බැලු බැල්මටම හිම මිදුණු ස්ථානයක සිසිල් ජල තටාක ලෙස පෙනුනත් මේවා ස්වාභාවික ජල තටාක වේ. තුර්කියේ පිහිටා ඇති මෙම ජල තටාක අවට සුදු පාට වී ඇත්තේ කැල්සියම් කාබනේට් විශාල වශයෙන් තැන්පත් වීම නිසා වේ. මෙහි ජලය මද උණුසුම් වන අතර මෙම ජලයේ ඇති ඛනිජ ලවණ ඖෂධීය ගුණයක් ඇත.