ඇත්තටම මේ සිද්ධිය මට කිව්වෙ මගෙ ආච්චි අම්මා. ඒ කියන්නෙ මගෙ තාත්තගෙ අම්මා. එයා දැන් ජීවතුන් අතර නැහැ. එයා ජීවත් වෙලා හිටපු කාලෙදි එයා මට කියපු දෙයක් තමයි මේ ලෝකෙ අපිට පෙනෙන වගේම නොපෙනෙන දේවල් ගොඩක් තියෙනව කියන එක. මුලදි මම ඒ දේවල් විශ්වාස නොකලත් මට විශ්වාස කරන්න සිද්දවුන සිදුවීම් කිහිපයකටම මම මුහුණ දුන්න නිසා එතනින් එහාට ආච්චි මට කිව්ව කතාව මම විශ්වාස කරන්න පටන් ගත්තා. එහෙන්ම් අපි දැන් යමු කතාවට.
අපේ ආච්චිගෙ පුංචි කාලෙ වගේම ඇය මනාලියක් වෙලා තමන් ඉපදුනු නිවසින් පිටත්ව කොළඹට එනකන්ම ඇගේ සුන්දර ළමා කාලය හා තරුණ කාලයෙන් කොටසක් ගෙවිල තිබුනෙ ගාල්ලෙ ගහ කොල පිරුණු සුන්දර පරිසරයක. ඉතින් ආච්චිගෙ පවුල ගැන විස්තර කිව්වොත්, එයාට හිටියා සහෝදරයන් දෙදෙනෙක් සහ එක් වැඩිමහල් සහෝදරියක්. වර්තමානය වෙද්දි මේ කවුරුත් ජීවතුන් අතර නැහැ. ඉතින් මේ සහෝදර සහෝදරියන් අතරින් ආච්චිගෙ බාලම මල්ලි ගොඩක් දඟකාර වගේම කියන දේ නො අසන චරිතයක්. ඇය මාත් එක්ක කිව්ව විදිහට ඇයගේ මල්ලි ගමේ කොහේ හෝ කෙළවරක ඇති ප්රශ්නයක් තමන්ගේ ගෙදරට අරන් එන්න පුලුවන් ජාතියේ ඇට්ටරයෙක්. ඉතින් කොහොමින් කොහොම හරි මේ සහෝදර සහෝදරියන් හතරදෙනා තමන්ගෙ යෞවන කාලය ගෙවමින් ඉඳිද්දි දවසක් ආච්චිගෙ අම්මා ආච්චි සහ මල්ලි විතරක් ගෙදර ඉන්න වෙලාවක කියල තියෙනවා "තැඹිලි ගෙඩියක් තිබුණ නම් හොඳයි නේ බං, ඇඟ සීතල වෙලා යන්නත් එක්ක. පුදුම ග්රීස්මයක් නෙ තියෙන්නෙ." කියලා. ඔතන හිටපු අර පොඩි මල්ලි ඔය කතාව ඇහුණ ගමන් කට පියාගෙන කිසිම දෙයක් නොකිය ගෙදරින් එළියට බැහැලා ගිහින් . ටික වෙලාවක් යනකොට මෙන්න තැඹිලි ගෙඩි දෙකක් අරගෙන එයා ඇවිත්. ආච්චි ඒ වෙලාවෙ මොන යම් හෝ හේතුවකට මල්ලි එක්ක රණ්ඩු වෙලා ඉඳල තියෙන්නෙ. මල්ලි ගෙනාව තැඹිලි ගෙඩි දෙක අම්මට කපල දුන්නම අම්මා ආච්චිටත් තැඹිලි ගෙඩියක් දීලා. ඒත් ඉතින් ආච්චි, මල්ලි එක්ක ආරෝවෙන් හිටපු නිසා ඒ තැඹිලි ගෙඩිය ඒ වෙලාවෙ බීලා නෑ. තැඹිලි ගෙඩිය පැත්තකින් තියලා. ආච්චි කිව්ව විදිහට පස්සෙ බොන්න තමයි එයා ඒක පැත්තකට කරල තියෙන්නෙ. ඉතින් කොහොම හරි ආච්චිගෙ අම්මා ඒ තැඹිලි ගෙඩිය බීලා ඇතුළෙ තියෙන ලොඳ කන්න ඕනවට එයාම තනියෙන් තැඹිලි ගෙඩිය දෙකට පළලා කන්න ගත්තලු. ඉතින් දෙවනි කට වගේ කද්දි අම්මා එක පාරටම බය වෙලා වගේ කකා හිටපු තැඹිලි කෝම්බෙ විසිකෙරුවලු. ආච්චි ඒ වෙලාවෙ ඇයි කියල ඇහුවත් ආච්චි බය වෙන නිසා කිසිදෙයක් කියල නෑ. ඒත් හය හතර තේරෙන වයසෙ හිටපු ආච්චිට, එයාගෙ හැසිරීම් සහ ඉරියව් වල ලොකු