"පුතාලට මහන්සි ඇති නේද..? මූන කට හෝදගෙන එමුකෝ. තේ එකක් කාරිය බීලා උදේ අඩුක්කුව ගන්ට"
ඒ මංජුගේ පියාගේ වචන. ඉතින් ගතේ
මහන්සිය විඩාව යන්නට අයෙක් මූන කට සෝදා ගත්තත් මමනම් නෑවා. මොකද මගේ පුරුද්දක් තියෙනවා අදටත්.. ගමනක් ගිහින් ඉවර උන ඇහිල්ලට වතුර පාරක් හොයාගෙන යන පුරුද්දක්..
නාගෙන ගෙට ගොඩවූ අපිට මංජුගේ පියාගෙන් උදෑසන තේ පානයත් සමග සුපුරුදු ආගිය තොරතුරු සමග කතාවට වැටුනා. ඒත් මංජුගේ තාත්තා ගේ මූනෙන් අපුල හැගීමක් ආවේ. හරියට අපි ආවට අකමැත්තකින් වාගෙ. ඒත් අපි ඒ වෙනස අපිට නොතේරුන බව හැඟවීමට උත්සාහ කලා.
"ඔය ලමයින්ට උදේ අඩුක්කුව ගන්ට කිව්වානම්.. සා ගින්දරේ ඇති දැන්"
ඒ මංජුගේ මවගේ වචන. කිහිප වතාවක් මවගේ වචන ඇසුනත් ඒ කාමරයෙන් එලියට එන පාටක් නෑ. ඒ ඇයි යන ප්රශ්නය මට වායෙම අනිත් උන්ටත් දැනුන බව මට තේරුනා. උදේ කෑම වේලෙන් පස්සේ අමිල හිමීට මංජුගෙන් ඒ පැනය ඇසුවේ අපි සියලු දෙනාවම නියෝජනය කරන්ට වායෙ.
"හුම්.. අම්මා දැන් අවුරුදු 7ක ඉදලා එක තැන බන්. එයැයිට ඉනෙන් පහල පන නෑ."
වේදනාවෙන් කදුලු රූරා වැටෙන මංජුගේ මුහුනට එබුන මම "ඉතින් මචන් බෙහෙතක් හේතක් කරන්න බැලුවේ නැද්ද..??"
"මොකද නැත්තේ. දන්න හැම වෙදා ලගටම ගොහින් අන්තිමට කරාපිටිත් එක්කන් ගියා. හැම දොස්තරම කියන්නේ ඇති ලෙඩක් නෑ කියාල. අවසානෙට මහරගමත් එක්කහු කොරාන ගියා බන්. වැඩක් නෑ.. ඒත් එච්චරයි "
මංජුගේ වචන තවත් වචනම වෙන්නේ නෑ. කදුලු සමග එන එකිය දෝතින් වසා ගැනීමට උත්සාහ කරන ඔහුට
"මම පොඩ්ඩක් බලන්නද අම්මව..?"
මම ඇසූ පැනයට මද වෙලාවක් මා දෙස බලා හිටි මංජු..
"මක් වෙනවද බන්. යමු"
යැයි කියා මගේ අතින් උහාන එයැයිගේ කාමරයට ගියා.
ඇත්ත. මංජුගේ මවට නැගිටින්නට තබා හිස හරවන්නවත් බෑ. ඇය අපේ කටහඩට පමණක් පිලිතුරු දුන්නේ හිස් වහල දෙස බලමින්. මවට සමුදුන් අපි එකියට එද්දි දැක්කේ... ඉදිරියේ ඇති නෙල්ලි ගහක් දිහාවට සනත් යන හැටි.
