සත්‍ය හොල්මන් කතා 👹


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


ඇසි දිසි මානයෙන් ඔබ්බට .....

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


ʜᴜɴᴅʀᴇᴅ ᴄʜᴀɴɴᴇʟ ꜰᴏʟᴅᴇʀ dan repost
‼CHANNEL එකේ ACTIVE සෙට් එක වෙත‼

👑️ඔන්න අපි ගිය පාර දුන්න Free Package  එකක් අපි මේ පාර හිතුවා "Study Package" එකක් දෙන්න.

⚠මේ අවස්තාව සීමිත පිරිසකට පමණයි.⚠

🪷 Study Package එකේ තියෙන දේවල්⬇️

🌿Past papers  🌼Motivation
🌿Essay             🌼Free internet
🌿Notes             🌼Iq test


👑අපි මේපර Study package එකට තව channels ගොඩක් එකතු කළා

👑Study කරන ළමයින්ට ගොඩක් වැදගත් වෙ
යි.

‼මේ අවස්තාව මිස් කරගන්න එපා.‼


ඉතින් අම්මයි aunty යි ඇදුම් මාරු කරලා එනකන් බලන් හිටියට ඉක්මනට එන්නෙත් නැ. අපිට ඉතින් බලන් ඉඳලා බැරිම තැන අම්මේ අපි වතුරට බහිනවා කියලා මමයි නංගී මල්ලී තුන්දෙනා වතුරට බැස්ස.. අම්මා කෑ ගහලා කිව ගැඹුරට යන්න එපා කියලා. මමත් හා කියලා වතුරට බැහැලා විනාඩි 5 ක්‌ විතර ඉන්නකොට වතුරේ ටිකක් එහාට වෙලා මැද හරියේ පොඩි නංගියෙක් නානවා දැක්ක මන්.. ඉතින් මමත් මැදට ගියා මන් හිටපු තැන වතුරත් ටිකයි නිසා. අනික ඇත්තම හේතුව පොඩි එකෙක් මැද හරියේ නාන කොට මන් ගොඩ හරියේ ඉන්නකොට ලැජ්ජා නිසා ගියේ..
මන් මැද හරියට ගියා විතරයි මාව වතුර ඇතුලට අඳිනවා වගේ ගිලුනා. ඉට පස්සේ කොහොම හරි මන් උඩට ඇවිල්ලා බේරගන්න බේරාගන්න කියලා කෑගහන කොට ආයෙත් යට ගිහින් උඩට ආවම අම්මා කියලා කෑ ගැහුවා.. එතකොට ආයෙත් යට ගියා මන්.. එතකොට නම් මාව ගොඩක් යටට ගියා.. මමත් එක අතකින් නහය වහගෙන තව ටිකක් යටට ගිහින් පොලොවේ අඩිය ගහලා උඩට යන්න ගැම්මක් ( පොඩි ශක්තියක්.. එ අදහස කියන්න තේරෙන්නේ නැ) ගත්තම මට පීනන්න පුළුවන් නේ එතකොට.. මට එ කාලෙ හොඳට පීනන්න බැ.. ඒත් පොළොවක් හම්බුනේ නැ යටට ගියාට..

මට එතකොට නම් ඇත්තටම හිතුනා මන් මැරෙයි කියලා.. එ වෙලාවෙ නම් මගෙ අම්මව ගොඩක් මතක් උනා. කොහොම හරි දගලලා උඩට එද්දි අප්පච්චි වතුරට පැනලා මාව ගොඩට ගත්තා. මගෙ අප්පච්චි navy එකේ. හොඳට පීනන්න පුළුවන් ඉතින්.. මන් දෙවැනි පාර කෑ ගහන කොට තමයි අම්මලාට ඇහිලා තියෙන්නේ..ඉට පස්සෙ ළඟ ගෙදරකින් මට තේකක් එහෙම දුන්නා.. එ ගෙදර aunty කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඉන්නවා.. ඉට පස්සෙ එ aunty කිව එතැන හැම අවුරුද්දකම බිල්ලක් ගන්නවා කියලා. එතකොට තමයි මට මතක් උනේ අර නාන ගමන් හිටපු නංගී ව.. මන් ඒක කීවම කිවා එ ආච්චි ඉට කලින් අවුරුද්දේ කොලඹ කට්ටියක් නාන්න ඇවිත්. එයාලත් එක්ක හිටපු 9 ශ්‍රේණියේ නංගියෙක් ගිලිලා මැරුණා කියලා... මන් හොඳටම බය උනා එදා නම්...ඉට පස්සෙ මේ අවුරුද්දේ පෙබරවාරි වල වගේ අපි ආයේ එ පැත්තේ ගියා මට එතැන නාන්න යන්නමයි ඕනෙ වෙලා තියෙන්නෙ.. මට එතැනට යන්නේ නැතුව එන්න බැ කියලා මන් අම්මලාටත‍් කෑ ගහලා.. අප්පච්චි යන්නේ නැතුව car එක speed කරලා එතැන පහු කරන් ගිහින්.. ඉට පස්සෙ අපි ගෙදර ඇවිල්ල පන්සල් එදා රෑ ම ගියා. ගිහින් හාමුදුරුවන්ට එ විස්තරය කියනකොට තමයී මන් දන්නේ මන් යන්න ඕනේ කිව කියලා.. මට එ කිසි දෙයක් මතක නැ.. ඔයාල කියන්නකෝ ඇයි මට එතෙන්ට යන්න ආයේ ඕන වෙලා තියෙන්නේ..

මේ මගේ 1st සිදුවිම..ආයේ නම් මුකුත් වෙලා නැ මට.. කතාවෙ typing අඩු පාඩු ඇති.. Sorry ඒකට..

~ Shibhani ✍️


මේක මට උන සත්‍ය සිදුවීමක්. විශ්වාස කිරීම නොකිරීම ඔයාලාට බාරයි...

මේක උනේ 2022 ජනවාරි 2 වෙනිදා.. මන් එතකොට 11 ශ්‍රේණියේ හිටියේ.. එදා මගේ අම්මයි තාත්තයි මමයි (මම ගැනු ලමයෙක්) තව අම්මගෙ යාලුවෙක් ගෙ පවුලේ කට්ටියකුයි ( එ පවුලේ aunty, නංගී, මල්ලී, uncle කෙනෙක් හිටියා) ගියා නාන්න පැලැම්පිටිය පැත්තේ. එහෙට යන්නේ තියෙන්නේ යට්යන්තොට එහෙම පහු කරන්. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ තියෙන්නේ. (අපේ ගෙවල් තියෙන්නෙ කෑගල්ලේ.. එ පැත්තේ කට්ටිය නම් දන්නවා  එහෙ නාන්න තියෙන තැන් එහෙම. ලස්සන පරිසරයක්) අපි ඉතින් දිය ඇලි බලලා එහෙම නාන්න ගියා පොඩි ඔයක් වගේ එකකට (එකේ නම හරියට දන්නේ නැ. උඩ දිය ඇල්ලකින් එන වතුර පාරක්) ඉතින් දන්නවා නේ නාන්න තැනකට ගියාම අම්මලා කියන දේවල්... එයාල එනකන් වතුරට බහින්න එපා වගේ දේවල් ගොඩක් කිව අපේ අම්මත්..


