කෙම්මුර අඩවිය | 16 +


Channel's geo and language: not specified, not specified
Category: not specified


ඇසි දිසි මානයෙන් ඔබ්බට .....

Related channels  |  Similar channels

Channel's geo and language
not specified, not specified
Category
not specified
Statistics
Posts filter


Forward from: Sinhala Famous Songs
📺 𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐏𝐥𝐚𝐜𝐞 𝐓𝐨 𝐄𝐧𝐣𝐨𝐲 𝐌𝐨𝐯𝐢𝐞𝐬
‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎
අපිත් එක්ක සෙට් උන කොල්ලො කෙල්ලො සේරම ආදරෙන් පිළිගන්නව අපෙ නාලිකාවට


⭐️𝐇𝐨𝐫𝐫𝐨𝐫 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐀𝐝𝐯𝐞𝐧𝐭𝐮𝐫𝐞 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐂𝐨𝐦𝐞𝐝𝐲 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐦𝐨𝐯𝐢𝐞𝐬

⭐️𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 / 𝐓𝐚𝐦𝐢𝐥 / 𝐇𝐢𝐧𝐝𝐢

⭐️𝐖𝐢𝐭𝐡 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬

මේ ඔක්කොම වර්ග වල චිත්‍රපටි බලන්න පහල ජොයින් බට්න් එක හරහා අපෙ ෆිල්ම් අප්ලෝඩ් චැනල් එකට සම්බන්ධ වෙන්න

@zuko_films


ඉතින් ඊටපස්සේ අම්මා කරලා තියෙන වැඩේ මාවත් එක්කරගෙන අපේ ආච්චි අම්මගේ ගෙදර ගිහින්. ඒ වේලාවේ අම්මට ආච්වි බැනලා බොරු මනගාත කියලා. එත් අම්මා කියන්නේ රෑ 12 ටමලු ඒ ඒ හිසේ කැක්කුම වැඩි වෙන්නේ. පස්සේ අම්මා ඉස්පිරිතාල්ත් නැවැතුනා .ඉස්පිරිතාලෙන් කරන්නේ පෙනඩොල් පෙති දෙකක් දෙන එක විතරයි.බැරිම තැන අම්මගෙන ඇහුවලු. ඔයාට පොඩි ළමයෙන් ඉන්නවා නේද ඔයාට ගෙදර යන්න ඕනි නෑද කියලා.එහෙම ට.එත් අම්මට නම් දරාගන්නම බෑ ලු මෙ ඔලුවේ කැක්කුම . පස්සේ අම්මා ටිකට් කපාගෙන ඇවිත්.ඊටපස්සේ තමා අපේ පැත්තේ ඉන්න හාමුදුරුවෝ නමක් ගාවට අම්මව එක්කරගෙන ගිහින් තියෙන්නේ. මේ හාමුදුරුවන් ට අපි යන්න කලින්ම අපි ගියේ මොනා කාරනාවට කියන එක කියන්න පුළුවන් තරම් දක්ස කමක් තිබුනා ඉතින් අම්මව බලලා කියලා. තාත්තාට එවලම පල්ලේහා වත්තට ගිහින් තැඹිලි ගෙඩියක් ගේන්න කියලා. කොහොමහරි ඊටපස්සේ මේ තැඹිලි බොන්න දීලා අම්මට .එවලේම අම්මට වමනේ ගිහින් ඒ වගේ දෙහි ගෙඩි කපලා තියනවා. ඒ දෙහි පලු රතුම රතු පාටයි ලු. අම්මට ප්‍රේත බැල්මක් තිබිලා ලු තියෙන්නේ. පස්සේ ඒ ගෙදර ඉන්නත් එපා කියලා ඔලුවේ කැක්කුම අඩු වෙලා. මාව පේන්න බැරි එකත් අඩු වෙලා. ගිහින් පස්සේ අම්මට යන්ත්‍රයක් දාලා. ගෙදර ට මස් මාංශ එහෙම ත් මොකුත් ගේන්න එපා කියලා. ඊටපස්සේ අපි ඒ ගෙදර න් අයින් වෙලා. ඒ ගෙදර ම තවත් කොටසක පදිංචි වුනා.කලින් ඒ ගෙදර අයිතිකාරයෝ කියන විදිහට ඒ තමයි ඒ බිල්ඩිම් එකේ අයිතිකාර මනුස්සයා. එයා ගොඩක් උසයි ලු.ඒ වගේ ම වෙද මහත්තෙයෙක් ලු.ඒ ගෙදර කට්ටිය කියන විදිහට මේ ගෙදර දැන් අයිතිකාරයගේ තාත්තා ලු එයා. එත් ඇත්තටම ඒ එයාගේම පුතෙක් නෙවෙයි ලු. අරන් ලු හදාගෙන තියෙන්නේ.එත් මේ මනුස්සයා මැරෙන්න ඉන්නකොට අඩුම මෙ පුතා බැලුවේ වත් නෑ ලු. මැරුනට පස්සේ දානයක් වත් දීලා නෑ කියලා තමා කියන්නේ පින් ගන්නලු එයාට ඕනි ඒ වගේම ඒ ගෙදර හවසට හවසට තෙල් ගද වගෙත් එනවලු. ඒ වගේම උයන කෑම. බත් වගේ ඉක්මනින් නරක් වෙනවලු . එහෙම වෙන්නෙ පේරේත බැල්මක් තියනකොට ලු මාත් අහලා තියේ. කොහොමහරි අපේ පැත්තේ තියන ගොඩක් ඉඩම් එහෙම ත් අයිති වෙලා තිබුනේ එයාට ලු. පස්සේ අපි එයාලගේම ඉඩමක් සල්ලි වලට අරගෙන ගෙයක් හැදුවා. ඊටපස්සේ තමා ආයෙත් අම්මට අර ඔලුවේ කැක්කුම ආවෙ .අයෙත් අර හාමුදුරුවෝ යන්ත්‍රරේ අලුත් කරලා දාලා තියනවා හාමුදුරුවනට. ඊටපස්සේ නම් .අම්මට අද වනතුරු ත් ඔලුවේ කැක්කුම නම් ආවේ නෑ. ඔය කාලේ තමා අපේ ගමට සාස්තර වගේ දේවල් කියන්න පුළුවන් ගෑනු කෙනෙක් ආවේ. එයත් අර කුලියට තියන ගෙදර නතර වෙලා තියනවා. කොහොමහරි මේ ගෑනු කෙනාට තියන විශේෂ බලයත් එක්ක අර මනුස්සයෙයට ඉන්න බැරි වෙලා ඒ ගෙයි. දවසක් දෙහි ගෙඩියක් මිරිකනකොට විසිකරපන් යකෝ ඕක කියලා කෑ ගැහුවලු. හරියට මායා පිල්ම් එකෙ වගේ. මටත් ඒ නැන්දා හම්බුන වේලාවක කිව්වා. මොකද අර මන් කලින් කිව්ව සිද්දිය වෙලා ගොඩක් කල්. මට දැන් ගොඩක් දේවල් තේරේනවා.ඉස්සර වගේ පොඩි නෑ.ආ ඒ වගේම එයා කිව්වා එයාව හැම වේලාවේම පුච්චන්න වගේ හදනවලු.ගිනි ගුලියක් වගේ. පස්සේ ඒ නැන්දා ඒ ගෙදරින් අයින් වෙලා. අපි ගේ හදාගත්තු තැනම තිබුන වෙන ගෙයක් කුලියට ගත්තා. මාත් එහේ ගියපු වේලාවක එයාගෙන මෙ කතාව අහගත්තේ. ඒ මේ අතරේ තාමා අපේ පැත්තේ මාමා කෙනෙක් බය වුනේ මහ රෑ. ගොඩක් අය කියන්නේ ඒ මේ වෙද මහත්තයම තමයි ලු. ඒ මාමා ගොඩක් උසයි හරිද. ඒ මාමාගේ උසටම කට ඇරගෙන් නයෙක් ලු. ලේ පෙරගෙන.. ඒ මාමා බය වුන බය විල්ලට බිම දගලලා දගලල. එයාගෙ සරම එහෙම ත් ඉරිලා. මහ රෑක තමා මේක වුනේ එකත් මේ වෙදමහත්තයට අයිති ඉඩමක්.ඒ ගොල්ලෝ එහේ තමා පංදිචි වෙලා හිටියේ. ඒ සිදුවීමත් මට නම් හොඳ ට විස්වාසයි. වෙද මහත්තයා සම්බන්දයි . ඒ වගේම මේ ළගදී. අපේ ආච්චි ඒ කියන්නේ අම්මගේ අම්මා. ආපු වේලාවක එයා . ලෙඩ වුනා හොඳ ටම.ඇග දරදඩු වෙලා අතක් පයක්වත් හොලවන්න බැරුව හිටියේ පස්සේ අර මන් කිව්ව. සාස්තර නැන්දා එයා අපේ ගේ ගාව නිස. එයාව ගෙනල්ලා පෙන්නුවා. එයා මතුරනවත්. එක්කම ආවේ තෙල් ගදක්. එයා නම් වැඩේ හරි කිය කිය හිනා වුනා. ඊටපස්සේ ආච්චි ට මොකුත් අවුලක් වුනේ නෑ.පස්සේ මේ ළගදී දවසක. අම්මා කිව්වා ආයෙත් මට ඔයාව පෙන්න බැරි ගතිය වගේ එනවා කියලා. අම්මා එක කිය කිය ඇඩුවා. පස්සෙ මාත් ඇඩුවා. එත් මොකුත් අවුලක් වුනේ නෑ. අම්ම දැන් ඉස්සර වගේ ගෙදර නෑ වැඩට යන් නිසා ඒ ගතිය මේ වෙද්දී ඇරිලා ගිහින්. ඒ වගේම තවත් සමහරු කියනවා රෑට රෑ 1.30..2. වගේ වෙන්කොට නිකන් අඩි සද්ද එහෙම ඇහෙනවා ලු. ගොඩක් අය කියන්නේ ඒ වෙද මහත්තයා ලු. ර්‍එයාට අයිති ගෙදරක මේඅතරේ තමා ආච්චි කෙනෙක් නැති වුනේ. ඉතින් ඒ ආච්චිට දුන්න පින් මෙයත් ගන්න ඇති කියලා ගොඩක් අය කියනවා. මොකද දැන් සද්දයක් බද්දයක් නැති නිසා.ඉතින් ඕක තමා කතාව. තාමත් එයා ගිහින් ද් කියලා නම් හරියටම දන්නේ නෑ එත් එයා ඒ පින් අරගෙන කාටවත් කරදරයක් නොකර හොඳ ආත්මයක් ලැබුවා නම් ගොඩක් හොඳ යි කියලා මට හිතෙනවා


