Science කුප්පිය


Kanal geosi va tili: ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa: ko‘rsatilmagan


🎄 Science කුප්පිය
├ 𝙈𝙖𝙞𝙣 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 - @Sciencekuppiya01
├ 𝘾𝙝𝙖𝙩 𝙂𝙧𝙤𝙪𝙥 - @Sciencekuppiyachat
├ 𝙏𝙤𝙥𝙞𝙘 𝙂𝙧𝙤𝙪𝙥 - @Sciencekuppiya_topic
╰ 𝘾𝙤𝙣𝙩𝙖𝙘𝙩 𝙊𝙬𝙣𝙚𝙧 - @Sciencekuppiya_bot

Связанные каналы  |  Похожие каналы

Kanal geosi va tili
ko‘rsatilmagan, ko‘rsatilmagan
Toifa
ko‘rsatilmagan
Statistika
Postlar filtri


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
𝙈𝙚𝙧𝙧𝙮 𝘾𝙝𝙞𝙧𝙨𝙩𝙢𝙖𝙨 ... 🎄❄️

𝐌𝐚𝐲 𝐲𝐨𝐮𝐫 𝐂𝐡𝐫𝐢𝐬𝐭𝐦𝐚𝐬 𝐛𝐞 𝐟𝐢𝐥𝐥𝐞𝐝 𝐰𝐢𝐭𝐡 𝐦𝐨𝐦𝐞𝐧𝐭𝐬 𝐨𝐟 𝐥𝐨𝐯𝐞, 𝐥𝐚𝐮𝐠𝐡𝐭𝐞𝐫, 𝐚𝐧𝐝 𝐠𝐨𝐨𝐝𝐰𝐢𝐥𝐥. ♥️✨

ඔයාල හැමෝටම සුබ නත්තලක් වේවා... 🤍✨


කට්ටිය කොහොමද දැන් වැඩ වල තත්වෙ, 🌝❓
So‘rovnoma
  •   සුපිරියටම වැඩ කරනව. ☺️
  •   සාමාන්‍යයෙන් වැඩ කෙරෙනව. 😐
  •   මෙළෝ වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. 😪
543 ta ovoz


උකුවෙල සර් පාසල් සිසුවෙකු ලෙස... ❤️😌⭐️
District First තමයි ඉතින් මේ පාරත්.. ⭐️


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
අම්ම බලන් ඉන්නව ඔයාල දිනනකන්... ❤️‍🩹✨
තමන් Target අතෑරලා දාලා ඉන්නවනම්, අම්ම සතුටු කරනව කියල හරි Target එකක් හදාගෙන වැඩ කරන්න.

බැරි නෑ... ඔයාලට පුළුවන්
🥹✨


2025 ළමයි වෙත,
2024 අයියල, අක්කලට Exam ඉවර වුණාට පස්සෙ ජනවාරි මුල් සතියෙ ඉදන් අපි 2025 A/l Exam එක Target කරල අලුත් Admin Panel ඒකත් එක්ක Channel එකේ වැඩ නිල වශයෙන් පටන් ගන්න හිතාගෙන ඉන්නව. 🌝♥️

25 Revision Classes වලට සමගාමීව channel එකේ වැඩ කරගෙන යන්නයි හිතන් ඉන්නෙ.
✨😇


Psouza dan repost
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..
• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰
ලොකු ගානක් නේද?? 😐
නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳
මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂
• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪
එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤️
Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069
(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

-උපුටාගැනීමකි-


Psouza dan repost
ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎
ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇


එක්තරා කෙනෙක් Owner ගෙ Username ( @Owner_SVM ) එක අනවශ්‍ය විදිහට එක්තරා අනවශ්‍ය Group එකක Share කරල තියෙනව.
පෙරේදා අදුරන්නේවත් නැති ගොඩක් අයගෙන් Inbox Masseges ගොඩක් Owner ගෙ Account එකට ඇවිත් තියෙනව.
❗️

පරිගණක අපරාධ විමර්ශන ඒකකය ලවා ඒව හොයන්න පුළුවන් ක්‍රම අපි දන්නව. Contact පවා තියෙනව..
ඒක නිසා ඒක කරපු කෙනාවත් අපි දන්නව. ඒ කෙනාට කියන්න තියෙන්නෙ පව් කියල තමයි. ( අදාල කෙනාගෙ Phone number එකත් දාන්න පුලුවන් )