මම සාමන්‍යෙන් පාන්දර 1,2 වෙනකල් ඇහැරන් ඉන්න කෙනෙක්.මොකද මං මාරම විදිහට නවල් කියවන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.අම්මත් සමහර දවස් වලට නිදාගෙන මහ පාන්දරට ඇහැරෙනව. තාත්තත් වැඩ නිසා මායි, නංගියි,අම්මයි තමා ඉතින් රෑට ගෙදර ඉන්නෙ.ඉතින් කරුමෙ කියන්නෙ මං ඊයෙ රෑ 12යි ගානකට නිදාගත්තා. අම්ම ඊටපස්සෙ 1ට විතර ඇහැරිලා ඊයෙ. ඊටපස්සෙ වොශ් රූම් ගිහිම් ඇවිත් සාලෙට වෙලා ඉදල.ෆෝන් එක බල බල ඉද්දි අම්මගෙ යාලුවෙක් ගෙන් කෝල් එකක් ඇවිත්.ඒ ඇන්ටි ඉන්නෙ රට.ඔන්න ඉතින් අම්ම එයත් එක්ක කතා කර ඉන්නවලු. දන්නවනෙ ගෑනු කියවන්න ගත්තම කටවල් වලට නිවනක් නෑනෙ. ඔන්න ඕම ටිකක් වෙලා කතා කර කර ඉද්දි එකපාරටම

අම්මේ...අම්මේ....අම්මේ...අම්මේ කියල පොඩි එකෙක් කතා කරනව ඇහිලා. අම්ම ඊටපස්සෙ අර නැන්දට කියල"අනේ බලපන්කො නංගි පොඩ්ඩි (අපෙ නංගිට කතා කරන්නෙ ඒම) ඇහරලද කොහෙද බං.නිදිකරන්න යන්න වෙයිද දන්නෑ" කියල.ඊටපස්සෙ එ නැන්දත් කියල එයාටත් ඇහුන කියල. හතර පාරක් කතා කරල ආය කතා කරපු නැති හින්දා අම්ම අර නැන්ද එක්ක ආයෙත් අම්ම කතා කර කර ඉදල.

ඕම ආයෙ විනාඩි පහකින් විතර ආය චූටි ලමයෙක් හිනාවෙන සද්දයක් ඇහිල, හයියෙන් නෙවෙ හරි හිමින් ලස්සනට හිනා උනාලු.අම්ම ඊටපස්සෙ අර නැන්දට කිව්වලු"දෝනි(එහා ගෙදර නංගි) ඇහරලද කොහෙද බං ආන් හිනාවෙවී ඉන්නව"කියල.එහම කියල තියෙන්නෙ එ ගෙවල් පැත්තෙන් සද්දෙ ඇහුන වගෙ දැනුන නිසාලු.ඕම ඉතින් කෝල් එක කට් කරල.ඊටපස්සෙ ෆේස්බුක් බල බල හිටියලු ටික වෙලාවක් ආයෙ ලමයෙක් අඩන සද්දයක් ඇහුනලූ.අම්මට තේරිලා ඒ නම් දෝනි නෙවෙ කියල.හරි හිමින්ලු අඩන්නෙ ලගම ඇහෙනවලු.ඒ සද්දෙත් ටික්කින් නැවතිලා.ඊටපස්සෙ අම්මට කල්පනා වෙලා මෙච්චර වෙලා ඇහුන සද්ද දෝනිගෙ කටහඩ නෙවෙ කියල අපෙ අම්ම යකෙක්ටවත් බය නැති ගෑනිනෙ ඉතින්.ශේප් එකෙ ඇවිල්ල නිදාගෙන.පාන්දර අල්ලපු ගෙදරිනුත් අහල ඊයෙ රෑ ඇහැරුනාද කියල කවුරුහරි එයාල නැ කියල.ඊටපස්සෙ උදේ අර නැන්ද කොල් කරල කියනවලු ඊයෙ රෑ කෑගැහැවෙ බෝදිලිමා කියල. අම්ම ඉතින් දන්නොනෙ මං හොල්මන් කතා එහම කියවනව කියල. මගෙන් අහනව ඒ කෑ ගැහැවෙ බෝදිලිමද කියල. මං දන්න ඉටිගෙඩියක් නැති නිසයි මෙකට දැම්මෙ

ඒ කතාකරෙ මොකා වෙන්න පුලුවන්ද ඔයාලට මොනාද ඒ ගැන හිතෙන්නෙ කියන්නකො.උදේ ඉදල කනටත් නිවනක් නැ මොකාද ඒ ගගා අහනව හරියට නිකම් මං බූතලෝකෙ අදිපති කියල හිතන් ඇත්තෙ මොනා උනත් හරියට රචනාවක්වත් ලියන්න දන්නැති මගෙ මෙ කතාව අමාරුවෙන් හරි කියෙව්වට ආදරෙයි 😚❤️ පුලුවන්නම් ඔය මොකාද කියන්නකො....


මචං මේක ඇත්තටම අපෙ අම්මට උන සීන් එකක්.මටනම් ඔය හොල්මන් පේන්නෙත් නෑ එකම එක පාරක් කෑගහන සද්දනම් ඇහිල තියනව.අපෙ අම්මටනම් හොල්මන් පේනවත් එක්ක.මේකත් ඊයෙ රෑ උන සීන් එකක් අම්මට. අපේ ගෙවල් තියෙන්නෙ පාරක් අයිනෙ. ප්‍රදාන පාරකුත් නොවන නිතරම වාහන යන හොදට හදපු පාරක්.අපේ ගෙදර කාමර දෙකයි, සාලෙයි, කුස්සියට යන්නොනි එලියෙන්. සාලෙ හෙන ලොකුයි.කාමර එකක මං,අනිකෙ අම්මයි,තාත්තයි,නංගියි.අපෙ ගෙදෙට්ට එහා පැත්තෙ තියෙන්නෙ අපේ බාප්පලගෙ ගෙදර. බාප්පා රට නිසා ඒ ගෙදර ඉන්නෙ පුංචියි, ආච්චියි,මල්ලි කෙනෙකුයි,නංගිල දෙන්නෙකුයි එතනින් එකියක් පෙර පාසල් අපි එයාට කියන්නෙ දෝනි කියල.හරි දැන් යන් කතාවට


