගම සතුව සේවක පිරිස පන්සියයක් - හයසියයක් විතර සිටියා. මේ කම්පැනි එක අපි ප්‍රංශ සමාගමට රන් බඳුනක තියලා දෙනවද? නැත්නම් අපි එකතුවෙලා මේක පවත්වාගෙන යනවද? ඒ විදියට මම සමස්ත සේවක පිරිසගෙන් විමසුවා. ‘අපි කරමු. ඇයි අපි අපේ නිර්මාණය ඔවුනට දෙන්නෙ?’


ඔරේන්ජ් නිෂ්පාදන ලොවට දයාද කළ කුෂාන් කොඩිතුවක්කු...
අභියෝග ජයගත් මිනිස්සු...
ඔහුගේ සීයා ව්‍යාපාරික ක්ෂේත්‍රයට මුලින්ම පිවිස ඇත්තේ දොඩම් වෙළෙදාමෙන් යැයි පසු කලෙක ඔහුට දැනගන්නට ලැබිණි. ඔවුන්ගේ පරම්පරාවේ පළමු පරපුරේ ඇරඹුම එසේ වී යැයි සඳහන් වුවද පසුකලෙක සීයා ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකට වූයේ මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහැරීමේ අංශය වෙතිනි.
එවකට පංචිකාවත්ත අද මෙන් මෝටර් රථ අමතර කොටස් අලෙවි කෙරෙන පාරාදීසයක් ලෙස ප්‍රකටව නොතිබුණු සමයේදී මුලින්ම මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහරින අලෙවි ආයතනයක් ‘සෝමපාල සහ සමාගම’ ලෙස ස්ථාපිත කළේ ඔහුගේ සීයාය. දොඩම් වෙළෙඳාම අත්හැර දමා ඇත්තේ මෝටර් රථ අමතර කොටස් අංශයේ වෙළෙඳාම සාර්ථක වූ නිසාවෙනි. නමුත් දෛවයේ කුමක් හෝ අහඹු සිදුවීමක් මත ඔවුනගේ ව්‍යාපාරයට මූල බීජය වූ දොඩම් වෙළෙඳාමේ දොඩම් (ඔරේන්ජ්) නාමය තෙවැනි පරම්පරාවේ ව්‍යාපාර සංකල්පයට ජාත්‍යන්තර ආලෝකයක් ගෙන දී තිබේ.
අප මේ කතා කරන්නේ ඔරේන්ජ් ඉලෙක්ට්‍රික් නව සොයා ගැනීම් අංශය ඇතුළු අංශ කීපයකින් සමන්විත ඔරෙල් කෝපරේෂන් සමාගම ගැනය. එම සමාගමේ නාමයට වඩා අද ලොව පුරා ප්‍රකටව ඇත්තේ ‘ඔරේන්ජ්’ නාමයයි. විදුලි ස්විචයේ සිට බල්බය ඇතුළු එම අංශයට අදාළ නවීනතම තාක්ෂණය පවා ලෝකයට දායාද කළ මෙම ඔරෙල් කෝපරේෂන් සමාගම් ජාලයේ වත්මන් පුරෝගාමි පුරුක වන්නේ කුෂාන් කොඩිතුවක්කු නම් වූ ව්‍යවසායක චරිතයයි.
එද‌ දශක කීපයකට පෙරදී සීයා දොඩම් ගෙඩියෙන් පටන්ගෙන ව්‍යාප්ත කළ ව්‍යාපාර බීජය පසුව කුෂාන්ගේ තාත්තා නව සංකල්ප වෙතින් තව තවත් දියුණුවට රැගෙන ගියේය. තාත්තාගේ වියෝවින් පසුව නේක විධ අභියෝග රැසකට මුහුණ දුන් පුතු කුෂාන් තෙවැනි පරම්පරාවට අයත්ව ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ අද නැගී සිටින්නේ මහා බලසම්පන්න චරිතයක් ලෙසය. ඔහු ගැන වූ මේ කතාව ව්‍යවසායකත්වය වෙතින් පමණක් නොව විවිධ අංශ වෙතින් ජීවිතය ජය ගැනීමට වෙර ගන්නා බොහෝ දෙනාට අතිශයින්ම වැදගත් වේවි.