මේ සිදුවීම වුනේ අපේ ගමේ.. දැන් මන් ගොඩක් ලොකුයි. එත් මේ සිදුවීම වෙනකොට මන් ගොඩක් පොඩියි පොඩියි කියන්නේ අවුරුදු 4 වගේ ඇති

ඒ කාලේ අපි හිටියේ කුලියට. කුලියට කියන්නේ මායි අම්මයි තාත්තයි විතරයි. හිටියේ එච්චර සැප පහසු තැනක් නෙවෙයි . මන් හිතන්නේ එක කාලේකට කලින් බේහෙත් දෙන්න් වගේ හදපු මහ අමුතු බිල්ඩිමක් වගේ එකක් . එකේ එක කොටසක තමා අපි හිටියේ. මන් පුංච් කාලේ අම්මට වැඩ කරගන්නත් කරදරයි නිසා අම්මා පුරුද්දක් වශයෙන් මට අබ බෝතලේ හොල්ල හොල්ල ඉන්න වෙනවා. දවසක් මේ විදිහට අබ බෝතලේ හොල්ල හොල්ල ඉන්නකොට අර පුංචි ලමයිට ගහන්නේ ලී වැට ගාව මන් සෙල්ලම් කර කර හිටියලු. එක පාරටම අම්මා මා ළගට අවා.ඒ ඉස්සරහම කෙලින්ම තිබුනේ රෙදි හෝදන වගේම නාන තැනක් .. එක පාරටම අම්මා දොර ගාව මා එක්ක ඉන්න කොට දැකලා තියෙනවා . සුදු පාට දුමක් වගේ කවුද උසට උසේ පාවී පාවී යනවා. හරිම උසයිලු ඒ වගේ නැසනල් එක ඇදගෙන ලු හිටියේ ජායාවක් වගේ. කොහොමහරි එදා රෑ අපේ අම්මා හොදටම බය වෙලා බය වුන පාර හොඳටම නින්ද ගිහින්. අපේ තාත්තා වැඩ ඇරිලා එද්දී ගොඩක් රෑ වෙනවලු ඉස්සර. කොහොමහරි මේ දවසේ. අම්මා බය වෙලා. පස්සේ තාත්තා කතා කරලා කරලා. ඇහැරිලා නෑ. පස්සේ ගෙදර අයිතිකාරයොත් එක්ක එකත් වෙලා තාත්තා ඉනිමගකුත් තියලා බලලා. පස්සේ තාමා ඇහැරුනා සමහර විට එදා බය වුන බය විල්ලට වෙන්න ඇති ඉතින් මේ සිදුවීමෙන් පස්සේ අම්මා ගොඩක් ලෙඩ වුනා කොහොමද කියනවා නම් අම්මට ලොකු ඔලුවේ කැක්කුමක් ආවා. දරාගන්න බැරි .ඒ වගේම අම්මා කියන විදිහට අම්මට මාව.පේන්න බැරි ලු.. ඇස් දෙකට.


"ඉතින් පුතේ කොහොමද මේක කපන්නෙ. අනේ මම ලගනම් ලොකු මුදලක් නෑ. කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කරමු" මංජුගේ පියාගේ වචන දෙස මම බලාගෙන හිටියේ මටත් මේ වගේම තාත්තෙක් ඉන්නවා නේද කියලා මතක් වෙලා. මට කතා කරන්න බැරුව මම ඒ මූන දිහා බලන් ඉද්දි

"පුලුවන් ගානක් මම දරන්නම් බන්. කරන්න පුලුවන් දෙයක් නම් කරමු. උබට පින් ජාති ජාතිත්" ඒ මංජුගෙ වචන

"සල්ලි දාහන් බන් බල්ලට. පුලුවන් විදියට කපන්න බලමු. අවශ්‍ය අඩුම කුඩුම ටික හොයාගෙන පුලුවන් නම් හෙටම මෙක කපමු. මොකද හෙට කෙම්මුර"

නොදන්න කෙනෙක්ට දැනගන්නත් එක්කම මම කියන්නම්. කවදාවත්ම මේ වගේ නරකාංශි ගුරුකම් නම් කරන්න තියා හිතන්නවත් එපා. ජාති ජාතිත් විපාක දෙන අපරාදයන් මේවා. මොකද ඉබ්බන් බැදිල්ලේ දි කෙනෙක් නැති වෙන්නේ නෑ. ජීවිතය තොර නොවුනත් පරම ආයු විද ජීවිතය අවසන් වෙන තාක් අපා දුක් විදිමින් ජීවත් වෙන්න වෙන්නේ ඒ කෙනාට.

ඉබ්බන් බැදිල්ල කරන්නේ සන්නි යකාට දොල දී හත් ගැට දමපු නූලකින් කිරි ඉබ්බෙක් ගේ කකුලක ගැට ගැහීමෙන්. කපන්න හරි අමාරුම ගුරුකමක් ඒක. මොකද ඒක කපන්න ක්‍රම තුනක් තියෙනවා.

1) ජල තීන්දුවෙන්
2) ගොඩ තීන්දුවෙන්
3) ජල සහ ගොඩ තීන්දුවෙන්

ජල තීන්දුවෙන් කපන වෙලාවෙදි ඉබ්බා ගොඩ හිටියොත් හූනියම කැපෙන්නේ නෑ. ඒ වගේම තමයි ගොඩ තීන්දුවෙදිත් ජල සහ ගොඩ කියන තීන්දු දෙකේදිම කැපුවත් ඒ කපන වෙලාවෙදි ඉබ්බා ඒ කකුල කටුව ඇතුලට අරගෙන හිටියොත් ඒ කැපෙන්නෙත් නෑ. ඉතින් ඉබ්බන් බැදිල්ලක් කපනවා නම්. එක්කෝ ඒ ඉබ්බව හොයාගන්න ඕනි. නැත්තම් ආතුරයගේ කර්ම ශක්තිය තමයි ඉතින්.

ඕනි එකක් කියලා අවශ්‍ය දේවල් සූදානම් කරන ගමන් ඉද්දි මට අදහසක් ආවා.
"මංජු ඔය කියන ලොකු තාත්තා ගේ ගේ කිට්ටුව නැද්ද පොකුනක් එහෙම"

"ම්ම්ම්.. අත ඇරලා දාපු වලක් නම් තියෙනවා බන්.. ඇයි...??"

එහෙම හපු මංජු මම දිහා බලන් ඉදලා හුන් තැනින් මගෙත් එක්කම නැගිට්ටේ මගේ හිත කියෙව්වා වාගෙ. දෙන්නත් එක්ක ම හොරෙන්ම ඒ පැත්තට ගිහින් ටිකක් විපරම් කලා. ඒ පැත්තේ ඉබ්බෝ වැහි වැහැලානේ. කොහොම කියලා හොයන්නද ඉතින්. අනික ඉබ්බා උභය ජීවියෙක් නිසා එක තැනක ඉන්න එකෙක් නෙවෙයි නේ. කොහොම හරි මංජුගේ අම්මගේ වාසනාවකට වගේ යාන්තම් ඒ ඉබ්බා හොයාගන්න පුලුවන් උනා. ඒකවත් කාටවත් සැක නොසිතෙන විදියට ගෝනියකට දා ගත්තු අපි කෙලින්ම ආයෙත් ගෙදරට ආවා.

ඉතින් හූනියම කැපිල්ලේ වැඩ ටික මේ විදියට වෙද්දි රාත්‍රිය එලඹෙත්ම අපි වැඩේට මුල පිරුවා.

දෙවියන් වැද අවසර ගැනීමෙන් පසු ගොඩ තීන්දුවකින්ම පුහුල කපා අවසන් කර වැඩේ අවසන් වෙද්දිම එතනට මංජුගේ ලොකු තාත්තා කඩා පැන්නා.