අර මාමා කාමරෙන් එද්දිම කුස්සිය පැත්තෙ ඒ ගෙදර කුස්සිය පැත්තෙ වෙන්න ඕන 'දඩාං' ගාලා ජනේලයක් හරි දොරක් හරි වැහුනා. ටිකක් වෙරි වෙලා හිටපු අර මාමා " "ආ දැන් හරි ඔක්කොම #&%#@" ටික කියල හොඳ කුණුහරුපෙකුත් කියාගෙන ආයෙත් හිටපු තැනින් ඇවිත් වාඩි වුනා. ඉතින් අපි හැමෝටම මොකද්දෝ අමුත්තක් තේරිලයි තිබුණෙ. මට විතරක් දැනිච්ච දෙයක් නෙවෙයි ඒක ඊට පස්සෙ අපේ කොල්ලෙක්ට මුත්‍රා අඩස්සියක් හැදිලා අන්තිමට හැම එකාටම එළියට යන්න ඕන වුනා. කොහොමින් කොහොම හරි මං වත්තට ගිහින් මොකක් හරි ලොකු ගහක් ලඟට ඇවිත් වැඩේ කරන්න ගත්‍තා. අනිත් අය තැන් තැන් වල විසිල් ගගහ අනම් මනම් කිය කිය වැඩේ කරනවා. අපිට එළියකට කියල තිබ්බෙ අපේ ෆෝන් වල ටෝච් එලියයි පාරෙ කොනක තිබ්බ ලාම්පුවක එළියක් විතරයි. ඉස්තෝප්පුවෙ වොට් 5කින් එන බල්බ් එකක එළියයි විතරයි. ඒ ඇරෙන්න වටේම කෑලි කපන්න පුලුවන් තරමට කළුවරයි. ඔහොම වැඩේ කර කර ඉද්දි මං ඉන්න ගහට ටිකක් ඈතින් තියෙන ලොකු රූස්ස ගහක් ලඟ චායාවල් දෙකක් එකපාරටම මට පෙණුනා. ඒක දැකල හිත ගැස්සුන මං යාලුවට කතා කරල එක පෙන්නද්දිම ඒ චායාවල් දෙක ගුරු පාර පැත්තට ගිහින් නොපෙනී ගියා. කොහොම හරි අර මගෙ යාලුවටත් ඒක පෙනුනා. අපි එවෙලෙ ඒ සිද්ධිය කාටවත් නොකිය කට්ටියවම අරගෙන ඉක්මනින් ගේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා. ඊට පස්සෙ එළිවෙන ජාමෙ තමයි අපි සාදය ඉවර කරලා යාලුවගෙ ගෙදරට ගියෙ. ඒ යන අතරමගදි මං, මායි යාලුවයි දැකපු දේ හැමෝටම කිව්වා. කියලා අර ගේ ඇතුලෙදි වෙච්ච සිද්ධි කීපයත් මේ සිද්ධියත් එකට ගලපන්න හදනකොට මන්දාරම් නුවර ඉන්න මගෙ යාලුව කියපි " ආ ඒ මිනිහ අර ගෑණිගෙයි ලමයගෙයි මිනී අළු අර කාමරේ තියන් ඉන්නෙ" එහෙම කිව්වට පස්සෙ ආයෙත් ඒ කතාවෙ මොනව ගලපන්නද කියල මටත් හිතුනා... අනිවාරෙන්ම ඒ මාමගෙ දුවයි නෝනයි ඒ ගෙදර තාමත් ඇති. බල්ල මුලදි බිරුවත් පස්සෙ හුරතල් උනේ එයාලව අඳුරගත්ත නිසා වෙන්න ඇති. එයාලා ඒ මාමව බලන්න හැමදාම එනව ඇති, එයාලගෙ ගෙදරට හදිස්සියේ ආව කට්ටිය කවුද කියල එදා බලන් ඉන්න ඇති. ඒ ඔක්කොම හරි කියමුකො. ඒත් ඒ මාමා කාමරේට ගිහින් කතා කරේ කා එක්කද? අර දුර්ගන්ධය ඇවිල්ලා එකපාරම නැතිවුනේ කොහොමද? මහ හයියෙන් ඉබේම දොර වැහුනෙ කොහොමද ? මාමත් එයාල එක්ක කතා කරනවවත්ද? අපි කට්ටියටම ඒක තාමත් ප්‍රශ්නයක්. ඔයාල මොනවද හිතන්නෙ? මේ වගේ දේවල් තව මේ ලෝකෙ කොච්චර නම් වෙනව ඇතිද.....?

මේ කතාවට ලැබෙන ප්‍රතිචාර අනුව මම මගෙ තාත්තා මුහුණ දුන්න ඇත්තම සිද්ධියක් ඔයාලා වෙනුවෙන් ලියන්න හිතාගෙන ඉන්නවා. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරගෙන යන්න.


මට මේක ලියද්දිත් ඒ අතීතය මතක් වෙද්දි හරි ආසයි ආයෙත් ඒ කාලෙ එනව නම් කියල මට නිතරම හිතෙනවමොකද අපි ඒ තරම් ජීවිතේ වින්ඳා. ඉතින් 2018 එක්තරා දිනයක අපි කට්ටිය කතා වුනා මන්දාරම් නුවර යන්න. ගිහින් තියෙන අය දන්නවා ඒ පැත්ත කොච්චර ලස්සනද කියන්න. මගෙ යාලුවෙක් ඉන්නවා මන්දාරම් නුවර හරියටම ගම මැද්දෙ. ඉතින් එහෙ නවතින්න හිතාගෙන තමයි අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. අපි කෝච්චියේ ගිහින් ඊට පස්සෙ බස් එකේ යන්න තමයි කතා කරගත්තෙ. කතා කරගත්ත විදිහටම කොළඹ කොටුව ස්ටේශන් එකෙන් උදේම උඩරට මැණිකෙ එක්ක ගමන පටන් ගත්තා. දවස් 3ක ගමනක් ප්ලෑන් කරලයි තිබුනෙ ඉතින් එදා අපි මගෙ යාලුවගෙ ගෙදරට යද්දි ටිකක් හවස් වුනා. මොකද යන ගමන් ඒ ගමේ ඇවිදලා පැණි බේරෙන් වැල ගෙඩියක් කඩාගෙන කන ගමන් ගඟේ නාලා පොඩි අඩියක් ගහලා සිංදුවක් කියල එහෙම තමයි යාලුවගෙ ගෙදරට ගියෙ. ඉතින් මට මේ දැන් වගේ මතකයි ඒ යද්දි මගෙ යාලුවගෙ අම්මා අපිට කරවල බැදලා පරිප්පු එක්ක කොච්චි සම්බෝලයක් හදලා තිබ්බා දිව්‍ය භෝජන පරාදයි. ඉතින් අපි කට්ටියම විටින් විට හඳ අල්ලන්න යනවා. ඒක අපේ අනිවාර්‍යය ක්‍රියා පටිපාටියක්. (මං හිතනව මං කියපු හඳේ තේරුම ඔයාලා තේරුම් ගනී කියලා) ඔය අතරෙ හඳට ගියාට මදි බෙබේ අයියල තුන් දෙනෙකුත් ඉන්නව. කොයිවෙලෙත් "බො" යන්න කියාගත්ත ගමන් මයි ඉන්නෙ. ඉතින් එදා රෑත් ඒ තුන් දෙන්ගෙ පෙරැත්තියටම ආයෙත් බොන්න ලැස්ති වුණා. ඔය අතරෙ ගෙදර අයිතිකාර මගෙ යාලුවා කිව්වා " මචං අපෙ ගෙදර ඇතුලෙ නිදහසේ බොන්න බෑනෙ උඹලට, තාත්තා නම් අවුලක් නෑ නංගී අම්මයි ගේ ඇතුලෙ ඉන්න නිසා කුණුහර්පයක් වත් කියන්න බෑනෙ... මං උඹලව එක්කන් යන්නම් නියම පොට් එකකට. පොඩ්ඩක් හිටපන් මං එතන ඉන්න මාමට කෝල් එකක් ගහල බලනකන්" කියලා. ඉතින් අපෙත් ඉහේ මලක් පිපුණා වගේ. යාලුවා වැඩේ conform කරලා කිව්ව ගමන් අපි බෝතලුයි, බයිටුයි, සඳ ගමනට අවශ්‍ය ද්‍රව්‍යයි, ගිටාර් එක එක්ක දර්බක් එකත් අරගෙන පැක් කරගත්තා. ඔන්න දැන් රෑ 8ට විතර අපි මගෙ යාලුවගෙ ගෙදරින් අර යනව කිව්ව තැනට යන්න පිටත් වුනා. ලොකු දුරක් යන්න තිබුනෙ නෑ ගුරු පාරක් දිගේ මීටර් 500ක් විතර යද්දි මගෙ යාලුවා ඇඟිල්ල දික් කරලා ගරා වැටෙන ගානට අබලන් වෙලා තිබ්බ ගෙයක් පෙන්නුව. " මේක තමයි ප්ලේස් එක" ගේ වටේටම ගහ කොළ වලින් පිරිල තිබ්බට ඒ වත්ත අවුරුදු ගාණකින් අතුගාලා නම් තිබුණෙ නෑ කියල කලුවරේ වුනත් බලපු බැල්මෙන්ම අපිට තේරුනා. ඔය අතරෙ සෙට් එකේ එක කොල්ලෙක් " මචන් වෙරි වෙලා ඉද්දි නයෙක්වත් ඇවිත් ගහයිද දන්නෑ නේද?" කිව්වම හැමෝම මූණට මූණ බැලුවෙ හරියට ඒ කියපු දේ ස්ථීර කරන්න වගේ. එතකොටම ඒ ගමේ ඉන්න මගෙ යාලුවා කිව්වා " නෑ නෑ බං බය වෙන්න දෙයක් නෑ.. ඔය ගෙදර ඉන්නව වයසක මාමා කෙනෙක් මිනිහගෙ දුවයි ගෑණීයි මැරිල දැන් තනියම ඉන්නෙ.. එලියෙන් ඔහොම පෙනුනට ඇතුල පිලිවෙළයි යමංකො පෙන්නන්න" යාලුව එහෙම කිව්ව නිසාමත් නෙවෙයි අපිට නිදහසේ සිංදුව කියල විනෝද වෙන්න පුලුවන් නිසා මේක අමුතු අත්දැකීමක් වෙයි කියල හිතලත් අපි හිනා වෙවී ගේ පැත්තට ගියා. වත්තෙ කඩුල්ල ලඟෙ ඉඳන් ගමේ යාලුවා " මාමේ..." කියලා දෙපාරක් විතර කෑ ගහද්දි ලෑලි වෙන්වෙලා තිබ්බ දොර ඇරගෙන ටිකක් තළෙලු හරි අහිංසක මූණක් තිබ්බ වයසක අංකල් කෙනෙක් එළියට ආවා.. කොහොමින් කොහොම හරි අපි ගේ ඇතුලට ගිහින් වැඩේ පටන් ගන්න ලෑස්ති වුනා. ඉතින් ඒ ගෙදර අංකලුත් අපි එක්ක ඩ්‍රින්ක් එක දාන්න සෙට් වුනා. අංකල්ගෙ බලු යාලුවත් ලඟ තියාගෙන, එයාටත් බෝතල් මූඩි දෙක තුනක් රහමෙර පොවල අනේ කිසිම කරදරයක් නැතුව අපි සිංදු කියන ගමන් බෝතල් එක හමාරක් හිස් කරා. ඔය අතරෙ අපි කසු කුසුවයි සිංදුවයි නවත්තලා හඳ ගමනට අවශ්‍ය දේවල් හදන්න පටන් ගත්තා. එතකොට නම් රෑ 12 පහුවෙලා හැබැයි මට හරියටම වෙලාව මතක නෑ. මෙන්න සභාව මැද්දෙ හිටපු අංකල්ගෙ බල්ලා එකපාරට ඒ ගෙදර කාමරේක දොරක් දිහා බලාගෙන බුරන්න ගත්තා.. තත්පර ගානක් බුරලා එකපාරට බිරිල්ල නවත්තලා හුරතල් වෙවී කෙඳිරි ග ගා කාමරේ ඇතුලට ගියා.. මේ සිද්ධිය මට ටිකක් ඇල්ලුවෙ නෑ මොකද එතකොටත් කලින් තිබ්බෙ නැති මොකක්දෝ අමුතු ගඳක් එන්න පටන් අරන් තිබ්බෙ. මාමගෙන් ඇහුවම බල්ලට මොකද වුනේ කියලා "ආ ඔය උගෙ හැටි" කිව්වා ඒත් ඔන්න මට ඉතින් දැන් බයයි. ඔය අතරෙ කාමරේ ඇතුලෙ ඇඳේ කවුරු හරි ඉඳගන්නව වගේ සද්දයක් ඇහුනා. මං හිතුවා බල්ල ඇඳට නගින්න ඇති කියලා. ටික වෙලවක් යද්දි බල්ලා එලියට ආව. එතකොටම මොනා හරි දෙයක් සද්දෙට බිම වැටෙනව ඇහුනා ඇතුලෙන්. ඔය සද්දෙ ඇහෙද්දි අපි හඳ ගමනට පිටත් වෙලා හිටපු හින්ද හැමෝටම පොඩි සද්දයක් පවා ඇහෙනව මොකද දන්න අය දන්නව ඒ වෙලාවට තියෙන සෙන්ස් එක. එක පාරටම අර මාමා අපි ගාවින් නැගිටල ඒ කාමරේට ගියා.. අපිට ඇහුනා මොනවද මුමුනනව හරියට කා එක්ක හරි කතා කරනව වගේ.. අපි එක එකාගෙ මූණ දිහා බලන් දැන් ඉන්නව මුකුත් කතාවක් නැතුව. ඊටපස්සෙ එකපාරටම කාමරේ රෙද්ද ඈත් වෙනව මායි තව යාලුවො දෙන්නෙකුයි දැක්කා..මොකද අපි හිටියෙ ඒ කාමරේ පැත්ත පේන විදිහට ඉඳගෙන. අර ගේ ඇතුලට ආව ගඳ ටික ටික වැඩි වෙන්න ගත්තා ඊට පස්සෙ ටික ටික අඩු වුනා.