‘අපේ ව්‍යාපාර පරම්පරාවේ මුල් පුරුක වන්නේ අපේ සීයා. එතුමා මුලින්ම කරලා තියෙන්නෙ ඌව වෙල්ලස්සෙ සිට දොඩම් ප්‍රවාහනය කිරීමයි. අපේ පරම්පරාව පැවත එන්නේ මාතරින්. එදා මාතර මුල් කරගෙන පටන් ගත් ව්‍යාපාරය වෙනස් මගකට යාමට මුල් වුණේ සීයා භාවිතා කළ අබලන් වූ ලොරිය නිසයි.
එදා දොඩම් ප්‍රවාහනය කරලා තියෙන්නේ ඒ ලොරියෙන්. ලොරිය කැඩුණාම අමතර කොටස් සොයා ගැනීම අපහසු වෙලා. මෝටර් රථ අමතර කොටස් කොළඹ සිට මාතරට ගෙන්වා බෙදා හැරීමේ ව්‍යාපාරය පටන්ගෙන තිබෙන්නෙ ඒ විදියටයි. එය දියුණු වූ නිසා දොඩම් වෙළෙඳාම අත්හැර සීයා මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරය කොළඹට ගෙනැල්ලා. පංචිකාවත්තට මුලින්ම මෙම අංශයේ පටන් ගැන්මට පුරෝගාමී වූ චරිතයක් ලෙස සීයාගේ නාමය සඳහන් කරන්න පුළුවනි. එතැනින් ද නොනැවතුණු සීයා, එංගලන්තයට ගිහින් බෙදාහැරීමේ නියෝජිත ලෙස මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදාහැරීමේ අංශය පුළුල් කළා. සීයාගේ සංකල්ප මත එයා තමුන්ගේ යාළුවන්ට සහ ඥ‌තීන්ට අලෙවි ආයතන විවර කර දී එම අංශය දීප ව්‍යාප්ත කිරීමට පුරෝගාමීත්වය දැරුවා. ඉතා හොඳ අලෙවි ජාලයක් රට පුරා ව්‍යාප්ත කළ බව කියන්න පුළුවනි. පසුව එංගලන්තයෙන් අමතර කොටස් ගෙන්වීමට අමතරව ජපානයෙන් ද ගෙන්වීමට කටයුතු කළා. ඒ විදියට දියුණුවෙමින් සිටියදී වතාවක ව්‍යාපාරික කටයුත්තක් සඳහා ජපානයට යමින් සිටියදී සීයා අන්ත්‍රා වුණා.
කුෂාන් පවසන පරිදි ඔහුගේ පියා එම ව්‍යාපාර අංශය පවත්වාගෙන යාමට මූලික වූයේ ඉනික්බිතිවය. ඔහුගේ නාමය වන්නේ සුගත් කොඩිතුවක්කුය. ඔහු සත් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලාය.
තමාගේ තාත්තාටත් වඩා එහා ගිය නව සංකල්ප ඔහු සතු වූ බැවින් සුගත් ව්‍යාපාර ජාලය දිනෙන් දින දියුණු කිරීමට වග බලා ගත්තේය. එක්තරා අවස්ථාවක මොරිස් රෝච් සමාගම ද මිලදී ගත් අතර ලෝ ප්‍රකට පිලිප්ස් නාමයේ ශ්‍රී ලාංකීය නියෝජිත වූවේය. ඉලෙක්ට්‍රිකල් (විද්‍යුත්) අංශය කෙරෙහි ඔවුන් හුවමාරු වූයේ එතැන් සිටය. එහෙත් පසුව ආ විවෘත ආර්ථිකය නිසා විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට කුෂාන්ගේ පියා හට සිදු විණි. ඒ අතරවාරයේදී ඔවුන්ගේ ව්‍යාපාරික ආයතනයක් සිංගප්පූරුවේ ද ස්ථාපිත කර තිබිණි. නව සංකල්ප යටතේ අලුත් අලුත් දේ ලංකාවට ගෙන ඒමට එනිසා තම පියා හට හැකි වූ බව කුෂාන් සිහිපත් කරයි.