"පුහ්. මහලොකු වැඩ්ඩෙක් කියලා මමභිතුවේ. මේකා මේ හිච්චි එකෙක් නේ. බොගේ ගුරුකම් අරන් යන අහක පල. මේක මගේ තැන බොල"

එච්චරයි උන්දැට කියන්න ලැබුනේ මෝල් ගසත් අතින් ගත් මංජුගේ තාත්තා ඔහු පසු පස එලවන්න උනේ අපි කාටවත් නවත්තගන්න බැරි විදියට. තුවාලේ වේදනාව දන්නේ තුවලේ තියෙන මනුස්සයා කියනවා නේ. ඒ ආවේගයෙන් කරන වැඩකුත් එක්ක අපිට හිතලා දුවන්න අමාරුයි ඉතින්. ඒත් පුලුවන් විදියට ම්ංජු පිටුපහින් ගියා. වැඩි වෙලාවක් යන්න කලින් වෙඩි හඬක් ඇහුනේ නොහිතපු විදියට. මටත් ඒකනම් හිතාගන්න බැරි උනා. මොකද මංජු ලගවත් එයාගේ තාත්තා ලගවත් ගිනි අවියක සේයාවක් වත් මම දැක්කේ නෑ..

"පුංචා බැදපු තුවක්කුවක් ඌට පත්තු උනා. පය පැකිලිලා වැටුනේ කද උඩහට. කෙලින්ම පපුවටමයි වැදුනෙ"

ආපහු ගෙදරට ආපු මංජු එහෙම කිව්වා. කලකම් කොහොම හරි පල දෙනවා. මටත් තිබිනා ආපිට හූනියම හරවලා නිකම් ඉන්න. ඒත් මනුශ්‍ය ආත්මයක අගය වටිනාකම හොදින් දන්න මම එහෙම කරන්න දෙපාරකට වඩා හිතනවා. අනික මම මොකටද කොහේවත් ඉන්න එකෙක් නිසා අකුසල් රැස් කර ගන්නේ යන අහකට..

මෙ වතාවෙදිත් නිහතමානීව ඉල්ලනවා ඔයාලගේ අදහස් දෙන්න මට. ඒක මට තවත් කතාවක් අරන් එන්ට කරන දිරිමත් කිරීමක්. ස්තූතියි


"පුතාලට මහන්සි ඇති නේද..? මූන කට හෝදගෙන එමුකෝ. තේ එකක් කාරිය බීලා උදේ අඩුක්කුව ගන්ට"

ඒ මංජුගේ පියාගේ වචන. ඉතින් ගතේ
මහන්සිය විඩාව යන්නට අයෙක් මූන කට සෝදා ගත්තත් මමනම් නෑවා. මොකද මගේ පුරුද්දක් තියෙනවා අදටත්.. ගමනක් ගිහින් ඉවර උන ඇහිල්ලට වතුර පාරක් හොයාගෙන යන පුරුද්දක්..

නාගෙන ගෙට ගොඩවූ අපිට මංජුගේ පියාගෙන් උදෑසන තේ පානයත් සමග සුපුරුදු ආගිය තොරතුරු සමග කතාවට වැටුනා. ඒත් මංජුගේ තාත්තා ගේ මූනෙන් අපුල හැගීමක් ආවේ. හරියට අපි ආවට අකමැත්තකින් වාගෙ. ඒත් අපි ඒ වෙනස අපිට නොතේරුන බව හැඟවීමට උත්සාහ කලා.

"ඔය ලමයින්ට උදේ අඩුක්කුව ගන්ට කිව්වානම්.. සා ගින්දරේ ඇති දැන්"

ඒ මංජුගේ මවගේ වචන. කිහිප වතාවක් මවගේ වචන ඇසුනත් ඒ කාමරයෙන් එලියට එන පාටක් නෑ. ඒ ඇයි යන ප්‍රශ්නය මට වායෙම අනිත් උන්ටත් දැනුන බව මට තේරුනා. උදේ කෑම වේලෙන් පස්සේ අමිල හිමීට මංජුගෙන් ඒ පැනය ඇසුවේ අපි සියලු දෙනාවම නියෝජනය කරන්ට වායෙ.

"හුම්.. අම්මා දැන් අවුරුදු 7ක ඉදලා එක තැන බන්. එයැයිට ඉනෙන් පහල පන නෑ."

වේදනාවෙන් කදුලු රූරා වැටෙන මංජුගේ මුහුනට එබුන මම "ඉතින් මචන් බෙහෙතක් හේතක් කරන්න බැලුවේ නැද්ද..??"

"මොකද නැත්තේ. දන්න හැම වෙදා ලගටම ගොහින් අන්තිමට කරාපිටිත් එක්කන් ගියා. හැම දොස්තරම කියන්නේ ඇති ලෙඩක් නෑ කියාල. අවසානෙට මහරගමත් එක්කහු කොරාන ගියා බන්. වැඩක් නෑ.. ඒත් එච්චරයි "

මංජුගේ වචන තවත් වචනම වෙන්නේ නෑ. කදුලු සමග එන එකිය දෝතින් වසා ගැනීමට උත්සාහ කරන ඔහුට

"මම පොඩ්ඩක් බලන්නද අම්මව..?"

මම ඇසූ පැනයට මද වෙලාවක් මා දෙස බලා හිටි මංජු..

"මක් වෙනවද බන්. යමු"
යැයි කියා මගේ අතින් උහාන එයැයිගේ කාමරයට ගියා.

ඇත්ත. මංජුගේ මවට නැගිටින්නට තබා හිස හරවන්නවත් බෑ. ඇය අපේ කටහඩට පමණක් පිලිතුරු දුන්නේ හිස් වහල දෙස බලමින්. මවට සමුදුන් අපි එකියට එද්දි දැක්කේ... ඉදිරියේ ඇති නෙල්ලි ගහක් දිහාවට සනත් යන හැටි.

"මොන මගුලකටද ඔහේ යන්නේ. මෙන්න මෙහෙට වර"

මංජු කෝපයෙන් කෑ ගැසුවේ අපි සැවොම පුදුමයට ලක්කරමින්. මට මෙතන අමුත්තක්. ඉඩමම සුද්ද බුද්ද කර තිබුනත් එක කොනක් පාලුවට යවලා. මම ඒ ගැන මංජුගෙන් ඇහුවාම ඔහුගෙන් ලැබුනේ

"ඔතන අපේ කිරි අත්තා වලලලාලු. ඒ අහට යන්න එපා කියලා තමයි අපේ ලොකු තාත්තා කියලා තියෙන්නේ. අපි ඔය කට්ටිය සුද්ද කරන්නේ වත් නැත්තෙ ආන්න ඒකයි"

කාලය සෙමෙන් ගතවෙද්දී මංජු සමග පිරිස දවල් කෑමට පෙර දිය නෑමට අසල දිය පහරක් වෙත ගියේ මා නිවසේ තනිකර. මොකද මම උදේ නාපු නිසා ආයෙත් නෑමට මට ඕනි උනේ නෑ. ඒ වගේම ඇල දොලවල් වල ඕනි තරම් කෙලි සෙල්ලම් කරපු මට තවත් ඇලකට මොකට බහින්නද..?? ඒ අල්ල පනල්ලේ මගේ හිතේ තිබුන ප්‍රශ්න වලට මම උත්තර හෙව්වේ මංජුගේ පියාගෙන්

"අපේ ලොකු අයියා නොවැ පුතේ ඔය හරියට යන්ට එපා කියන්නේ. මමනම් දන්නේ නැතුවා එහෙව් කිරි අත්තෙක් ගැන. එයැයි තමයි කියන්නේ ඔය නෙල්ලි ගහ පාමුල උන්දැගේ සොහොන තියෙන කාරණාව."

මංජුගේ පියාගෙන් යම් යම් කාරණා වලට උත්තර හොයාගත් මම අනිත් උන් ආ පසු දවල් කෑම වේලේ රස බලා අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට අරන් තිබුනා.

කාලය මේ විදියට ගෙවී අපි නැවතත් කොලඹට සේන්දු වෙන්නේ මංජුගේ දෙමාපියන්ට නැවතත් එන බලාපොරොත්තු දල්වා ලමින්.කොලඹ පැමිණි මම මංජුට දෙයක් කියන්න උනා.

"මචන්. මෙතන මොකක් හරි දෙයක් තියෙනවා. උබ කැමතිනම් අපි පොඩ්ඩක් බලමු ඒ ගැන. මටනම් හිතෙන්නේ අම්මට ඇති අසනීපයක් නෑ. මොකද අම්මගෙ රිපෝට් මම ත් බැලුවනෙ."

පරතෙරට නැතත් යම් තරමක් දුරකට වෛද්‍ය වාර්තා කියවීමේ හැකියාවක් මට තිබුනේ උසස් පෙල විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටීමේදී ලැබුනු පන්නරයත් සමගයි. මගේ කතාවට එකඟ උන මංජුත් සමග නැවතත් සිකුරාදා දිනය නිවාඩු ලබා ගනිමින් බ්‍රහස්පතින්දා රාත්‍රී කාලයේම නිවස බලා සේන්දු උනා.

හොදින් මංජුගේ මව පරීක්ශා කර බැලූ මට ඇයට එක එල්ලේම නරකාංශි ගුරුකමකින් කොඩිවිනයක් කර ඇති බව තේරුම් ගියා. ඒ ගැන මම කියපු වෙලාවෙදි තමයි මංජුගේ අක්කා
"අම්මා ගැන මනාපයක් ලොකු තාත්තට තිබිලා. ඒකට අකමැති උන දොහේ හිටන් තමයි මේ සේරෝම නස්පැත්ති"

කලින් වතාවෙදි අපි කිහිප දෙනෙකු නිවසට ආ නිසා ගෙයින් පිටමන් කර සිටි මංජුගේ අක්කා මේ අවස්තාවේදී මට මුන ගැහෙන්නේ ඒ හැම කෙනාගේම වාසනාවට වෙන්න ඇති.