මම මේ ගෲප් එකට මම ලංකාවෙ ඉද්දි මුහුණ දුන්න අත්දැකීම් දෙකක් ලියලා දැම්මා ඇත්තටම ඒවට ඔයාලගෙන් ලැබිල තිබුණ ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒ කතා කියවපු, නොකියවපු හැමෝටම ස්තූති කරන ගමන් මම මගේ ජීවිතේ අවසාන වරට මුහුණ දුන්න, හොල්මන් නැත්තන් අත්භූත යැයි කිවහැකි කතාවක් තමයි මේ ලියන්න හදන්නෙ. එහෙනම් අපි කතාවට යමු.

මම ලංකාවෙ ඉද්දි වැඩ කරේ එක්තරා මාධ්‍ය ආයතනයක. ඩොලර් හිඟයක් ඇතිවෙන්න කලින් රටේ තිබුන තත්වය හරිම නිදහස්. ලොකු බරක්පතලක් තිබුනෙ නෑ කාටවත්. හැමෝම හම්බ කරන සල්ලි වලින් කාලා බීලා විනෝදෙන් හිටපු කාලයක් ඒක. මං කියන්නෙ නෑ දැන් ලංකාවෙ මිනිස්සු විනෝදෙන් ඉන්නෙ නෑ කියල. ඒත් ඒ ආපු ඩොලර් හිඟයෙන් පස්සෙ සල්ලි ‍යහමින් තියෙන මනුස්සයට උනත් යම් කිසි පීඩනයක් ආවා කියන එක නොරහසක්. ඉතින් මම ඔය කියන මාධ්‍ය ආයතනයේ වැඩ කරපු කාලේ මාත් එක්ක මගේ ගෲප් එකේ වැඩ කරේ පිරිමි ළමයි 8 දෙනයි ගෑණු ලමයි දෙන්නයි. ඒ හැමෝම එතකොට හිටියෙ 21 සහ 32 යන වයස් කාණ්ඩය ඇතුලේ එතකොට ඒ කවුරුත් කසාද බැඳලා හිටියෙත් නෑ ඉතින් අපේ ගෲප් එකේ මං ඇතුළු කොල්ලො 8 දෙනා මාස 2කට සැරයක් ලංකාවෙ කොහෙම හරි අස්සක රිංගනවා කූඩාරම් අරගෙන කෑම බීම අරගෙන, කොහොම හරි ට්‍රිප් එකක් යනවා.