මේ පාරට විතරක් අවසාන වතාවට සමාවක් දෙනව ළමයෙක් නිසා.
ආයෙත් මෙහෙම දෙයක් වුණොත් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් තරයේම කියනව. ☝️

අපි කරන්නේ නොමිලේ සේවයක්, ඒ සේවයේ සීමාවන් අපි හොදට දන්නව. කඩාකප්පල් කරන්න ආවොත් එකටත් මූණ දෙන්න ඕනෙ සමාජයීය , නීතිමය පසුබිමක් අපට තියෙනව.
😌❗️


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
මේ උතුම් සිරිපා වාරයයි... 🙏🌷🩵




Anuradha සර්ගෙ Guess Paper ඔක්කොම ටික දාන්නද ඔයාලට බලාගන්න ❓❓ ( Please vote )
So‘rovnoma
  •   හා දාන්න.
  •   එපා.
328 ta ovoz




11K Views
109 Private Shares
4 Public Shares

මම දාපු Post එක Share කරල , එක ළමයෙක් හරි Telegram වල අදුරු පැත්ත ගැන දැනවත් කරපු, හැමෝටම ගොඩාක් පින්... 💐🤍

Share කරපු හැමෝම කළේ සමාජයට ලොකුම ලොකු සේවයක්... 🫧✨


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish




සත්‍යය කතාවක් ඇසුරෙනි,

මේක මට කිව්වෙ එක්තරා ගෑනු ළමයෙක්...
මේ සිද්ධිය වෙන්නෙ ඔයාලගෙ වයස් වලම ඉන්න ගෑනු ළමෙක්ට. නම් ගම් මනඃකල්පිත වුණත් මගේ පහසුවට මම මේ ගෑනු ළමයව Vindi කියළ හදුන්වන්නම්.
ඇත්තටම Vindi Telegram පාවිච්චි කරල තියෙන්නෙ A/l Class වැඩ වලට පාවිච්චි කරන්න. එයාට මුල් කාලෙදි Telegram ගැන එච්චර ලොකු අවබෝධයක් තිබිල නැහැ. ඒක නිසා එයා තමන්ගෙ Dp එකක් දාල තියෙනව තමන්ගෙ Account එකට. ඉතින් මෙහෙම ටික දවසක් යනකොට නාදුනන Telegram Account එකකින් කවුද කෙනෙක් Masseges දාල මේ Vindi ට. ඉතින් ඒ කෙනා Vindi ගෙ විස්තර, එහෙමත් දැනගන්න උත්සාහ කරල තියෙනව. බලෙන් වගේ Video Calls පවා අරගන්න Try කරල තියෙනවා.
මේ ගැන සැක හිතුණු Vindi මේ සිද්ධිය ගැන ගොඩක් බුද්ධිමත් විදිහට තීරණ අරන් එයාගෙ අයියල දෙන්නට මේ ගැන කියල එයාලව දැනුවත් කරල තියෙනව. ඉතින් අර massege දාපු පුද්ගලය Vindi ගෙන් Number එක ඉල්ලල තියෙනව. මේ Vindi ඒ කෙනාට දීල තියෙන්නෙ එයාගෙ පොඩි අයියගෙ Number එක.

ඒ වෙලාවෙ Vindi බුද්ධිමත්ව වැඩ කරපු නිසා මේ ප්‍රශ්නයෙන් බේරුණා. නිකමට හිතන්න එයා තමන්ගෙ Number එක දූන්න නම් මොනව වෙයිද ❓😱

අන්න ඒ නිසයි මෙච්චර කියන්නෙ විශේෂයෙන්ම ගෑණූ ළමයි ගොඩක් පරිස්සම් වෙන්න. ඇත්තටම තමන්ගෙ ඇත්ත නමවත් Telegram වලට Use නොකරන තරමට හොදයි.


තමන්ගෙ Photo තියෙන Stories දාන්න එපා. Settings වලින් Privacy පවා හදාගන්න.


Group වල ඉන්න හැම කෙනාම ළමයි නෙවෙයි. විවිධ අරමුණු තියෙන අය ඉන්නව. අනිත් එක ළමයි වුණත් හැමෝම හොද අයත් නෙමෙයි. ඕනම කෙනෙක් වැඩිය විශ්වාස කරන්න එපා. ( කොල්ලො වුණත් පරිස්සමෙන් ඉතින්.. )

ඉතින් ඔයාල පරිස්සම් වෙන්න.
මේ කතාව ඒ නංගිගෙ. එයා මට මේක ඔයාලට කියල දැනුවත් කරන්න කිව්ව.