"මංජු. අර කියන නෙල්ලි ගහ පාමුල වම් පැත්තේ හාරන්ට ඕනි. අඩියක් වගේ ගැඹුරින් ඇති වලදමාපු මුට්ටියක් හරි කුප්පියක් හරි. ආන්න ඒක ගන්න ඕනි"

ඔහුගේ පියා මුලින් අකමැති උනත් පසුව කැමැත්ත දැක්වූයේ මංජුගේ පෙරැත්ත නිසාමයි.. ඇත්ත. අඩියක් වත් හාරන්න උනේ නෑ. බලාපොරොත්තු උන විදියටම අපිට පොඩි මුට්ටියක් හම්බුනා. ඒකේ තිබුනේ ගැට දමාපු රතු නූල් පටක්

"අම්මට කරලා තියෙන්නෙ ඉබ්බන් බැදිල්ලක් බන්. මේ පැත්තේ ඉබ්බගෙ ගුරුකම.කියලා කියන්නේ මට මතක විදියට."

ඒ මුට්ටියත් දෝතින් ගත් මම එහෙම කියද්දි මංජුගෙත් ඔහුගේ තාත්තා ත් කට අයාගෙන හිටියේ පුදුමයෙන්. මොකද අපේක්ශා නොකෙරූ දෙයක් මෙහෙම ඇස් පනාපිට ඇත්ත වෙද්දි.


මම තිලක්. ප්‍රථමයෙන්ම මගේ කලින් කතාවට ලැබුන ප්‍රශංසා සහ ඔබතුමන්ලාගේ /තුමියලාගේ අදහස් වලට හිස නමා මගේ ප්‍රණාමය පුදකර සිටින්න අවස්තාවක් කරගන්නවා මේක. අවිද්‍යාව රජ කරන යුගයක මිත්‍යාව යැයි සියලු සාස්ත්‍රය බැහැර නොකරණ බුද්ධිමත් පාඨකයින් අතලොස්සක් හෝ සිටින සමාජයක මම කතාවක් ගේන්නේ බොහෝම නිහතමානී ආසාවකින්. ආයෙත් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි මට ලැබෙන ප්‍රශංසාවට. ඉතින් යමු කතාවට.

මේ කතාව දිග හැරෙන්නේ මගේ යහලුවෙක් වටා. මමත් සමග අපේ හිත මිත්‍රාදීන් කිහිප දෙනෙක් ලැබුන දින හතරක නිවාඩුවට වලස්මුල්ල ප්‍රදේශයේ මංජුගේ නිවසට යන්නේ රැකියාවේ දැනෙන විඩාව මානසික පීඩනය ටික දිනකට හෝ අඩුකරගැනීමේ අපේක්ශාවෙන් මංජුත් සමගම කොලඹින් පිටත් වූ අපි පැය පහක පමණ ගමනකින් පසු ඔහුගේ නිවසට සේන්දු වන විට අලුයම උදා වෙලා. කල් තියා දැනුම් දීපු නිසාම අපි එනතුරු මංජුගේ තාත්තා අපේ පැමිණීම අපේක්ශාවෙන් ගෙයි පිල්කඩට වන්නට දෙනෙත් දල්වා සිටියා.


අම්මා මාව කිරිඅම්මලාගේ ගෙදර අරන් ගිහින් පිරිත් කියලා යන්තරයක් දාලා පුහු ලිදකින් කියලා එකකින් වතුර ගෙනත් මහ පාන්දර මාව ඒ වතුරෙන් නාවලා ඒ ගොඩක් දේවල් කලාට පස්සෙ තමා මන් රෑට හීනෙන් බයවෙන එක නතර උනේ. බැදලා තනියම ඉන්න ප්ලෑන් කරපු මන් දැන් ඉන්නෙ මහගෙදර.කොටින්ම කීවොත් ඒ සිදුවීමෙන් පස්සෙ මන් තනියෙන් ඉන්න බයයි.ලක්මාල් නැතිදාට නන්ගිව හරි අම්මව හරි(ලක්මාල්ගෙ අම්මා හෝ නන්ගි)එක්ක තමා නිදාගන්නෙත්. අදටත් රෑට හීනෙන් විකාර දොඩවනවලු.ඒ සිදුවීමෙන් පස්සෙ රෑට පාරෙ යද්දි එද්දි උනත් මට කීප සැරයක්ම විවිද කරදර වෙලා තියෙනව.

අර කී මනී එක බොහොම අමාරුවෙන් සියපාරක් විතර කෝල් කරලා තමයි නැවත ගත්තෙ ඒකත් තුන් පාරකට.ඊට පසු කාලයේ ඔය සිදුවීම ගැන කතාකරනකොට අදුනන නංගි කෙනෙක් කීවා එදා පෙරහැර එන්න කලින් ලමයෙක් බයවෙලා හූ තිය තිය කෑගැහුව කියල.

එත් මන් අදටත් මගෙ හිතෙන් අහනවා එහෙම වෙන්න පුලුවන්ද කියල. මන් එදා දැක්කෙ හොල්මනක්ද ඒක මගෙ හිතේ ඇතිඋනු දෙයක්ද එතකොට අර පනුවො එහෙම හොල්මන් තියේ නම් අර මිනිස්සු ඒ ගෙදර ඉන්නෙ කොහොමද අර වැට ගහල තියෙන්නෙ එයාලගෙ ව්ත්තෙන් ඈත් වෙන්නද අනේ මන්දා. ඒ ගෙදරට ගිහින් බලන්න සිය දහස් වාරයක් හිතිලා තියෙනවා.ඒත් අර දැකපු දේ මතක් වෙද්දි කොහොම යන්නද ඉතින්.ඒ නිසා මට ඇත්තටම කියන්න තියෙන්නෙ කුලියට ගේකට යද්දි එහෙම නැත්න්ම් ගෙයක් සල්ලිවලට ගද්දි හොදට හොයල බලන්න ඕන.නැත්නම් අපි නොහිතන කරදර වලට පත්වෙන්න පුලුවන්.


1 දිනය / මගෙ යහලුවෙක් සහ ඇගේ සැමියා මගෙ හස්බන් (ලක්මාල් ) අපි ගෙදරට ගියා.ලොකු බඩු ප්‍රමාණයක් තිබ්බෙ නෑ.අවශ්‍ය දේවල් දින දෙක තුනකින් ගන්න තමා අපි ප්ලෑන් කලේ. ගෙදරට ගිය ගමන්ම මගෙ යාලුවගෙ හස්බන් එයට හරිම ගදයි කියලා මගෙ පර්පියුම් එකක් හැමතැනටම ස්ප්‍රේකලා. අපි ඉතින් ඌට විහිලු කරමින් ගෙනාපුව පොඩ්ඩක් අස්කරලා පහන තියලා කෑව. ඒ තුන්දෙනා ගියා. ඊටපස්සෙ මම රෙදි හෝදලා වනන්න බැල්කනි ඒරියා එකට ගියා.ගිහින් ඉද්දි මන් දැක්කා එහා ගෙදර කෙනෙක් ජනේලෙන් මන් දිහා බලන් ඉන්නවා.මන් හිනාඋනාම ඒ ගෑනුකෙනා ජනෙල් රෙද්ද වැහුව.ඒ අය ඇත්තටම ඒ පැත්තට තිබ්බ ජනෙල් සේරමත් වහලා තිබ්බෙ.ඒ බැල්කනි එකට රබුටන් ගහක අතු ඇවිත් තියෙනවා.මන් ගෙඩි දෙක තුනක් කඩාගන කද්දි අර ගෙදර පොඩි බබෙක් එලියටඇවිත් මාත් එක්ක හිනා උනා මන් එයාගෙන් රබුටන් ඕනද කියලා අහද්දි අර ගෑනු කෙනාම වෙන්න ඕන අවිත් අර ලමයව උස්සගන දිව්වා. මට ඒක පොඩ්ඩක් අවුල් ගියා.ඊටපස්සෙ මන් එබිලා බැලුව ඒ පැත්ත.ඒ ගෙවල් දෙක අතර වැටවල් දෙකක් තියෙනවා. මැද්දෙන් ඉඩ ඉතුරු කරල තමයි වැටවල් ගහල තියෙන්නෙ. අර මැද ඉඩේ තමා රබිටන් ගහ තියෙන්නෙ. මන් ඒත් හිතෙන් බැන බැන ඇවිත් වොශ් රූම් එකට යනකොට ඒකෙ පනුවො 20ක් විතර හිටියා.බට වලින් ඇවිත් ඇති කියලා මන් ගනන් ගත්තෙ නෑ.දවල් වෙලා මායි ලක්මාලුයි ගෙදරට අවශ්‍ය බඩු ගන්නයි ඒවාට ගිහින් එද්දි රෑ උනා.එයා මාව දාලා ගෙදර ගියා.මන් නිදාගත්තා.රෑ මට අඩි සද්දයක් වගේ ඇහුනා.මන් හිතුවා පහල අයගෙ සද්දෙ වෙන්නැති කියලා.