ඉතින් කට්ටඩි මහත්තය කියල තියෙන විදිහට ඒ තැඹිලි ගෙඩියට අත දලා තියෙන්නෙ මහසෝන් අවතාරෙලු. මිනිය වල දැම්මට පස්සෙ ඒ තොරණින් තැඹිලි කඩන් ආපු නිසාලු එහෙම ඇවිත් තියෙන්නෙ මිනිය වල දැම්මට පස්සෙ ඒ තැඹිලි සොහොනට කැප වෙලා ඉවරලු. ආච්චත් ඒ වෙලාවෙ අර බොන්න හදපු තැඹිලි ගෙඩිය බිව්ව නම් ආච්චිටත් මේ සන්තෑසියම වෙනව කිව්වලු. ආච්චිව ආරක්ශා කරන කවුරු හරි ඒ තැඹිලි ගෙඩිය ආච්චිට පෙවෙන්නෙ නැති විදිහට වැඩ සලස්සල කියල තමයි කට්ටඩි මහත්තය කියල තියෙන්නෙ. ඒ වගේම ආච්චිගෙ අම්මව දැකපු පලවෙනි දවසෙම කට්ටඩි රාල දැනගෙන ඉඳල තියෙනව අම්මව මහසෝන් අවතාරෙ බිල්ලට අරන් ඉවරයි කියන එක. කොහොමින් කොහොම හරි අන්තිමට මේ සිද්ධිය නිසා කම්පනයට පත්වෙච්ච ආච්චිගෙ මල්ලි නිහඬ වෙලා. කාත් එක්කවත් කතා කරල නෑ. 2020 අවුරුදු 86න් අන්තරා වෙනකන්ම ඒ මල්ලි සිවුරක් ඇඳගෙන අනගාරික දිවියක් ගත කළේ. එයා අපේ ගෙදරත් හිටපු ගමන් ආවා ගියා. ආ තව දෙයක්, මං මේ කතාව කියල ඉවර වුනාම ආච්චිගෙන් ඇහුවා මල්ලි ඒකෙන් තැඹිලි ගෙඩියක් බිල නැද්ද කියලා. ආච්චි කිව්වෙ එයා බිව්වෙ නෑ කිව්වා.. මල්ලිටයි අම්මටයි තමයි තැඹිලි ගෙඩි දෙක අරන් ඇවිත් තියෙන්නෙ පස්සෙ අක්ක දැකල දුක හිතිලා අම්මට තැඹිලි ගෙඩි දෙකම දුන්නලු කපල අක්කටත් දෙන්න කියලා. ඉතින් මෙහෙම සිද්ධි මේ ලෝකෙ කොහේ හරි කොණක තවමත් සිද්ධ වෙනව ඇති....

කොහොමින් කොහොම හරි මේක තමයි සිද්දිය. මේක කියවපු ඔයාලා මොකද හිතන්නෙ? ඇත්තටම ඒ කලු පාට ලෝම පිරිච්ච අත කාගෙ වෙන්න ඇතිද? ඇයි අර සොහොනෙන් ගෙනාව තැඹිලි

ගෙඩිය බිව්වම එහෙම වුනේ? ඔයාලා රෑක කාමරේ ඉද්දි ඔයාලගෙ එහා පැත්තෙන් එහෙම අතක් දැක්කොත් ඔයාලත් බය වෙයිද? මේ කතාවට ලැබෙන ප්‍රතිචාර එක්ක මම තවත් කතාවක් ලියනවද නැද්ද කියලා තීරණේ කරන්නම්. මේ ගැන ඔයාලගෙ අදහසුත් කියන් යන්න


ඇත්තටම මේ සිද්ධිය මට කිව්වෙ මගෙ ආච්චි අම්මා. ඒ කියන්නෙ මගෙ තාත්තගෙ අම්මා. එයා දැන් ජීවතුන් අතර නැහැ. එයා ජීවත් වෙලා හිටපු කාලෙදි එයා මට කියපු දෙයක් තමයි මේ ලෝකෙ අපිට පෙනෙන වගේම නොපෙනෙන දේවල් ගොඩක් තියෙනව කියන එක. මුලදි මම ඒ දේවල් විශ්වාස නොකලත් මට විශ්වාස කරන්න සිද්දවුන සිදුවීම් කිහිපයකටම මම මුහුණ දුන්න නිසා එතනින් එහාට ආච්චි මට කිව්ව කතාව මම විශ්වාස කරන්න පටන් ගත්තා. එහෙන්ම් අපි දැන් යමු කතාවට.

අපේ ආච්චිගෙ පුංචි කාලෙ වගේම ඇය මනාලියක් වෙලා තමන් ඉපදුනු නිවසින් පිටත්ව කොළඹට එනකන්ම ඇගේ සුන්දර ළමා කාලය හා තරුණ කාලයෙන් කොටසක් ගෙවිල තිබුනෙ ගාල්ලෙ ගහ කොල පිරුණු සුන්දර පරිසරයක. ඉතින් ආච්චිගෙ පවුල ගැන විස්තර කිව්වොත්, එයාට හිටියා සහෝදරයන් දෙදෙනෙක් සහ එක් වැඩිමහල් සහෝදරියක්. වර්තමානය වෙද්දි මේ කවුරුත් ජීවතුන් අතර නැහැ. ඉතින් මේ සහෝදර සහෝදරියන් අතරින් ආච්චිගෙ බාලම මල්ලි ගොඩක් දඟකාර වගේම කියන දේ නො අසන චරිතයක්. ඇය මාත් එක්ක කිව්ව විදිහට ඇයගේ මල්ලි ගමේ කොහේ හෝ කෙළවරක ඇති ප්‍රශ්නයක් තමන්ගේ ගෙදරට අරන් එන්න පුලුවන් ජාතියේ ඇට්ටරයෙක්. ඉතින් කොහොමින් කොහොම හරි මේ සහෝදර සහෝදරියන් හතරදෙනා තමන්ගෙ යෞවන කාලය ගෙවමින් ඉඳිද්දි දවසක් ආච්චිගෙ අම්මා ආච්චි සහ මල්ලි විතරක් ගෙදර ඉන්න වෙලාවක කියල තියෙනවා "තැඹිලි ගෙඩියක් තිබුණ නම් හොඳයි නේ බං, ඇඟ සීතල වෙලා යන්නත් එක්ක. පුදුම ග්‍රීස්මයක් නෙ තියෙන්නෙ." කියලා. ඔතන හිටපු අර පොඩි මල්ලි ඔය කතාව ඇහුණ ගමන් කට පියාගෙන කිසිම දෙයක් නොකිය ගෙදරින් එළියට බැහැලා ගිහින් . ටික වෙලාවක් යනකොට මෙන්න තැඹිලි ගෙඩි දෙකක් අරගෙන එයා ඇවිත්. ආච්චි ඒ වෙලාවෙ මොන යම් හෝ හේතුවකට මල්ලි එක්ක රණ්ඩු වෙලා ඉඳල තියෙන්නෙ. මල්ලි ගෙනාව තැඹිලි ගෙඩි දෙක අම්මට කපල දුන්නම අම්මා ආච්චිටත් තැඹිලි ගෙඩියක් දීලා. ඒත් ඉතින් ආච්චි, මල්ලි එක්ක ආරෝවෙන් හිටපු නිසා ඒ තැඹිලි ගෙඩිය ඒ වෙලාවෙ බීලා නෑ. තැඹිලි ගෙඩිය පැත්තකින් තියලා. ආච්චි කිව්ව විදිහට පස්සෙ බොන්න තමයි එයා ඒක පැත්‍තකට කරල තියෙන්නෙ. ඉතින් කොහොම හරි ආච්චිගෙ අම්මා ඒ තැඹිලි ගෙඩිය බීලා ඇතුළෙ තියෙන ලොඳ කන්න ඕනවට එයාම තනියෙන් තැඹිලි ගෙඩිය දෙකට පළලා කන්න ගත්තලු. ඉතින් දෙවනි කට වගේ කද්දි අම්මා එක පාරටම බය වෙලා වගේ කකා හිටපු තැඹිලි කෝම්බෙ විසිකෙරුවලු. ආච්චි ඒ වෙලාවෙ ඇයි කියල ඇහුවත් ආච්චි බය වෙන නිසා කිසිදෙයක් කියල නෑ. ඒත් හය හතර තේරෙන වයසෙ හිටපු ආච්චිට, එයාගෙ හැසිරීම් සහ ඉරියව් වල ලොකු වෙනසක් පෙණිලා. කොහොමින් කොහොම හරි ඔය සිද්ධිය වෙලා ටික වෙලාවක් ගිහින් ආච්චි මල්ලි එක්ක තිබ්බ විස්සෝපෙ අඩු වෙලා අර කපලා වහල පැත්තකින් තියල තිබ්බ තැඹිලි ගෙඩිය බොන්න යද්දි ඒකෙන් හරි අමුතු දුර්ඝන්ධයක් ඇවිත් තියෙනවා. හරියට මී කුණකින් එන දුගඳක් වගේ. ඉතින් ඒ දුර්ඝන්ධය නිසා ආච්චිට ඔක්කාරෙට ඇවිත්. තැඹිලි කෝම්බෙත් අරන් එළියට ගියපු එයා තැඹිලි ගෙඩිය අතේ තියාගෙනම වමනෙ කරලා. ඊට පස්සෙ තැඹිලි කෝම්බෙත් විසි කරලා ගෙට ඇවිත්. කොහොමින් කොහොම හරි එදා දවස හිමින් හිමින් ගෙවිල ගොම්ම්න් වැටෙන වෙලාව ආවම ආච්චිගෙ අම්මට හොඳටම උණ අරගෙන. එයා වෙව්ල වෙව්ල මොන මොනවදෝ මුමුණනව ආච්චිට ඇහුන නිසා ආච්චි "ඇයි අම්මේ" කියාගෙන අම්මගෙ ලඟට ගිහින්. එතකොට තමයි ආච්චි දැකල තියෙන්නෙ අම්මගෙ ඇස් දෙක එළියට පනින්න වගේ ලොකු වෙලා තිබුන කියලා. ඉක්මනටම ආච්චි එයාගෙ තාත්තට කතා කරල විස්තරේ කිව්වම ටික වෙලාවකින් කට්ටඩි මහත්තයෙක් ගෙදරට එක්කගෙන ඇවිත්. කට්ටඩි මහත්තය කිව්වට ඒ මනුස්සය වෙදකමත් යහමින් දන්න කෙනෙක්ලු. කොහොමින් කොහොම හරි ආතුරයට නූලක් බැඳල පොඩි ශාන්ති කර්මයක් කරාම අසනිපෙ හොඳ වුණාලු. ඉතින් හොඳ සිහියට ආපු අම්ම කිව්ව කතාව ඇහුවම ආච්චි ඇතුළු ගෙදර හැමෝම හොඳටම බය වෙලා. " මම තැඹිලි ගෙඩිය කද්දි කලුම කලු ලොකු ලොං පිරිච්ච අතක් තැඹිලි කෝම්බෙ ඇතුලට දැම්මා. අත කාගෙද බලන්න යද්දි අත ඉබේ අතුරුදහන් වුනා" මෙහෙම කිව්වම ආච්චිටත් මතක් වෙලා තියෙනවා තමන් බොන්න ගිය තැඹිලි ගෙඩියෙනුත් මී කුණු ගඳක් ආවා නේද කියල. ඉතින් කට්ටඩි මහත්තයා ඇතුළු හැමෝම ඉන්න වෙලාවෙ ආච්චි " මං බොන්න ගිය තැඹිලි ගෙඩියෙනුත් ගඳක් ආවා මං ඒක ආං අරෙහෙට විසි කරා" කියනවත් එක්කම කට්ටඩි මහත්තය අහලා " කොහෙන්ද ඒ තැඹිලි? " කියලා. ඉතින් ආච්චි කියල තියෙනවා "අම්ම තැඹිලි බොන්න ඕන කිව්වම මල්ලි කොහෙන්දෝ උස්සන් ආවා" කියලා. කොහොමින් කොහොම හරි ආච්ච්ගෙ මල්ලිව සභාව මැද්දට ගෙන්නපු කට්ටඩි මහත්තය අහල තියෙනවා