වෙනසක් පෙණිලා. කොහොමින් කොහොම හරි ඔය සිද්ධිය වෙලා ටික වෙලාවක් ගිහින් ආච්චි මල්ලි එක්ක තිබ්බ විස්සෝපෙ අඩු වෙලා අර කපලා වහල පැත්තකින් තියල තිබ්බ තැඹිලි ගෙඩිය බොන්න යද්දි ඒකෙන් හරි අමුතු දුර්ඝන්ධයක් ඇවිත් තියෙනවා. හරියට මී කුණකින් එන දුගඳක් වගේ. ඉතින් ඒ දුර්ඝන්ධය නිසා ආච්චිට ඔක්කාරෙට ඇවිත්. තැඹිලි කෝම්බෙත් අරන් එළියට ගියපු එයා තැඹිලි ගෙඩිය අතේ තියාගෙනම වමනෙ කරලා. ඊට පස්සෙ තැඹිලි කෝම්බෙත් විසි කරලා ගෙට ඇවිත්. කොහොමින් කොහොම හරි එදා දවස හිමින් හිමින් ගෙවිල ගොම්ම්න් වැටෙන වෙලාව ආවම ආච්චිගෙ අම්මට හොඳටම උණ අරගෙන. එයා වෙව්ල වෙව්ල මොන මොනවදෝ මුමුණනව ආච්චිට ඇහුන නිසා ආච්චි "ඇයි අම්මේ" කියාගෙන අම්මගෙ ලඟට ගිහින්. එතකොට තමයි ආච්චි දැකල තියෙන්නෙ අම්මගෙ ඇස් දෙක එළියට පනින්න වගේ ලොකු වෙලා තිබුන කියලා. ඉක්මනටම ආච්චි එයාගෙ තාත්තට කතා කරල විස්තරේ කිව්වම ටික වෙලාවකින් කට්ටඩි මහත්තයෙක් ගෙදරට එක්කගෙන ඇවිත්. කට්ටඩි මහත්තය කිව්වට ඒ මනුස්සය වෙදකමත් යහමින් දන්න කෙනෙක්ලු. කොහොමින් කොහොම හරි ආතුරයට නූලක් බැඳල පොඩි ශාන්ති කර්මයක් කරාම අසනිපෙ හොඳ වුණාලු. ඉතින් හොඳ සිහියට ආපු අම්ම කිව්ව කතාව ඇහුවම ආච්චි ඇතුළු ගෙදර හැමෝම හොඳටම බය වෙලා. " මම තැඹිලි ගෙඩිය කද්දි කලුම කලු ලොකු ලොං පිරිච්ච අතක් තැඹිලි කෝම්බෙ ඇතුලට දැම්මා. අත කාගෙද බලන්න යද්දි අත ඉබේ අතුරුදහන් වුනා" මෙහෙම කිව්වම ආච්චිටත් මතක් වෙලා තියෙනවා තමන් බොන්න ගිය තැඹිලි ගෙඩියෙනුත් මී කුණු ගඳක් ආවා නේද කියල. ඉතින් කට්ටඩි මහත්තයා ඇතුළු හැමෝම ඉන්න වෙලාවෙ ආච්චි " මං බොන්න ගිය තැඹිලි ගෙඩියෙනුත් ගඳක් ආවා මං ඒක ආං අරෙහෙට විසි කරා" කියනවත් එක්කම කට්ටඩි මහත්තය අහලා " කොහෙන්ද ඒ තැඹිලි? " කියලා. ඉතින් ආච්චි කියල තියෙනවා "අම්ම තැඹිලි බොන්න ඕන කිව්වම මල්ලි කොහෙන්දෝ උස්සන් ආවා" කියලා. කොහොමින් කොහොම හරි ආච්ච්ගෙ මල්ලිව සභාව මැද්දට ගෙන්නපු කට්ටඩි මහත්තය අහල තියෙනවා
" කොල්ලො උඹ කොහෙන්ද අර තැඹිලි බෑවෙ?" කියලා මල්ලි දුන්න උත්තරෙන් කට්ටඩියගෙ වගේම ගෙදර හිටපු දැනුම් තෙරුම් තිබ්බ අයගෙත් ඇස් උඩ ගියාලු. "මොකටද කොහෙන්වත් බාන්නෙ? මං උදේ දැක්කා අර සොහොනෙ අලුත් මිනී වල ලඟ තැඹිලි තොරණක් බැඳල තියෙනවා මං ඒකෙන් ගෙඩි දෙකක් උස්සං ආවෙ" දැන් කට්ටඩියට සිද්දිය පැහැදිලී.. කොහොමින් කොහොම හරි ලොකු යාතිකා කීපයක්ම කලත් තැඹිලි කාපු දවසෙ ඉඳන් හරියටම හත් වෙනි දවස වෙනකන් මරු විකල්ලෙන් කියව කියව හිටපු ආච්චිගෙ අම්මා, කටින් සෙම දාගෙන ඇඳ උඩම මැරිල ඉඳලා.