"මොන මගුලකටද ඔහේ යන්නේ. මෙන්න මෙහෙට වර"
මංජු කෝපයෙන් කෑ ගැසුවේ අපි සැවොම පුදුමයට ලක්කරමින්. මට මෙතන අමුත්තක්. ඉඩමම සුද්ද බුද්ද කර තිබුනත් එක කොනක් පාලුවට යවලා. මම ඒ ගැන මංජුගෙන් ඇහුවාම ඔහුගෙන් ලැබුනේ
"ඔතන අපේ කිරි අත්තා වලලලාලු. ඒ අහට යන්න එපා කියලා තමයි අපේ ලොකු තාත්තා කියලා තියෙන්නේ. අපි ඔය කට්ටිය සුද්ද කරන්නේ වත් නැත්තෙ ආන්න ඒකයි"
කාලය සෙමෙන් ගතවෙද්දී මංජු සමග පිරිස දවල් කෑමට පෙර දිය නෑමට අසල දිය පහරක් වෙත ගියේ මා නිවසේ තනිකර. මොකද මම උදේ නාපු නිසා ආයෙත් නෑමට මට ඕනි උනේ නෑ. ඒ වගේම ඇල දොලවල් වල ඕනි තරම් කෙලි සෙල්ලම් කරපු මට තවත් ඇලකට මොකට බහින්නද..?? ඒ අල්ල පනල්ලේ මගේ හිතේ තිබුන ප්‍රශ්න වලට මම උත්තර හෙව්වේ මංජුගේ පියාගෙන්
"අපේ ලොකු අයියා නොවැ පුතේ ඔය හරියට යන්ට එපා කියන්නේ. මමනම් දන්නේ නැතුවා එහෙව් කිරි අත්තෙක් ගැන. එයැයි තමයි කියන්නේ ඔය නෙල්ලි ගහ පාමුල උන්දැගේ සොහොන තියෙන කාරණාව."
මංජුගේ පියාගෙන් යම් යම් කාරණා වලට උත්තර හොයාගත් මම අනිත් උන් ආ පසු දවල් කෑම වේලේ රස බලා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අරන් තිබුනා.
කාලය මේ විදියට ගෙවී අපි නැවතත් කොලඹට සේන්දු වෙන්නේ මංජුගේ දෙමාපියන්ට නැවතත් එන බලාපොරොත්තු දල්වා ලමින්.කොලඹ පැමිණි මම මංජුට දෙයක් කියන්න උනා.
"මචන්. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. උබ කැමතිනම් අපි පොඩ්ඩක් බලමු ඒ ගැන. මටනම් හිතෙන්නේ අම්මට ඇති අසනීපයක් නෑ. මොකද අම්මගෙ රිපෝට් මම ත් බැලුවනෙ."
පරතෙරට නැතත් යම් තරමක් දුරකට වෛද්‍ය වාර්තා කියවීමේ හැකියාවක් මට තිබුනේ උසස් පෙල විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටීමේදී ලැබුනු පන්නරයත් සමගයි. මගේ කතාවට එකඟ උන මංජුත් සමග නැවතත් සිකුරාදා දිනය නිවාඩු ලබා ගනිමින් බ්‍රහස්පතින්දා රාත්‍රී කාලයේම නිවස බලා සේන්දු උනා.
හොදින් මංජුගේ මව පරීක්ශා කර බැලූ මට ඇයට එක එල්ලේම නරකාංශි ගුරුකමකින් කොඩිවිනයක් කර ඇති බව තේරුම් ගියා. ඒ ගැන මම කියපු වෙලාවෙදි තමයි මංජුගේ අක්කා
"අම්මා ගැන මනාපයක් ලොකු තාත්තට තිබිලා. ඒකට අකමැති උන දොහේ හිටන් තමයි මේ සේරෝම නස්පැත්ති"
කලින් වතාවෙදි අපි කිහිප දෙනෙකු නිවසට ආ නිසා ගෙයින් පිටමන් කර සිටි මංජුගේ අක්කා මේ අවස්තාවේදී මට මුන ගැහෙන්නේ ඒ හැම කෙනාගේම වාසනාවට වෙන්න ඇති.
"මංජු. අර කියන නෙල්ලි ගහ පාමුල වම් පැත්තේ හාරන්ට ඕනි. අඩියක් වගේ ගැඹුරින් ඇති වලදමාපු මුට්ටියක් හරි කුප්පියක් හරි. ආන්න ඒක ගන්න ඕනි"
ඔහුගේ පියා මුලින් අකමැති උනත් පසුව කැමැත්ත දැක්වූයේ මංජුගේ පෙරැත්ත නිසාමයි.. ඇත්ත. අඩියක් වත් හාරන්න උනේ නෑ. බලාපොරොත්තු උන විදියටම අපිට පොඩි මුට්ටියක් හම්බුනා. ඒකේ තිබුනේ ගැට දමාපු රතු නූල් පටක්
"අම්මට කරලා තියෙන්නෙ ඉබ්බන් බැදිල්ලක් බන්. මේ පැත්තේ ඉබ්බගෙ ගුරුකම.කියලා කියන්නේ මට මතක විදියට."
ඒ මුට්ටියත් දෝතින් ගත් මම එහෙම කියද්දි මංජුගෙත් ඔහුගේ තාත්තා ත් කට අයාගෙන හිටියේ පුදුමයෙන්. මොකද අපේක්ශා නොකෙරූ දෙයක් මෙහෙම ඇස් පනාපිට ඇත්ත වෙද්දි.