" කොල්ලො උඹ කොහෙන්ද අර තැඹිලි බෑවෙ?" කියලා මල්ලි දුන්න උත්තරෙන් කට්ටඩියගෙ වගේම ගෙදර හිටපු දැනුම් තෙරුම් තිබ්බ අයගෙත් ඇස් උඩ ගියාලු. "මොකටද කොහෙන්වත් බාන්නෙ? මං උදේ දැක්කා අර සොහොනෙ අලුත් මිනී වල ලඟ තැඹිලි තොරණක් බැඳල තියෙනවා මං ඒකෙන් ගෙඩි දෙකක් උස්සං ආවෙ" දැන් කට්ටඩියට සිද්දිය පැහැදිලී.. කොහොමින් කොහොම හරි ලොකු යාතිකා කීපයක්ම කලත් තැඹිලි කාපු දවසෙ ඉඳන් හරියටම හත් වෙනි දවස වෙනකන් මරු විකල්ලෙන් කියව කියව හිටපු ආච්චිගෙ අම්මා, කටින් සෙම දාගෙන ඇඳ උඩම මැරිල ඉඳලා.


කොහොමද හැමෝටම මම හිතනව ඔයාල හැමෝම හොඳින් ඇති කියලා. මේ වෙද්දි මම මේ ගෲප් එකට මං මුහුණදුන් සහ මට අහන්න ලැබුණ සත්‍යම සිදුවීම් හතරක් ඔයාල එක්ක බෙදාගෙන තියෙනවා. ඒ වගේම ඒ කතා වලට ලැබුණු ප්‍රතිචාර නිසාම එක කතාවක් ලියලා නවතින්න හිටපු මම මේ විදිහට මගේ පස් වෙනි කතාවත් ඔයාලා වෙනුවෙන් ලියන්න තීරණය කරල තියෙනවා. මෙතෙක් මම ලියපු සියලුම කතා සත්‍ය සිදුවීම් වන අතරම මනංකල්පිත කතාවක් ලියනවා නම් මම ඒ ගැන සඳහන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ කතා වලට ඒ දක්වපු අදහස් වගේම යෝජනා හා චෝදනා වලටත් ඉතාමත් ස්තූතිවන්ත වෙමින් මම මගේ පස්වෙනි කතාවත් ඔයාල එක්ක බෙදාගන්නම්


මං දැක්ක ගමන් හිතුවෙ එයා කියලා. මං වැඩිය ගනන් ගත්තෙ නෑ. ඒත් ගැට්ටෙ මනුස්සයෙක්ට ඉන්න අමාරුයි වැටෙනව කියල පස්සෙ හිතුන මට. මං ආයෙ පොරෝන රෙද්ද උස්සලා බැලුවා ඒ පැත්ත එයා තාම එහෙමමයි. ඒ අස්සෙ මගෙ යට ඇදේ හිටපු කෙනා කෑගැහුවා අර අක්කාගෙ නම කියලා අපි හැමෝම ඇහැරුනා. බලද්දි අර අක්කා එයාම පහල ඇදේම නිදියන් ඉදල තියෙන්නෙ. එතකොට උඩ බිත්තියෙ ගැට්ටෙ හිටියෙ එයා නෙවෙ. මායි මගෙ පහල ඇදේ හිටපු යාලුවයි, අර අක්කාගෙ ඇදට උඩ ඇදේ හිටපු කෙනායි තුන්දෙනාම දැකල තිබ්බා අර බිත්ති ගැට්ට උඩ හිටපු කෙනාව. අපි ඔක්කොම කෑගහගෙන එලියට දිව්වා රූම් එකෙන්. ඔය සිද්දියෙන් පස්සෙ කීප සැරයක්ම හොස්ටල් එකේදි ළමයි එක එක ඒවට බය උනා. රජරට මෙඩිකල් ෆැකල්ටි එකේ ඒ හොස්ටල් එකේ හිටපු අය දන්නව විස්තරෙ. අපිට අදටත් හිතාගන්න බෑ අපි මොකක්ද දැක්කෙ කියලා 😬 එදයින් පස්සෙ මං හිතාගත්තා මිනිස්සුන්ට අමතරව හොල්මන් හරි, භූතයො හරි මොනාවම හරි දෙයක් තියෙනව අපිට පේන්නෙ නැති දැනෙන්නෙ නැති කියලා