හොව් හොව් පොඩ්ඩක් කතාව කියවන කට්ටිය නිකන්ම කියවන් නැතුව රියැක්ශන් එකක් හරි දාන්න 😑 කතා එවන අය බලාගෙන ඉන්නෙ ඔයාල ඒ කතාවට ලයික් කමෙන්ට් දානකම් රියැක්ට් කමෙන්ට් ටිකක් දාගෙන යන්න කතා වලට හොද ලමයි වගෙ හාද කතා එවන අක්කල නන්ගිලා මල්ලිලා තව කතා ගොඩක් එවයි අපිට එතකොට ඔයාලටම තමා කතා ගොඩක් හම්බෙන්නෙ ඒකෙන්

2 දවස / මට එදා නිවාඩු.උදේ පරක්කු වෙලා නැගිට්ටෙ.වොශ් රූම් එකට යද්දි පනුවො එකයි.ඇත්තටම මට වමනෙත් ගියා අප්පිරියාවට.ලක්මාල්ට කෝල් කරලා කීවාම එයා ගනන් ගත්තෙ නෑ. මන් වතුර ගහලා හෝදලා සාමාන්‍ය වැඩ ටික කරගන හිටියා.මන් කීවනෙ ඒ ගෙදර තව පොඩි කාමරයක් තියෙනවා කියලා.දවල් වෙලා මගෙ සෙරෙප්පු බෑග් වගේ දේවල් ඒකෙන් අස්කරා.ඒ කාමරේ පලලින් අඩු ටිකක් දිග එකක්.ඒකෙ බිත්ති හූරල වගේ තිබුනේ මම ඒවා අතින් අල්ලලා හිතුවා පොඩි උන් ගෙවල් විනාශ කරනව කියලා.ඇත්තටම මටබයක් කියලා නාමයක්වත් තිබ්බෙ නෑ.

එදා මිනුවන්ගොඩ පෙරහැර දවස.පහල ගෙදරට එයාලගෙ නෑයෝ වගයක් ඇවිත් හිටියෙ පෙරහැර බලන්න.එයාල නූඩ්ල්ස් හදලා මටත් ගෙනත් දුන්නා.අපිට ඇතුලට එන්න තිබ්බෙ එයාලගෙ ගේ ඇතුලෙන් නිසා යතුරු දෙකක් අපිට දීලා තිබ්බෙ.ඊට අමතරව පඩිපෙලෙන් අපේ කොටස වෙන් වෙන්න යකඩ ගේට් එකක් තිබ්බා ඒකට අපි ඉබ්බෙක් දාලා තිබ්බෙ ඒ එක යතුරකුත් ලකී ගාව තිබ්බ. එදා ලකීට පාටි එකක් ඒක ඉවරවෙලා පෙරහැර බලන්නත් එක්ක මට කෑමත් අරන් ගෙදර එනව කියල කීව. කොහොමහරි හවස 5ට විතර මට පහලින් සද්දයක් ඇහුන ඒ අය හරි හරියට කෑගහගන්නවා. ඇවිත් හිටපු එක ලමයෙක් අම්ම අතන හිටියේ කියලා කෑ ගගහ කියනවතැහුනා.මන් පහලට ගිහින් ඇයි ඇහුවාම ඒ අය ඔක්කොම වගේ එලියෙ හිටියෙ ආ නෑ නංගි නිකන් කියලා කීවා.මන් ඉතින් ආපහු ආවා. ඊටපස්සෙ ඒ සේරම කොහෙද ගියා.මන් ශේප් එකේ ටිකක් නිදාගත්තා.ලකීගෙන් කෝල් එකක් එද්දි තමා මට ඇහැරුනේ.එයා මග එනවා ලෑස්තිවෙන්න පෙරහැර බලමු කියල කීවා. එවෙලේ රෑ 10.48 මට අදටත් මතකයි මන් වෙලාව බැලුව.ලකී එක්ක විස්තරේ කිය කියා ඉද්දි මට ගෑනු කෙනෙක් කෙදිරිගානවා වගේ සද්දයක් ඇහුනා.මන් අර අක්කලා ඇවිත් ආයෙ අවුලක්ද දන්නෑ කිය කියා සාලෙට එනකොට ගෑනු කෙනෙක් ඇවිදගන වොශ්‍ රූම් එක පැත්තෙ ඉදන් අර පොඩි කාමරේට යනවා.පනුවො වැටෙනව යන පාරෙ......

එතනින් එහාට මොනවා උනාද මන් දන්නෙ නෑ.මන් කතා නොකරන නිසා ලකී ඉක්මනින්ම ඇවිත්.එද්දි කාමරේ දොර ගාව මන් කලන්තෙ දාල වැටිලා ඉදලා තියෙන්නෙ.එයා වතුර දැම්මාම තමා මට සිහිය ආවෙ.මන් අඩ අඩා කීව උනු දේ.එයා විශ්වාස කලා නොකලා අපි දෙන්නම බලද්දිත් එවෙලෙත් පනුවො 50ක් 60ක් නම් හිටියා.ඒමොහොතෙම ඒ ඇදන් හිටි ඇදුමෙන්ම අපි ඒ ගෙදරින් ආවා.ඇවිත් මගෙ යාලුවගෙ ගෙදර තමා එදා රෑහිටියෙ.ඊටපස්සෙ දවසෙ මට නිකන් පිස්සු වගේ හිටියෙ.කවදාවත් දේවලෙක ගිහින් නැති අපි සමහර අය දන්නවා ඇති රොශාන් තිසේරා කියලා අර මන්තර ගුරුකම්වැඩකරන අයියා කෙනෙක් ඉන්නෙ එයා හම්බවෙන්න ගියා. ඒ යද්දි එයා ගෙදරක මොකක් හරි ඒ සම්බන්ධ වැඩක් කරමින් හිටියෙ. ඊටපස්සෙ එයා තෙල් එකක් දුන්නා. ඒකට මට අර විකාර ගතිය යම් තරමකට අඩූවුනා.තව මොනාද මන්දා කරන්න ඕන ඒවාට ටිකක් මුදලක් යයි කීවා.ඒ වෙලාවෙ බෝඩිම් වලටයි බඩු මුට්ටු වලටයි සල්ලි දීලා තවත් වියදම් කරන්න සල්ලි තිබ්බෙ නෑ.ඒ නිසා මන් රස්සාවත් දාලා(කටුනායක ආයතනයක මානව සම්පත් අංශයේ රැකියාවක් මන් කලේ) ගෙදර ගියා.


මේක හොල්මන්ද නැද්ද කියන්න මන් දන්නෙ නෑ.ඒත් මේ සිදුවීමෙන් පස්සෙ මගෙ ජීවිතේ හුගක් දේවල් වෙනස් උනා

මන් මගෙ දේවල් තනියම කරගත්තු කෙනෙක්. අපේ පවුලෙත් මන් එකම දරුව.අපේ ගෙවල් වල බාත් රූම් තිබ්බෙ උනත් ගෙදරින් එලියෙ. තනියම රෑට උනත් එලියට යන එක ඒවට කවදාවත් මන් බයවෙලත් නෑ. ග්‍රාමීය පරිසරයක හැදුනු මට ඕනතරම් මල ගෙවල් තොයිල් පලවල් ඒවටත් ගිහින් තියෙනව. ගමෙන් නගරෙට ඇවිල්ලත් මන් බෝඩ් වෙලා හිටියෙත් තනියම.ඇත්තෙන්ම කියනවනම් හොල්මන් කියල දෙයක් මන් කවදාවත් විශ්වාස කලේ නෑ.

2017 වර්ශයේ අග මන් හිටපු බෝඩිම මාරු කලා.ඒ වෙද්දි මගෙ විවාහ ගිවිසගැනීම කරල 2018 මාර්තු මාසෙ දිනයක් දාගන හිටියෙ වෙඩින් එකට. ඉතින් මන් තීරනය කරා වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නටම ඉන්නයි දෙන්නගෙම රැකියා ස්ථාන වලට සහ හස්බන්ගෙ මහ ගෙදරටත් ලගින්මත් නැතුව ටිකක් විතර ආසන්නයෙන් ඇනෙක්ස් එකක්ම ගන්න. මොකද කියනවනම් මගෙ අදහස උනේ අපි දෙන්න තනියම ඉන්නවනම් හොදයි කියන එක. ඉතින් අපි ගෙයක් බැලුව.තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවක්.ගෙදර අයිති අය නිතර ගෙදර රැදෙන අය නෙවේ. පිරිමි කෙනා මාසෙකට සැරයක් තමා ගෙදර එනවා කීවෙ. පොඩි ලමයි දෙන්නෙක් සහ ගෑනු කෙනා එයාලත් ලමයිත් අරගන රැකියා ස්ථානයෙන් එද්දි රෑ වෙනවා.අනික හරිම නිශ්ශබ්ද අය.උඩ තට්ටුවට ඇතුල්වෙන්න එයාලගෙ ගේ ඇතුලෙන් තිබ්බෙ නමුත් ඒ අය පොරොන්දු උනා මාසයක් ඇතුලත් එලියෙන් යකඩ පඩිපෙලක් දාල දෙනව කියල.මාසික කුලිය 8500 ලයිට් බිල් සහ කී මනි 40000ක් අපි දුන්නා.ඇත්තටම ඒ දවස්වල 40000ක් කියන්නෙ සැලකිය යුතු තරමේ මුදලක්. ඉතින් අපි ඒ ගෙදරට ගියා. මිනුවන්ගොඩ කොටු ගොඩ ප්‍රදාන පාරේ පල්ලියට කිට්ටුවෙන් තමා ගෙදර තියෙන්නෙ.ගේ ගැන කියනවනම් ඉතාම නවීන පන්නයේ බාත් රූම් එකක් විශාල කාමරයක් සහ සාලය කුඩා තව කාමරයක් කුස්සිය කුඩා බැල්කනි ඒරියා එකක්