‘තාත්තා මේවන විට ඔරියන්ට් කොමර්ෂල් නමින් ව්‍යාපාරය ව්‍යාප්ත කරලයි තිබුණෙ. අනෙකුත් ව්‍යාපාර එයාගේ මල්ලිලා හට භාර දී තිබුණා. සීයා ආරම්භ කළ ව්‍යාපාර පවුලේ වැඩිමලා ලෙස තාත්තා සිය වගකීම් ඉටුකර තිබෙනවා. තාත්තා විවාහ වූ පසු වෙනමම ගමනක් යාමට පටන්ගෙන. එවිට ප්‍රශ්න ඇතිවන්නෙත් නැහැ. පවුලේ අය අතර අසමගිකම් ඇතිවන්නෙත් නැහැ. පවුලක දරුවන් දෙතුන් දෙනෙක් සිටින්නේ නම් එකම ව්‍යාපාරය ඒ ඔක්කොටම භාරදීම වෙනුවට වෙනස් වෙනස් ව්‍යාපාර ලෙස ඔවුනට ස්වාධීනව නැගී සිටීමට අවකාශය සලසා දිය යුතුයි. අනාගතය පැහැදිලි වන්නේ සහ නිරවුල් වන්නේ එවිටයි.’




ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 9 වෙනි ව්‍යවස්ථාව ඉතා සුවිශේෂ වූ ව්‍යවස්ථාවකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමස්ත ක්‍රියාපටිපාටියම නිරූපණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ඉගෙන ගනු ලබන ඕනෑම කෙනෙක්ට මුලු ව්‍යවස්ථාවම තනි ව්‍යවස්ථාවකින් ඉගෙනීමට හැකියි. එනම් 9 වෙනි ව්‍යවස්ථාව නිවැරදිව ඉගෙනීමයි.... 9 වෙනි ව්‍යවස්ථා පුලුල් පරාසයක පැතිරී පවතින ව්‍යවස්ථාවකි. 9 වෙනි ව්‍යවස්ථාව තුලින් ශ්‍රි ලංකා ජනරජයේ ( ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය රාජ්‍ය සේවය ) සෑම කාර්යයකදීම බුද්ධාගමට ප්‍රමුඛත්වය හිමිවන බව සදහන් වේ... එම ව්‍යවස්ථාව පිළිබඳ තවත් එක් සුවිශේෂ පැතිකඩක් පිළිබඳව ඔබේ දැනුමට හා අවබෝධයට මෙසේය. බුදුදහමට ප්‍රමුඛත්වය ජනරජයේ හිමිවීමෙව්දී බුදුදහමේ සදහන් ඉගැන්වීම් වලට අනුගතව කටයුතු කිරීම සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු වේ.. බුදුදහමේ සදහන් මූලික ඉගැන්වීම් අතර පාණඝාතයෙන් වැළකීමට සුවිශේෂ වූ වැදගත්කමක් හිමිවේ. එය මිනිස්සුන්ට සතුන්ට පමණක් නොව ඇසට නොපෙනෙන ජීවින්ගේ පවා මුලිකම අයිතිය බුදුදහමේ ඉගැන්වීම් අනුව ආරක්ෂා වේ.. එනම් ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමයි. බුදුදහමේ මූලික ඉගැන්වීම් අතර පාණඝාතයෙන් වැළකී අවිහිංසාව මූලික කර ගැනීම ශ්‍රි ලංකා ජනරජයේ ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ කටයුතු වලදී මුල් තැනක් ලබා දී ආරක්ෂා කළ යුතුයි .ලෝකයේ විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යහනයේදී එය සුවිශේෂ වූ තත්ත්වයකි. රටේ ජීවත් වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත භාවයට ලබාදුන් සුවිශේෂ වූ ආරක්ෂාවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දක්වා ඇති සෙසු අයිතිවාසිකම් මෙන්ම මානව හිමිකම් ආදී සියල්ල ආරක්ෂා වන්නේ ජීවත්විමේ අයිතිය ආරක්ෂා වීමෙන්ම පමණි. ශ්‍රි ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ජනතාව රැකගැනීමේ අයිතිය තහවුරු කර තිබෙන්නේ බුද්ධාගමට ප්‍රමුඛත්වය පිරිනැමීමේ සුවිශේෂ වූ ව්‍යවස්ථා නිසයි. බුදුදහමෙන් ලැබෙන ජීවත්වීමේ අයිතියේ ආරක්ෂාව සියලු ජාතීන්ගේ ආගමිකයන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ සුවිශේෂ වූ රැකවරණයකි....... 9 වෙනි ව්‍යවස්ථාවේ පුලුල් අර්ථ පරාසයේ එක් සුවිශේෂ වූ පැතිකඩය මෙසේ දැක්විය හැකියි.