මේක මට වෙද්ද සිද්දියක් 😓

කැම්පස් එකේ හොස්ටල් එකේ රූම් එකේදි වුනේ පලවෙනි අවුරුද්දෙදි. අපි හිටියෙ පරණ තනි තට්ටුවෙ හොස්ටල් එකක. අපි හතර දෙනෙක් හිටියා රූම් එකේ. රෑ නිදාගෙන හිටියෙ කට්ටියම හෙනම මහන්සි වෙලා හිටියෙ රෑ වෙනකම්ම ෆන්ශන් එකක් තිබිලා, මතක විදිහට ස්පෝට් මීට් එකක් තිබ්බා එදා. නිදාගෙන ඉද්දි එකපාරටම මට පහල ඇදේ හිටපු කෙනා කතා කරා මගෙ නම කියල රහසින් වගේ. කොහොමද දන්නෙ නෑ මාව ඇහැරුනා. ඇහැරිලා බලද්දි කාමරෙ අනික් පැත්තෙ බිත්තියෙ ගැට්ටක් වගේ තියෙනව වහලෙට පහකින් ඒක උඩ ඉන්නව කොන්ඩෙ කඩාගෙන ගෑණු ළමයෙක්. නයිට් ඩ්‍රෙස් එකකුත් ඇදලා. ඉදගෙන හිටියෙ. මූණ පෙනුනෙ නැති උනාට ඇගපතෙන් හිතන්න පුලුවන් අපේ රූම් එකේම අනිත් ඩබල් ඇදේ පහල ඇදෙ හිටපු අක්කා වගේ කියලා


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
උලමගෙ සද්දෙ අහල නැති අයට අහන්න දැම්මෙ රෙකෝඩ් කරද්දි වෙලාව පාන්දර 1.15 යි 🥲 බය වෙන්න එපා හැබැයි ටිකක් අව්ල් යයි තනියෙන් නිදාගන්න අයට


අපේ මාමත් බැනලා ඔහොම කරන්න එපා කියලා එත් එයා අහලා නෑ මෙයත් ඉතින් එයාට බැන බැන වැඩ කර කර ඉදලා.ඉට පස්සේ වැස්සක් වගේ එන නිසා මාමා ඉක්මනින් වැඩ කරලා වට පිට බලද්දී පුතා නැහැලු.අපේ මාමාව දාලා ඒ මනුස්සයා ගෙදර ගිහින් වැස්ස නිසා.කරුවලත් වැටීගෙන එනකොට මාමා ගෙදර එන්න ලෑස්ති වෙලා එතකොටම මාමාගේ කකුලක් ඇද්දලු අර සීයගෙ සොහොන පැත්තට එයා ටග් ගාලා කකුල අරගෙන බයිසිකලේ අරන් එන්න යද්දී බයිසිකලේ එන්නේ නෑලු පස්සෙන් අදිනවා වගේලු ඉට පස්සේ මාමා බයිසිකලේ කරේ තියන් පාර ලගට අවිත් පරෙන් තියල පදිද්දි මුකුත් නැහැලු ඉට පස්සේ ගෙදර ඇවිත් කකුල බලද්දී තුවලයක් වෙලා නිකන් කබරයෙක් ගැහැව්වා වගේ.අපේ පන්සලේ හමුදුරු කෙනෙක් ඒ දවස් වල වෙදකන් කරන ඔය වැඩේ කරන්න කලිනුත් මාමා හාමුදුරුවන්ට කියල පිරිත් නුලක් බැදන් තමා ගියේ.මාමා උදේ පන්සලට ගියාම කකුල පෙන්නන්න හාමුදුරුවෝ කියලා කොල්ලෝ උබ බේරිලා තියෙන්නේ උබ් ඔය අතේ තිබ්බ නුලටයි කිව්වලු.කකලේ තුවාලෙට ගොඩක් දවස් බෙහෙත් කරා හමුදුරුවෝ හොද උනා අපේ මාමා ඒ සීයගෙ පුතාට ගිහින් බැන්නා ඔයලාගෙ ලොබ කම නිසා තව ටිකෙන් මම ඉවරයි කියලාටික දවසකට පස්සේ අපිට අරන්චියක් අවා ඒ සීයලගේ ගෙදර ඉන්න බැහැ රෑට බඩු පෙරලන සද්දේ එහෙම එනව ඒ සීය ගිහින් නැද්ද කොහෙද

මේක මගේ පලමු කතාව අඩු පාඩු ඇත්නම් සමා වෙන්න සත්‍ය කතාවක්


මේක අපේ මාමාට වෙච්ච දෙයක්.එයා මෙසන් බාස් කෙනෙක් ඉතින් එයා සොහොන් කොත් එහෙමත් හදනවා.ඒ සම්බන්ද කතාවක් තමයි මම කියන්න යන්නේ.අපේ ගෙවල් පත්තේ සීයා කෙනෙක් නැති උනා එයාගේ කඩේ ලග පඩියකින් වැටිලා එයා ජිවත් වෙලා ඉද්දිත් ලොබ කමට ජීවත් උනු කෙනෙක් එයාලගෙ ලමයිනුත් එහෙමයි සල්ලි තිබුනට

ඉතින් ඒ සීයා මැරුනට පස්සේ එයාගෙ පුතා අවිත් අපේ මාමාට කිව්වා ඒ සීයගේ සොහොන් කොත හදන්න එන්නකියලා. අපේ මාමාත් වැඩ තිබුන නිසා හවස එන්නම්කියලා කිව්වා. ඉට පස්සේ ඒ සීයගේ පුතයි මාමායී දෙන්නම හවස ගියා.ඒ සීයගෙ පුතා ආදහනය කරපු අලු මුට්ටියත් අරන් අවිත් තියෙන්නේ. සොහොන ලගදී ඒ මනුස්සයාගෙ තිබ්බ ලොබ කමට ඒ මුට්ටිය ලොකු වැඩී තව කී දෙනෙක්ගේ ඒවා දාන්න ඔනිද කියල පොඩි මුට්ටියකට ඒ අලු මාරු කරලා බාගයක්ම බිමත් හැලිලා


ඒ වෙලාව රෑ 11ට වගේ ඇති. ඒ වෙලාවෙ මම කාර් එක නතර කරල විරුද්ද පැත්තෙ ශටර් එක පාත් කලා ඒ එලිය මොකක්ද බලන්න. එතකොටම ගොඩාක් වයසක මනුස්සයෙක් ජනේලෙන් ඇතුලට ඔලුව දාල කීව "බුදුන් වදින්න මල් ටිකක් කඩාගන්න ආව" කියල. මම හා හොදයි කියල වාහනේ ඉස්සරහට ගත්තා. ඒ එලිය තිබුනු තැන ඉදල කාර් එක ලගටත් දුර අඩි 50ක් වත් ඇති. හැබැයි කටු පදුරු කැලැව නිසා ක්ශණිකව එන්න බෑ. ඒ වගේම ඒ අවට ක්වාටස් සහ රජයේ ආයතන ටික හැර මිනිස්සු පදිංචි ගෙවලුත් නෑ. ක්වාට්ස් වලත් එහෙම වයසක අය කවුරුත් නෑ. ඒක ටිකක් අසාමාන්‍ය නිසා මම ඒ වෙලේම ආයෙ කාර් එක රිවස් කරල සෝදිසි කරල බැලුව. නමුත් අර එලිය වත් අර වගේ කෙනෙක් වත් ආයෙ පේන්න හිටියෙ නෑ. හැබැයි එහෙම දෙයක් දැක්ක කියල නම් මට හොදටම ශුවර්. ඒ හිටපු කෙනාගෙ තිබුනෙ වයස්ගත උනත් ප්‍රසන්න පෙනුමක්