☠️ #truestory

මේක මං ලබපු අත්දැකීමක් නෙවෙයි. මම කවදාවත් මේ වගේ සිද්ධියකට මූන දීලා නැ. විශ්වාස කරන්නෙත් නැ.ඒත් මේ කතාව ඇහුවම ඒක බොරුවක් වෙන්න විදිහක් නැ කියලත් හිතෙනව. ඒක කතාවෙ අන්තිමට පැහැදිලි වෙයි ඔයාලට. මගේ අච්චි අම්මා කාලයක් අංශබාගය නිසා අ⁣ඳේ හිටියා. පස්සේ බෙහෙත් කරලා සාමාන්‍යයෙන් ඇවිද ගන්න වැඩ කරගන්න පුළුවන් උනා. ඒත් පස්සේ පස්සේ ඔලුව ටිකක් අවුල් වෙලා තිබුනා. ඒ එක්කම ඇවිදින්න අමාරුවක් තිබුනා. එක කකුලක් ඇද ඇද ගියෙ. අපේ අම්මලගෙ මහගෙදර තමයි ආච්චි අම්මා හිටියෙ. පුංචි තමයි බලාගත්තෙ. අපේ ගෙවල් තියන්නෙ ටිකක් දුරින්. එකම ගමේ. හැබැයි ගෙවල් ඈතින් තියන්නෙ. ඉතිං ආච්චි අම්මට ඔලුව අවුල් වෙලා හිටපු කාලෙ අපේ ගෙදර එනව තනියම. තරමක් වාහන යන පාරක් ඒක. බයයි එහෙම ඇවිදින්න අමාරු වයසක කෙනෙක් එනකොට තනියම. සමහර දවසට උදේ 6ට විතර එනව. පුංචිලාට හොරෙන්. දවසක් දෙකක් පාරේ වැටිලත් හිටියා ඇවිදගන්න බැරුව. එහෙම වැටුනු වෙලාවට එයා බිම ඉඳගෙන කකුල් දෙකෙන් රොක් වෙවි එයාට යන්න ඕනි දිහාට යනව. තුවාලත් වෙනව ඉතිං. ඉතිං මෙහෙම ඉඳලා එයා ඇඳට වැටුනා. මීට අවුරුද්දකට කලින් මම වැඩකරන තැනින් මාසේ නිවාඩු අරන් ගෙදර ආවා. ඇවිත් අම්මා එක්ක ආච්චි බලන්නත් ගියා. අපි ගියාට පස්සේ පුංචි සුප් එකක් එහෙම පෙව්වා. එදා එයාට හොඳටම අමාරු වෙලා හිටියෙ. සුප් වැඩිය බිව්වෙත් නැ. කතා කරන්න බැ. අඳුරගන්න බැ අපිව. මුන දිහා බලන් හිටිය විතරයි. කොහොම හරි අපි සුප් එහෙම පොවලා හවස 5.30 වගේ වෙද්දි ගෙදර ආවා. ඒ ගමන් පුංචියි නංගියිත් අපි එක්ක ආවා කඩේ යන්න. ආච්චි ගෙදර හිටිය. එයාට ඇ⁣ඳෙන් බහින්න බැනෙ. වෙනදත් එහෙම දාලා නිදාගත්තම එනව අපේ ගෙදර එහෙම එයාලා...

ඒ ආවාට පස්සේ එයාලා ගෙදර යද්දි වැඩිම උනොත් 6.30 වෙන්නැති. පස්සේ අපිත් රෑට කාලා එහෙම ඉද්දි කෝල් එකක් ආවා ආච්චි නැතිවෙලා කියලා. පුංචි කියන විදියට 8.20 වගේ වෙලාවෙදි වගේ තමයි නැති වෙන්න ඇත්තෙ. එයා 8.45වගේ වෙලාවට ආච්චි නිදිද කියල බලන්න කාමරේට ගියාම කතා කරල පුංචි ඒත් සද්දයක් නැති නිසා බලලා

එතකොට ලඟට ගිහින් අල්ලලා බලද්දි ඔලුව එහෙම සීතලයිලු. කොහොම හරි අච්චි නැති වෙලා මලගෙදර තිබ්බ. මලගෙදරත් ඉවර උනාට පස්සේ අපිට මේ ආරංචිය ලැබුනෙ. එදා මල ගේ වෙලාවෙදි මේ සිද්දියකට අදාල පොඩි ළමයි දෙන්නවත් එක්කන් ඒ අයගෙ අම්මලා ආවලු. මේකයි සිද්ධිය. ආච්චි නැතිඋන දවසෙ අපි සුප් එහෙම පොවලා ගෙදර ගියානෙ 5.30ට වගේ. පුංචිලත් අපි එක්ක ගියානෙ. අපේ ගෙවල් පැත්තට යන පාරේ අපි ගියෙ. ආච්චිලාගෙ ගෙවල් තියන්නෙ හංදියක. මේ සිද්ධිය වෙලා තියන්නෙ අපි ගියපු පාරෙ නෙවෙයි අනිත් පාරෙ. ගොඩක් දුරක් නෙවෙයි ලඟමයි. ඒ පාරට තව පාරක් සෙට් වෙනව පහල පැත්තෙන් ඇවිත්. අර මං කියපු ළමයි දෙන්නා හවස ක්ලාස් ඇරිලා පහල පාරෙ ඉඳන් අර ආච්චිලගෙ අනිත් පාරට සෙට් වෙන තැනට ඇවිත්. ඒ පාර දිගෙම ගියාම තමයි ඒ ලමයින්ගෙ ගෙවල් තියන්නෙ. කොහොම හරි මේ දෙන්න අර පාරට සෙට් වෙද්දිම උඩ පාරෙන් ආච්චි කෙනෙක් බිම ඉදගෙන රොක් වෙවී පහලට එනවලු. මං කිව්වෙ ආච්චි අර පාරෙ යද්දි වැටුනම එහෙම අය හිටගන්න බැරි නිසා එහෙම යනව කියලා. ඒ විදියට. අර ලමයි එච්චර ලොකු අය නෙවෙයි පොඩි දේන්නෙක් ඒ නිසා ඒ දෙන්න ඒ පැත්ත බල බල ගෙදර ගිහින්ලු. ගිහින් අම්මලට කියලා මෙහෙම ආච්චි කෙනෙක් ආවා. අර ගෙදර ආච්චි කියලා. ඒ ලමයි ඊට කලින් ආච්චි එහෙම යනව දැකලා නැහැලු. එත් එදා දැකලා.හැබැයි මෙතන සීන් එක තමයි ආච්චිට අන්තිම දවසෙ එහෙම යන්න පුළුවන්කමක් තිබ්බෙ නැ. යන්න තියා ඇ⁣ඳේ හැරෙන්නවත් බැ. එදා ඒ ලමයි දකිද්දි ආච්චි ඇඳන් හිටියෙ නිල් පාට ගව්මක්ලු. එයා හොඳින් ඉන්න කාලෙ නිතරම වගේ නිල් පාට ගවුමක් තමයි ඇන්දෙ. අනික නැතිවෙද්දිත් ඒක නෙවෙයි ඇඳන් හිටියෙ. පුංචිලා ගෙදර එද්දිත් ආච්චි නිදිලු. ඉතිං අර ලමයි දෙන්නා මලගෙදර එක්ක ඇවිත් එයාලගෙ අම්මලා ඇහුවලු මේ ආච්චිද ඊයේ දැක්කෙ කියලා. දෙන්නම ඔව් මෙයා තමයි කිව්වලු. හැබැයි ඒ ලමයි තාම දන්නෙ නැ ආච්චිට එදා එහෙම යන්න පුළුවන්කමක් තිබ්බෙ නැ කියලා. එතකොට ඒ ලමයි දැකලා තියන්නෙ ආච්චිගෙ මනෝකාය වෙන්නැතිද??? අදහස් කියන්න. තව සිදුවීම් දෙක තුනක් තියනව. ඒවත් කියන්නම් මං පස්සේ...


ඉතින් අම්මයි aunty යි ඇදුම් මාරු කරලා එනකන් බලන් හිටියට ඉක්මනට එන්නෙත් නැ. අපිට ඉතින් බලන් ඉඳලා බැරිම තැන අම්මේ අපි වතුරට බහිනවා කියලා මමයි නංගී මල්ලී තුන්දෙනා වතුරට බැස්ස.. අම්මා කෑ ගහලා කිව ගැඹුරට යන්න එපා කියලා. මමත් හා කියලා වතුරට බැහැලා විනාඩි 5 ක්‌ විතර ඉන්නකොට වතුරේ ටිකක් එහාට වෙලා මැද හරියේ පොඩි නංගියෙක් නානවා දැක්ක මන්.. ඉතින් මමත් මැදට ගියා මන් හිටපු තැන වතුරත් ටිකයි නිසා. අනික ඇත්තම හේතුව පොඩි එකෙක් මැද හරියේ නාන කොට මන් ගොඩ හරියේ ඉන්නකොට ලැජ්ජා නිසා ගියේ..
මන් මැද හරියට ගියා විතරයි මාව වතුර ඇතුලට අඳිනවා වගේ ගිලුනා. ඉට පස්සේ කොහොම හරි මන් උඩට ඇවිල්ලා බේරගන්න බේරාගන්න කියලා කෑගහන කොට ආයෙත් යට ගිහින් උඩට ආවම අම්මා කියලා කෑ ගැහුවා.. එතකොට ආයෙත් යට ගියා මන්.. එතකොට නම් මාව ගොඩක් යටට ගියා.. මමත් එක අතකින් නහය වහගෙන තව ටිකක් යටට ගිහින් පොලොවේ අඩිය ගහලා උඩට යන්න ගැම්මක් ( පොඩි ශක්තියක්.. එ අදහස කියන්න තේරෙන්නේ නැ) ගත්තම මට පීනන්න පුළුවන් නේ එතකොට.. මට එ කාලෙ හොඳට පීනන්න බැ.. ඒත් පොළොවක් හම්බුනේ නැ යටට ගියාට..