මේක දැකල එක ගෑනු ළමයෙක්ගෙ හරි ඇස් පෑදුණානම් ඒ පින යන්න ඕනෙ මේක කියපූ නංගිට.. ✨🤍

''මේව හරියට අලු යට ගිනි පුපුරු වගේ...''

මෙහෙම සිද්ධි ගෑනු ළමයි කී දෙනෙක්ට වෙලා ඇතිද❓❓❓
තමන්ගෙ හෘද සාක්ෂිය දන්නව කී දෙනෙක්ට මේ වගේ දේවල් කියා ගන්න බැරුව තනියෙම විදවනවාද කියල... ❓❓❓

ꜱᴄɪᴇɴᴄᴇ ᴋᴜᴘᴘɪʏᴀ


Video oldindan ko‘rish uchun mavjud emas
Telegram'da ko‘rish
දැක්කනෙ ඊයේ මම කිව්ව දේ,
අද News එකක්... 🌝

හැමෝම පරිස්සමෙන්. විශේෂයෙන්ම ගෑනු ළමයි... DP වලට තාම Photo දාන් ඉන්න අය ඉන්නව ඉතින් කොහොම කිව්වත්...🥴


Keep your mind,
" Prevention is better than cure.. "

4k 1 41 3 51

ඇත්තටම ඔයාලගෙ Personal දේවල් අපට අදාළ නෑ. ඒත් දෙයක් වෙන්න කළින් දැනුවත් වෙන්න.

අපිත් ඔයාලගෙ වයස් වලම නෙ. ඔයාලගෙ අම්ම, අප්පච්චිලට ගින්දරක් දෙන්නෙපා මේ වගේ දේවල් වලට අහු වෙලා...
🥹✨


ඔයාලගෙ අවදානය යොමු කරන්න මම දේ කියන්න යන දේ ගැන, ✨❗️

Telegram වල Educational Channel සැලකිය යුතු තරම් ගොඩක් තියෙනවනෙ. ඒත් ඒ හැම Channel එකකම අරමුණ ඔයාලට උදව් කරන එකමත් නෙමෙයි. එහෙම ගොඩක් උදව් කරන Channel තියෙනව ප්‍රසිද්ධ. ඒත් දැන් දැන් බිහිවෙන අලුත් Channel අධ්‍යාපනික පැත්තට ළමයි තල්ලු කරල කොහොමහරි Campus යවන්න Motivate කරනව වෙනුවට සමහර වෙන වෙන වැඩ වලට ළමයින්ව පාවිච්චි කරන බව පේනවා. ❗️✨

ගැහැනු ළමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න සහ සැලකිලිමත් වෙන්න. ( Profile image එකට තමන්ගෙ ඇත්ත Photo දාගෙන ඉන්න අයත් ඉන්නව. ඒක ඔයාගේ කැමැත්ත. ප්‍රශ්නයක් වුණාම තේරෙයි... )


Public හෝ වේවා Private හෝ වේවා ගොඩක් ළමයින්ට උදව් කරන channel තියෙනව. ඒවට Join වෙලා වැඩ කරගන්න හරිද... මම කියන්නෙ අර අධ්‍යාපනික ප්‍රතිරූපයක් මවාගෙන, ළමයින්ව අධ්‍යාපනයෙන් අපගමනය කරවන සමහර Channel ගැන.

ඒක නිසා Channel එකකට Join වෙද්දි මොළේ කල්පනා කරල Join වෙන්න. 😇

Channel කරන හැමෝටම අනන්‍ය අරමුණක් තියෙනවනෙ. ( ඇත්තටම ළමයින්ට උදව් කරන්න, ප්‍රසිද්ධ වෙන්න, කැපී පේන්න, වෙන වෙන අනවශ්‍ය වැඩ) ඒක Channel එක දිහා බැලුවම කියන්න පුලුවන්.

එහෙම බැලුවාම අපි ගැන නිහතමානීව සතුටුයි. අපි උදව් කරන්නෙ නිර්නාමිකව නෙ... 😌🌷

" නමක් ගමක් දන්නෙ නෑ... හැබැයි මනුස්සයෙක්... ''


Owner - ꜱᴄɪᴇɴᴄᴇ ᴋᴜᴘᴘɪʏᴀ


පුළුවන් අය උදව් කරන්න...
අපිත් පුළුවන් විදිහට උදව් කරනව. ❤️🩵💛

20 ta oxirgi post ko‘rsatilgan.