දැන් තේරෙනව නේද බුදුදහමට රාජ්‍ය අනුග්‍රහයක් දීල තියෙන්නෙ ඇයි කියලා ඒ කිසි දෙයක් නොදැන බුදුදහමට රාජ්‍ය අනුග්‍රහය අයින් කරන්න දගලන ngo කල්ලි වලට අහු නොවේවා...




තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන...
===================================
තම්බි මුදියන්සේ යනු දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ ද්‍රවිඩ චෙට්ටියෙකුගේ පුතෙකි.
එම පරපුරට අයත් හංවැල්ල වෙල්ගම ගමේ ජයවර්ධන පෙලපත් නාමය ඇති කාන්තාවක් විවාහ කරගෙන මුල්නම වෙනස් කරගෙන බිරිඳගේ වාසගම ඔහු තම නම කරගත්තේය...
තම්බි මුදියන්සේ ඉපදී ඇත්තේ හංවැල්ල වෙල්ගමදීය..
දුප්පත් කම නිසාම කොළඹට ආ ඔහු (වයස අවු,14-15 දී පමණ)කොළඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරියාගේ (ඩ්‍රිබර්ග්)හිත දිනාගෙන ඔහුගේ නිවසේ සේවයට යන්නට යෙදුණි....මෙම කොලුවා මේ හිතදිනා ගැනීම කෙසේ කලාදැයි යන්න නම් ඉතිහාස රචකයාටද ප්‍රශ්ණයකි....😎
මොහු ගේ ඔත්තු බැලීමේ කටයුතු නිසාම පසුව මොහුට ලන්දේසි හමුදාවේ ඔත්තුකරුවකු ලෙස ආරච්චි තනතුරක් ලැබුණි...
සුදු ලොක්කන්ට පෙන්වූ අසීමිත් පක්ෂපාත කම නිසාම මොහු රැකියාවේ ඉහලටම ගියේය...
පසුව ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කරණ විට එම හමුදාවේ ඔත්තු බැලීමට එතුලට රිංගාගත් මොහුව සුද්දන්ට කොටුවිය...අවසානයේ ඉංග්‍රීසීන්ට පක්ෂපාත වන බව පවසා ඔවුන් ළඟ ඔත්තු බැලීමට මොහු එක්විය....
ඉංග්‍රීසීන් පන්නා දැමීමට ලක්දිව සිංහලයන් කැරලි ගසන විට එය මර්ධනය සඳහා මොහුගේ චරපුරුෂ සේවාව ඉතාමත් පිටුවහලක් වූ බව ඩොයිලි පවා සිය දිනපොතේ සටහන් කර ඇත...
මොහුගේ මරණයෙන් පසු 1830 මැයි 15නිකුත්වූ Ceylon Gazette කලාපයේ ඔහුගෙන් ඉංග්‍රීසීන්ට වූ සේවාව සඳහන් කර ඇති බව පැවසේ...
මොහු ජෝන් ඩොයිලිට නොදෙවෙනි චරපුරුෂ හා පාවාදීම කරමින් සිංහලයේ අවසන් රජු වූ රාජසිංහ රජු ඉංග්‍රීසීන්ට අල්ලා දීමට මහත් කර්තව්‍යයක් ඉටු කර ඇත...