මට එතකොට නම් ඇත්තටම හිතුනා මන් මැරෙයි කියලා.. එ වෙලාවෙ නම් මගෙ අම්මව ගොඩක් මතක් උනා. කොහොම හරි දගලලා උඩට එද්දි අප්පච්චි වතුරට පැනලා මාව ගොඩට ගත්තා. මගෙ අප්පච්චි navy එකේ. හොඳට පීනන්න පුළුවන් ඉතින්.. මන් දෙවැනි පාර කෑ ගහන කොට තමයි අම්මලාට ඇහිලා තියෙන්නේ..ඉට පස්සෙ ළඟ ගෙදරකින් මට තේකක් එහෙම දුන්නා.. එ ගෙදර aunty කෙනෙකුයි ආච්චි කෙනෙකුයි ඉන්නවා.. ඉට පස්සෙ එ aunty කිව එතැන හැම අවුරුද්දකම බිල්ලක් ගන්නවා කියලා. එතකොට තමයි මට මතක් උනේ අර නාන ගමන් හිටපු නංගී ව.. මන් ඒක කීවම කිවා එ ආච්චි ඉට කලින් අවුරුද්දේ කොලඹ කට්ටියක් නාන්න ඇවිත්. එයාලත් එක්ක හිටපු 9 ශ්‍රේණියේ නංගියෙක් ගිලිලා මැරුණා කියලා... මන් හොඳටම බය උනා එදා නම්...ඉට පස්සෙ මේ අවුරුද්දේ පෙබරවාරි වල වගේ අපි ආයේ එ පැත්තේ ගියා මට එතැන නාන්න යන්නමයි ඕනෙ වෙලා තියෙන්නෙ.. මට එතැනට යන්නේ නැතුව එන්න බැ කියලා මන් අම්මලාටත‍් කෑ ගහලා.. අප්පච්චි යන්නේ නැතුව car එක speed කරලා එතැන පහු කරන් ගිහින්.. ඉට පස්සෙ අපි ගෙදර ඇවිල්ල පන්සල් එදා රෑ ම ගියා. ගිහින් හාමුදුරුවන්ට එ විස්තරය කියනකොට තමයී මන් දන්නේ මන් යන්න ඕනේ කිව කියලා.. මට එ කිසි දෙයක් මතක නැ.. ඔයාල කියන්නකෝ ඇයි මට එතෙන්ට යන්න ආයේ ඕන වෙලා තියෙන්නේ..

මේ මගේ 1st සිදුවිම..ආයේ නම් මුකුත් වෙලා නැ මට.. කතාවෙ typing අඩු පාඩු ඇති.. Sorry ඒකට..

~ Shibhani ✍️


මේක මට උන සත්‍ය සිදුවීමක්. විශ්වාස කිරීම නොකිරීම ඔයාලාට බාරයි...

මේක උනේ 2022 ජනවාරි 2 වෙනිදා.. මන් එතකොට 11 ශ්‍රේණියේ හිටියේ.. එදා මගේ අම්මයි තාත්තයි මමයි (මම ගැනු ලමයෙක්) තව අම්මගෙ යාලුවෙක් ගෙ පවුලේ කට්ටියකුයි ( එ පවුලේ aunty, නංගී, මල්ලී, uncle කෙනෙක් හිටියා) ගියා නාන්න පැලැම්පිටිය පැත්තේ. එහෙට යන්නේ තියෙන්නේ යට්යන්තොට එහෙම පහු කරන්. කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ තියෙන්නේ. (අපේ ගෙවල් තියෙන්නෙ කෑගල්ලේ.. එ පැත්තේ කට්ටිය නම් දන්නවා  එහෙ නාන්න තියෙන තැන් එහෙම. ලස්සන පරිසරයක්) අපි ඉතින් දිය ඇලි බලලා එහෙම නාන්න ගියා පොඩි ඔයක් වගේ එකකට (එකේ නම හරියට දන්නේ නැ. උඩ දිය ඇල්ලකින් එන වතුර පාරක්) ඉතින් දන්නවා නේ නාන්න තැනකට ගියාම අම්මලා කියන දේවල්... එයාල එනකන් වතුරට බහින්න එපා වගේ දේවල් ගොඩක් කිව අපේ අම්මත්..


මම සාමන්‍යෙන් පාන්දර 1,2 වෙනකල් ඇහැරන් ඉන්න කෙනෙක්.මොකද මං මාරම විදිහට නවල් කියවන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.අම්මත් සමහර දවස් වලට නිදාගෙන මහ පාන්දරට ඇහැරෙනව. තාත්තත් වැඩ නිසා මායි, නංගියි,අම්මයි තමා ඉතින් රෑට ගෙදර ඉන්නෙ.ඉතින් කරුමෙ කියන්නෙ මං ඊයෙ රෑ 12යි ගානකට නිදාගත්තා. අම්ම ඊටපස්සෙ 1ට විතර ඇහැරිලා ඊයෙ. ඊටපස්සෙ වොශ් රූම් ගිහිම් ඇවිත් සාලෙට වෙලා ඉදල.ෆෝන් එක බල බල ඉද්දි අම්මගෙ යාලුවෙක් ගෙන් කෝල් එකක් ඇවිත්.ඒ ඇන්ටි ඉන්නෙ රට.ඔන්න ඉතින් අම්ම එයත් එක්ක කතා කර ඉන්නවලු. දන්නවනෙ ගෑනු කියවන්න ගත්තම කටවල් වලට නිවනක් නෑනෙ. ඔන්න ඕම ටිකක් වෙලා කතා කර කර ඉද්දි එකපාරටම

අම්මේ...අම්මේ....අම්මේ...අම්මේ කියල පොඩි එකෙක් කතා කරනව ඇහිලා. අම්ම ඊටපස්සෙ අර නැන්දට කියල"අනේ බලපන්කො නංගි පොඩ්ඩි (අපෙ නංගිට කතා කරන්නෙ ඒම) ඇහරලද කොහෙද බං.නිදිකරන්න යන්න වෙයිද දන්නෑ" කියල.ඊටපස්සෙ එ නැන්දත් කියල එයාටත් ඇහුන කියල. හතර පාරක් කතා කරල ආය කතා කරපු නැති හින්දා අම්ම අර නැන්ද එක්ක ආයෙත් අම්ම කතා කර කර ඉදල.

ඕම ආයෙ විනාඩි පහකින් විතර ආය චූටි ලමයෙක් හිනාවෙන සද්දයක් ඇහිල, හයියෙන් නෙවෙ හරි හිමින් ලස්සනට හිනා උනාලු.අම්ම ඊටපස්සෙ අර නැන්දට කිව්වලු"දෝනි(එහා ගෙදර නංගි) ඇහරලද කොහෙද බං ආන් හිනාවෙවී ඉන්නව"කියල.එහම කියල තියෙන්නෙ එ ගෙවල් පැත්තෙන් සද්දෙ ඇහුන වගෙ දැනුන නිසාලු.ඕම ඉතින් කෝල් එක කට් කරල.ඊටපස්සෙ ෆේස්බුක් බල බල හිටියලු ටික වෙලාවක් ආයෙ ලමයෙක් අඩන සද්දයක් ඇහුනලූ.අම්මට තේරිලා ඒ නම් දෝනි නෙවෙ කියල.හරි හිමින්ලු අඩන්නෙ ලගම ඇහෙනවලු.ඒ සද්දෙත් ටික්කින් නැවතිලා.ඊටපස්සෙ අම්මට කල්පනා වෙලා මෙච්චර වෙලා ඇහුන සද්ද දෝනිගෙ කටහඩ නෙවෙ කියල අපෙ අම්ම යකෙක්ටවත් බය නැති ගෑනිනෙ ඉතින්.ශේප් එකෙ ඇවිල්ල නිදාගෙන.පාන්දර අල්ලපු ගෙදරිනුත් අහල ඊයෙ රෑ ඇහැරුනාද කියල කවුරුහරි එයාල නැ කියල.ඊටපස්සෙ උදේ අර නැන්ද කොල් කරල කියනවලු ඊයෙ රෑ කෑගැහැවෙ බෝදිලිමා කියල. අම්ම ඉතින් දන්නොනෙ මං හොල්මන් කතා එහම කියවනව කියල. මගෙන් අහනව ඒ කෑ ගැහැවෙ බෝදිලිමද කියල. මං දන්න ඉටිගෙඩියක් නැති නිසයි මෙකට දැම්මෙ

ඒ කතාකරෙ මොකා වෙන්න පුලුවන්ද ඔයාලට මොනාද ඒ ගැන හිතෙන්නෙ කියන්නකො.උදේ ඉදල කනටත් නිවනක් නැ මොකාද ඒ ගගා අහනව හරියට නිකම් මං බූතලෝකෙ අදිපති කියල හිතන් ඇත්තෙ මොනා උනත් හරියට රචනාවක්වත් ලියන්න දන්නැති මගෙ මෙ කතාව අමාරුවෙන් හරි කියෙව්වට ආදරෙයි 😚❤️ පුලුවන්නම් ඔය මොකාද කියන්නකො....


