☠️ #truestory
මේක මං ලබපු අත්දැකීමක් නෙවෙයි. මම කවදාවත් මේ වගේ සිද්ධියකට මූන දීලා නැ. විශ්වාස කරන්නෙත් නැ.ඒත් මේ කතාව ඇහුවම ඒක බොරුවක් වෙන්න විදිහක් නැ කියලත් හිතෙනව. ඒක කතාවෙ අන්තිමට පැහැදිලි වෙයි ඔයාලට. මගේ අච්චි අම්මා කාලයක් අංශබාගය නිසා අඳේ හිටියා. පස්සේ බෙහෙත් කරලා සාමාන්‍යයෙන් ඇවිද ගන්න වැඩ කරගන්න පුළුවන් උනා. ඒත් පස්සේ පස්සේ ඔලුව ටිකක් අවුල් වෙලා තිබුනා. ඒ එක්කම ඇවිදින්න අමාරුවක් තිබුනා. එක කකුලක් ඇද ඇද ගියෙ. අපේ අම්මලගෙ මහගෙදර තමයි ආච්චි අම්මා හිටියෙ. පුංචි තමයි බලාගත්තෙ. අපේ ගෙවල් තියන්නෙ ටිකක් දුරින්. එකම ගමේ. හැබැයි ගෙවල් ඈතින් තියන්නෙ. ඉතිං ආච්චි අම්මට ඔලුව අවුල් වෙලා හිටපු කාලෙ අපේ ගෙදර එනව තනියම. තරමක් වාහන යන පාරක් ඒක. බයයි එහෙම ඇවිදින්න අමාරු වයසක කෙනෙක් එනකොට තනියම. සමහර දවසට උදේ 6ට විතර එනව. පුංචිලාට හොරෙන්. දවසක් දෙකක් පාරේ වැටිලත් හිටියා ඇවිදගන්න බැරුව. එහෙම වැටුනු වෙලාවට එයා බිම ඉඳගෙන කකුල් දෙකෙන් රොක් වෙවි එයාට යන්න ඕනි දිහාට යනව. තුවාලත් වෙනව ඉතිං. ඉතිං මෙහෙම ඉඳලා එයා ඇඳට වැටුනා. මීට අවුරුද්දකට කලින් මම වැඩකරන තැනින් මාසේ නිවාඩු අරන් ගෙදර ආවා. ඇවිත් අම්මා එක්ක ආච්චි බලන්නත් ගියා. අපි ගියාට පස්සේ පුංචි සුප් එකක් එහෙම පෙව්වා. එදා එයාට හොඳටම අමාරු වෙලා හිටියෙ. සුප් වැඩිය බිව්වෙත් නැ. කතා කරන්න බැ. අඳුරගන්න බැ අපිව. මුන දිහා බලන් හිටිය විතරයි. කොහොම හරි අපි සුප් එහෙම පොවලා හවස 5.30 වගේ වෙද්දි ගෙදර ආවා. ඒ ගමන් පුංචියි නංගියිත් අපි එක්ක ආවා කඩේ යන්න. ආච්චි ගෙදර හිටිය. එයාට ඇඳෙන් බහින්න බැනෙ. වෙනදත් එහෙම දාලා නිදාගත්තම එනව අපේ ගෙදර එහෙම එයාලා...