මේ.වෙනුවෙන් ලැබූ වතුපිටි මිල මුදල් සම්භාරයට අමතරව,
නිලලත් මුහන්දිරම් ,බලය ලත් මුහන්දිරම් ,වාසල මුදලිකම,ඔත්තුකරුවන්ගේ මුදලිකම යනාදී තනතුරු වරප්‍රසාද රැසක් ද ඉංග්‍රීසීන් විසින් පිරිනමන්නට යෙදුණි...මොහු හා ඩොයිලිගේ මහා කුමන්ත්‍රණය නොවන්නට එදා උඩරට රාජ්‍ය විසින් ඉංග්‍රීසීන් සහමුලින්ම පරාද කරන තත්වයක පැවති බව අතිතය හදාරන ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිවනු ඇත...
එදා සිංහලයේ ගමන් මග අංශක 180 කින්ම අනෙක් පසට හැරවූ කුප්‍රකට තම්බි මුදියන්සේ පරපුරේ තවත් එක් පුරුකක් වූ මෙරට රාජ්‍ය පාලනය කල ජූනියස් රිච්ඩ් ජයවර්ධන විසින් 1977 වසරේ දි කල ලංකා රාජ්‍යයේ හැරවුම අදටත් ලක්වැසියාගේ ජීවිත වලට කර ඇති බලපෑම අතිමහත්‍ ය....ඒ පරපුරේම තවත් අවසන් පුරුකක් වූ රනිල් වික්‍රමසිංහගේ කෙරුවාව සිය පරපුරෙන් මේ රටට වූ කෙරුවාවෙන් වෙනස් වූවක්ද නොවූවක්ද බව තීරණය කිරිම කියවන ඔබට බාර කරමි....
උදය




මේ ඉන්දියානුවන් තැනූ නවතම අධිවේගී විදුලි දුම්රිය ගමනාරම්භ කිරීමට පෙර ලබාගත් ඡායාරූපයකි..!!
සංස්කෘතියේ වැදගත්කම මෙයයි. සංස්කෘතිය මඟින් අනන්‍යතා ගොඩනගන අතර අනන්‍යතාවයක් සහිත ජාතියක් ඉදිරියට යනවා මිස පසුපසට දුවන්නේ නැත..
සංස්කෘතිය මඟින් අදාල සංස්කෘතික වටපිටාව තුල වෙසෙන්නන් එකා මෙන් එක්කාසුකර ‍රොද බැද තබා ගනිති. සංස්කෘතික මිනිසුන්ට හරි මඟපෙන්වීමක් කල විට ඔවුන් මුලු ලෝකයම අල්ලා හඳත් අල්ලනු ඇත.
තම උරුමයන්, තම සංස්කෘතිය සහ තමා තුල පවතින සංස්කෘතික විවිධත්වය ඉතාම ධනාත්මක තැනින් අල්ලාගත් අපේ කාලයේ පතාක යෝධයා ඉන්දියාවයි..!!
ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාවයක් ගොඩනඟාගත්තේ විද්‍යාව තාක්ෂණය අදහමින් තමාව ඇති දැඩි කර තමාට අනන්‍යතාවයක් ලබාදුන් සංස්කෘතික හර පද්ධතීන් කුණු බක්කියට දැමීමෙන් නොවේ.
ඒ වෙනුවට ඔවුහු විද්‍යාව සහ තාක්ෂණය සිය සේවකයන් කරගෙන එයින් උපරිම වැඩ ගනිමින්, තමාව මිනිසුන් බවට පත්කල සංස්කෘතික හර පද්ධතීන්ට දිය යුතු ගරුත්වය දෙමින් තම අනන්‍යතාවය තහවුරු කර ගනිති.
නමුත් අපි..??
අප විද්‍යාව හෝ තාක්ෂණයෙන් වැඩක් ගන්නේ ද නැත, සංස්කෘතියට දිය යුතු ගරුත්වය දෙන්නේ ද නැත. ඒ වෙනුවට විද්‍යාව ගැන පොර ටෝක් කයිවාරු කෙලිමින්, එයින් කිසිදු වැඩක් නොගෙන උදේ ඉඳන් රෑ වෙනතුරු තමාව ඇති දැඩිකල ආගම, සංස්කෘතියට බැණ වදිමින් සංස්කෘතික හීන මානය පිටකරමින් දවස ගෙවමින් සිටිමු..!!
|සජිත් පුෂ්පකුමාර|



20 ta oxirgi post ko‘rsatilgan.

2 972

obunachilar
Kanal statistikasi