මේ සිදුවීම මීට වසර 6කට පමණ පෙර සිදු උනු එකක්. මම එවකට පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලක වැඩ කලේ. නැවතිලා හිටියෙ නිල නිවාස වල. මේ දවසෙ මම ඔන්කෝල්. රෑ වෝඩ් රවුන්ඩ් එක ඉවර කරල ආව ඇඩ්මිශන් ටිකත් බලල ආපහු ක්වාර්ටර්ස් එකට ආව. ඒ ක්වාර්ටස් ඔක්කොම එකම ඉඩමක එකම තාප්පෙකින් වට වෙලා තිබුනෙ එක ගේට්ටුවයි යන්න එන්න තිබුනෙ. ගේට්ටුව ලගම ක්වාටස් එක අබලන් වෙලා කවුරුත් පදිංචි නෑ පාර විතරක් බේරිලා කැලේ වැවිල තිබුනෙ. ගේ වටේට ඉන්දවපු ඉද්ද වතුසුද්ද ගස් තිබුනා. මම කාර් එක ඒ ක්වාටස් එක ලගින් ගෙනියන කොට අහම්බෙන් වගේ දැක්ක මල් පදුරු ලග එලියක්


මං කිව්ව මං යන්නම් කියල ඇහුවෙ නෑ ගෙදරට ඇරලෝල අම්ම එක්ක ටිකක් කතා කරල ගියා අම්මත් ටිකක් බය වෙලා හිටියෙ එයා ගියාට පස්සෙ. පහුවද උදේම මාව පල්ලි අරන් ගිහින් බ්ලෙස් කලා අම්ම ෆාදර්ට කතා කරල මට දැන් මුකුත් තේරෙන් නෑ ඇයි මේ කියල බ්ලෙස් කරල එද්දි තමා මං බැනර් දැක්කෙ පාරෙ ක්වින්ටස් මැරිල තියෙන්නෙ බ්‍රහස්පතින්ද රෑ නින්දෙන්ම මට තාමත් ඒ සිද්ධිය ගැන මුකුත් හිතා ගන්න බෑ මං ඒ මනුස්සයව අතෙන් ඇල්ලුව අල්ලල හෙල්ලුව පොරගෙ අතේ රස්නෙ දාඩිය ගතිය ඔක්කොම මට දැනුන එහෙම වෙන්න පුලුවන්ද .පස්සෙ මිනිස්සු කියන ගත්ත ක්වින්ටස් මාලු විකුනපු ටයිම් එකට ගෙවල් ඉස්සරහ මාලෝ කියල කෑගහන් බයික් එක යන සද්දෙ ඇහෙනව කියල කව්‍රැත් දැකල නෑ හැබයි සද්දෙට එලියට බැස්සම කවුරැත් නෑ , දැකල තිබ්බෙ මං විතරයි එදා ඉදල මං ඒපාර පාවිච්චි කලේ නෑ මට මේක මතක් උනේ මේ ලගදි එච්ච දෙයක් නිසා අපි දැන් එහෙ පදිංචිය නෑ පරන යාලුවො ඉන්නව තාම එහෙ ලගදි අපේ පරන ඉස්කෝලෙ සෙට් එක ඒ පැත්තෙ යාලුවෙක් ගෙ ගෙදර පාටියකට සෙට් උනා මාත් ගියා හොදටම අඩිය ගැහුව එදා බීල නටල ඔක්කොම ඉවර වෙලා මං කඩේ ගියා සිගරට් ගේන්ඩ හෙල්මට් මුකුත් නෑ පරන සිද්දි මුකුත්ම ඔලුවෙ තිබ්බෙ නෑ මට හොදටම ශුවර් ඒක මං ගියෙ අර පාරෙ. කඩෙන් සිගරට් අරන් එකක් පත්තු කරන් අනික්ව සාක්කුවෙ දාන් මං ආපස්ස්ට ආව ආවෙත් අර පාරෙන් කිසිම පරන මතකයක් නෑ ඔලුවෙ එතකොට කලින් වෙච්ච ඒව එහෙම මට වෙරිත් ටිකක් තිබ්බ එවෙලෙ පාරෙ අර ක්වින්ටස් හම්බුන හරියෙදි මට මහා මාලු පිලිගදක් ආව ඉවසන්ඩ බැරි එකක් වමනෙට වගෙ ආව ඒක දැනිච්ච ගමන් කලුවරෙ බයික් එකේ හෙඩ් ලයිට් එකට ඉස්සරහ මනුස්සයෙක් බයික් එකක් නවත්තන් හිටන් ඉන්නව මං ගල් උනා මට ශුවර් ඒ ක්වින්ටස් මොකද බයික් එක පිටිපස්සෙ මාලු පෙට්ටිය මට පේනව ශරීර හැඩෙත් පේනව මං ගල් වෙලා වගේ හිටියෙ මයිල් කෙලින් වෙලා කන්දෙක රත් වෙලා දාඩිය දාල මට . ඊලග මොහොතෙ මාලු ගදයි අර රෑපෙයි දෙකම නැති උනා මං එතනම ඉදන් යාලුවෙක්ට කෝල් එකක් ගත්ත එච්චරයි මට එවෙලෙ කරන්ඩ මතක් උනේ ඉස්සරහට යන්ඩවත් ආපස්සට යන්ඩවත් බැරි උනා මට මෙච්චර අවුරැදු ගානකට පස්සෙත් ඇයි මේ මනුස්සය ආයෙ මටම පෙනුනෙ කියන එක තාමත් මට හිතා ගන්න බෑ තාමටත් මං ඇර මිනිහගෙ චායාවක්වත් දැකපු කෙනෙක් නෑ ලැජ්ජාවට මං එදා යාලුව්නටත් කිව්වෙ බයික් එක හිට්ට කියල විතරයි ,අදටත් හිතනව කොහොමද එහෙම උනේ කියල ඒ මනුස්සයට පින් ඕන ඇති කියල හිතිල මං ලගදි කෑම පාර්සල් වගේකුත් බෙදල දැම්ම පොරව සිහි කරන් වෙන කරන්න දෙයක් නෑනෙ .ඕකයි කතාව .කුකුල් චමින්දය පල්ල මේක සිරා සීන් එකක් 🙄


මේක මං නම නැතුව දාන්නෙ පොඩි කාලෙ වෙච්ච සීන් එකක් නිසා අනික අපේ කුපාඩි හැත්ත දැකල විහිලුවට ගනී කියල 😅 හො.ම.ත.ග.යු මේක සිරා සීන් එකක් මං පොඩි කාලෙ දවසක් ඉස්කෝලෙ ඇරිල ලබන පන්ති තිබ්බ ඉස්කෝලෙන් පස්සෙ ඒකටත් ඉදල යාලුවො එක්ක පයින් ගෙදර එන්න පිටත් උනා තුන් දෙනෙක් අපි ,වෙලාව 4ට වගේ ඇති කලුවර වැටිලත් නෑ අනිත් උන් දෙන්න එක තැනකින් හැරැන මං එතන ඉදන් තනියම යන්නෙ ගෙදරට කිලෝමීටරක් වගේ ඇති අතුරැ පාරක් ඕකෙ එද්දි මට වෙනදට උදේට මාලු විකුනන අංකලය හම්බුනා මිනිහ බිස්නස් කරන්නෙ උදේට මිනිහ තැපැල් නයින්‍ටිය පාර අයිනෙ තියන් බය වෙලා වගේ පර දිහා බලන් ඉන්නව එදා සිකුරාද මං ඇහුව මොකද අංකල් කියල උත්තර දෙන්නෙ නෑ මිනිහගෙ නම ක්වින්ටස් මං නම කියලත් කතා කලා රිප්ලයි නෑ මිනිහ.සමහර වෙලාවට බීලත් ඉන්නව මං හිතුව බීල ඇති කියල ගදක් ආවෙත් නෑ ලගින් මං ලග ගෙදරකට කතා කරල ඒ ගෙදර ඇන්ටිව එක්ක ආව එද්දි පොර නෑ ඇන්ටි ඇහුව කවුද කියල මං කිව්ව මාලු විකුනන ක්වින්ටස් අංකල් බයවෙලා වගේ හිටිය කියල අර ඇන්ටි ගේ ලොක් කරල මාව ගෙදර ඇරලන්න එන්න ලෑස්ති උනා

20 ta oxirgi post ko‘rsatilgan.

6 246

obunachilar
Kanal statistikasi