ඒ ආවාට පස්සේ එයාලා ගෙදර යද්දි වැඩිම උනොත් 6.30 වෙන්නැති. පස්සේ අපිත් රෑට කාලා එහෙම ඉද්දි කෝල් එකක් ආවා ආච්චි නැතිවෙලා කියලා. පුංචි කියන විදියට 8.20 වගේ වෙලාවෙදි වගේ තමයි නැති වෙන්න ඇත්තෙ. එයා 8.45වගේ වෙලාවට ආච්චි නිදිද කියල බලන්න කාමරේට ගියාම කතා කරල පුංචි ඒත් සද්දයක් නැති නිසා බලලා
එතකොට ලඟට ගිහින් අල්ලලා බලද්දි ඔලුව එහෙම සීතලයිලු. කොහොම හරි අච්චි නැති වෙලා මලගෙදර තිබ්බ. මලගෙදරත් ඉවර උනාට පස්සේ අපිට මේ ආරංචිය ලැබුනෙ. එදා මල ගේ වෙලාවෙදි මේ සිද්දියකට අදාල පොඩි ළමයි දෙන්නවත් එක්කන් ඒ අයගෙ අම්මලා ආවලු. මේකයි සිද්ධිය. ආච්චි නැතිඋන දවසෙ අපි සුප් එහෙම පොවලා ගෙදර ගියානෙ 5.30ට වගේ. පුංචිලත් අපි එක්ක ගියානෙ. අපේ ගෙවල් පැත්තට යන පාරේ අපි ගියෙ. ආච්චිලාගෙ ගෙවල් තියන්නෙ හංදියක. මේ සිද්ධිය වෙලා තියන්නෙ අපි ගියපු පාරෙ නෙවෙයි අනිත් පාරෙ. ගොඩක් දුරක් නෙවෙයි ලඟමයි. ඒ පාරට තව පාරක් සෙට් වෙනව පහල පැත්තෙන් ඇවිත්. අර මං කියපු ළමයි දෙන්නා හවස ක්ලාස් ඇරිලා පහල පාරෙ ඉඳන් අර ආච්චිලගෙ අනිත් පාරට සෙට් වෙන තැනට ඇවිත්. ඒ පාර දිගෙම ගියාම තමයි ඒ ලමයින්ගෙ ගෙවල් තියන්නෙ. කොහොම හරි මේ දෙන්න අර පාරට සෙට් වෙද්දිම උඩ පාරෙන් ආච්චි කෙනෙක් බිම ඉදගෙන රොක් වෙවී පහලට එනවලු. මං කිව්වෙ ආච්චි අර පාරෙ යද්දි වැටුනම එහෙම අය හිටගන්න බැරි නිසා එහෙම යනව කියලා. ඒ විදියට. අර ලමයි එච්චර ලොකු අය නෙවෙයි පොඩි දේන්නෙක් ඒ නිසා ඒ දෙන්න ඒ පැත්ත බල බල ගෙදර ගිහින්ලු. ගිහින් අම්මලට කියලා මෙහෙම ආච්චි කෙනෙක් ආවා. අර ගෙදර ආච්චි කියලා. ඒ ලමයි ඊට කලින් ආච්චි එහෙම යනව දැකලා නැහැලු. එත් එදා දැකලා.හැබැයි මෙතන සීන් එක තමයි ආච්චිට අන්තිම දවසෙ එහෙම යන්න පුළුවන්කමක් තිබ්බෙ නැ. යන්න තියා ඇඳේ හැරෙන්නවත් බැ. එදා ඒ ලමයි දකිද්දි ආච්චි ඇඳන් හිටියෙ නිල් පාට ගව්මක්ලු. එයා හොඳින් ඉන්න කාලෙ නිතරම වගේ නිල් පාට ගවුමක් තමයි ඇන්දෙ. අනික නැතිවෙද්දිත් ඒක නෙවෙයි ඇඳන් හිටියෙ. පුංචිලා ගෙදර එද්දිත් ආච්චි නිදිලු. ඉතිං අර ලමයි දෙන්නා මලගෙදර එක්ක ඇවිත් එයාලගෙ අම්මලා ඇහුවලු මේ ආච්චිද ඊයේ දැක්කෙ කියලා. දෙන්නම ඔව් මෙයා තමයි කිව්වලු. හැබැයි ඒ ලමයි තාම දන්නෙ නැ ආච්චිට එදා එහෙම යන්න පුළුවන්කමක් තිබ්බෙ නැ කියලා. එතකොට ඒ ලමයි දැකලා තියන්නෙ ආච්චිගෙ මනෝකාය වෙන්නැතිද??? අදහස් කියන්න. තව සිදුවීම් දෙක තුනක් තියනව. ඒවත් කියන්නම් මං පස්සේ...