මචං මේක ඇත්තටම අපෙ අම්මට උන සීන් එකක්.මටනම් ඔය හොල්මන් පේන්නෙත් නෑ එකම එක පාරක් කෑගහන සද්දනම් ඇහිල තියනව.අපෙ අම්මටනම් හොල්මන් පේනවත් එක්ක.මේකත් ඊයෙ රෑ උන සීන් එකක් අම්මට. අපේ ගෙවල් තියෙන්නෙ පාරක් අයිනෙ. ප්‍රදාන පාරකුත් නොවන නිතරම වාහන යන හොදට හදපු පාරක්.අපේ ගෙදර කාමර දෙකයි, සාලෙයි, කුස්සියට යන්නොනි එලියෙන්. සාලෙ හෙන ලොකුයි.කාමර එකක මං,අනිකෙ අම්මයි,තාත්තයි,නංගියි.අපෙ ගෙදෙට්ට එහා පැත්තෙ තියෙන්නෙ අපේ බාප්පලගෙ ගෙදර. බාප්පා රට නිසා ඒ ගෙදර ඉන්නෙ පුංචියි, ආච්චියි,මල්ලි කෙනෙකුයි,නංගිල දෙන්නෙකුයි එතනින් එකියක් පෙර පාසල් අපි එයාට කියන්නෙ දෝනි කියල.හරි දැන් යන් කතාවට


අර මාමා කාමරෙන් එද්දිම කුස්සිය පැත්තෙ ඒ ගෙදර කුස්සිය පැත්තෙ වෙන්න ඕන 'දඩාං' ගාලා ජනේලයක් හරි දොරක් හරි වැහුනා. ටිකක් වෙරි වෙලා හිටපු අර මාමා " "ආ දැන් හරි ඔක්කොම #&%#@" ටික කියල හොඳ කුණුහරුපෙකුත් කියාගෙන ආයෙත් හිටපු තැනින් ඇවිත් වාඩි වුනා. ඉතින් අපි හැමෝටම මොකද්දෝ අමුත්තක් තේරිලයි තිබුණෙ. මට විතරක් දැනිච්ච දෙයක් නෙවෙයි ඒක ඊට පස්සෙ අපේ කොල්ලෙක්ට මුත්‍රා අඩස්සියක් හැදිලා අන්තිමට හැම එකාටම එළියට යන්න ඕන වුනා. කොහොමින් කොහොම හරි මං වත්තට ගිහින් මොකක් හරි ලොකු ගහක් ලඟට ඇවිත් වැඩේ කරන්න ගත්‍තා. අනිත් අය තැන් තැන් වල විසිල් ගගහ අනම් මනම් කිය කිය වැඩේ කරනවා. අපිට එළියකට කියල තිබ්බෙ අපේ ෆෝන් වල ටෝච් එලියයි පාරෙ කොනක තිබ්බ ලාම්පුවක එළියක් විතරයි. ඉස්තෝප්පුවෙ වොට් 5කින් එන බල්බ් එකක එළියයි විතරයි. ඒ ඇරෙන්න වටේම කෑලි කපන්න පුලුවන් තරමට කළුවරයි. ඔහොම වැඩේ කර කර ඉද්දි මං ඉන්න ගහට ටිකක් ඈතින් තියෙන ලොකු රූස්ස ගහක් ලඟ චායාවල් දෙකක් එකපාරටම මට පෙණුනා. ඒක දැකල හිත ගැස්සුන මං යාලුවට කතා කරල එක පෙන්නද්දිම ඒ චායාවල් දෙක ගුරු පාර පැත්තට ගිහින් නොපෙනී ගියා. කොහොම හරි අර මගෙ යාලුවටත් ඒක පෙනුනා. අපි එවෙලෙ ඒ සිද්ධිය කාටවත් නොකිය කට්ටියවම අරගෙන ඉක්මනින් ගේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා. ඊට පස්සෙ එළිවෙන ජාමෙ තමයි අපි සාදය ඉවර කරලා යාලුවගෙ ගෙදරට ගියෙ. ඒ යන අතරමගදි මං, මායි යාලුවයි දැකපු දේ හැමෝටම කිව්වා. කියලා අර ගේ ඇතුලෙදි වෙච්ච සිද්ධි කීපයත් මේ සිද්ධියත් එකට ගලපන්න හදනකොට මන්දාරම් නුවර ඉන්න මගෙ යාලුව කියපි " ආ ඒ මිනිහ අර ගෑණිගෙයි ලමයගෙයි මිනී අළු අර කාමරේ තියන් ඉන්නෙ" එහෙම කිව්වට පස්සෙ ආයෙත් ඒ කතාවෙ මොනව ගලපන්නද කියල මටත් හිතුනා... අනිවාරෙන්ම ඒ මාමගෙ දුවයි නෝනයි ඒ ගෙදර තාමත් ඇති. බල්ල මුලදි බිරුවත් පස්සෙ හුරතල් උනේ එයාලව අඳුරගත්ත නිසා වෙන්න ඇති. එයාලා ඒ මාමව බලන්න හැමදාම එනව ඇති, එයාලගෙ ගෙදරට හදිස්සියේ ආව කට්ටිය කවුද කියල එදා බලන් ඉන්න ඇති. ඒ ඔක්කොම හරි කියමුකො. ඒත් ඒ මාමා කාමරේට ගිහින් කතා කරේ කා එක්කද? අර දුර්ගන්ධය ඇවිල්ලා එකපාරම නැතිවුනේ කොහොමද? මහ හයියෙන් ඉබේම දොර වැහුනෙ කොහොමද ? මාමත් එයාල එක්ක කතා කරනවවත්ද? අපි කට්ටියටම ඒක තාමත් ප්‍රශ්නයක්. ඔයාල මොනවද හිතන්නෙ? මේ වගේ දේවල් තව මේ ලෝකෙ කොච්චර නම් වෙනව ඇතිද.....?

මේ කතාවට ලැබෙන ප්‍රතිචාර අනුව මම මගෙ තාත්තා මුහුණ දුන්න ඇත්තම සිද්ධියක් ඔයාලා වෙනුවෙන් ලියන්න හිතාගෙන ඉන්නවා. ඔයාලගෙ අදහස් කමෙන්ට් කරගෙන යන්න.


මට මේක ලියද්දිත් ඒ අතීතය මතක් වෙද්දි හරි ආසයි ආයෙත් ඒ කාලෙ එනව නම් කියල මට නිතරම හිතෙනවමොකද අපි ඒ තරම් ජීවිතේ වින්ඳා. ඉතින් 2018 එක්තරා දිනයක අපි කට්ටිය කතා වුනා මන්දාරම් නුවර යන්න. ගිහින් තියෙන අය දන්නවා ඒ පැත්ත කොච්චර ලස්සනද කියන්න. මගෙ යාලුවෙක් ඉන්නවා මන්දාරම් නුවර හරියටම ගම මැද්දෙ. ඉතින් එහෙ නවතින්න හිතාගෙන තමයි අපි මේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. අපි කෝච්චියේ ගිහින් ඊට පස්සෙ බස් එකේ යන්න තමයි කතා කරගත්තෙ. කතා කරගත්ත විදිහටම කොළඹ කොටුව ස්ටේශන් එකෙන් උදේම උඩරට මැණිකෙ එක්ක ගමන පටන් ගත්තා. දවස් 3ක ගමනක් ප්ලෑන් කරලයි තිබුනෙ ඉතින් එදා අපි මගෙ යාලුවගෙ ගෙදරට යද්දි ටිකක් හවස් වුනා. මොකද යන ගමන් ඒ ගමේ ඇවිදලා පැණි බේරෙන් වැල ගෙඩියක් කඩාගෙන කන ගමන් ගඟේ නාලා පොඩි අඩියක් ගහලා සිංදුවක් කියල එහෙම තමයි යාලුවගෙ ගෙදරට ගියෙ. ඉතින් මට මේ දැන් වගේ මතකයි ඒ යද්දි මගෙ යාලුවගෙ අම්මා අපිට කරවල බැදලා පරිප්පු එක්ක කොච්චි සම්බෝලයක් හදලා තිබ්බා දිව්‍ය භෝජන පරාදයි. ඉතින් අපි කට්ටියම විටින් විට හඳ අල්ලන්න යනවා. ඒක අපේ අනිවාර්‍යය ක්‍රියා පටිපාටියක්. (මං හිතනව මං කියපු හඳේ තේරුම ඔයාලා තේරුම් ගනී කියලා) ඔය අතරෙ හඳට ගියාට මදි බෙබේ අයියල තුන් දෙනෙකුත් ඉන්නව. කොයිවෙලෙත් "බො" යන්න කියාගත්ත ගමන් මයි ඉන්නෙ. ඉතින් එදා රෑත් ඒ තුන් දෙන්ගෙ පෙරැත්තියටම ආයෙත් බොන්න ලැස්ති වුණා. ඔය අතරෙ ගෙදර අයිතිකාර මගෙ යාලුවා කිව්වා " මචං අපෙ ගෙදර ඇතුලෙ නිදහසේ බොන්න බෑනෙ උඹලට, තාත්තා නම් අවුලක් නෑ නංගී අම්මයි ගේ ඇතුලෙ ඉන්න නිසා කුණුහර්පයක් වත් කියන්න බෑනෙ... මං උඹලව එක්කන් යන්නම් නියම පොට් එකකට. පොඩ්ඩක් හිටපන් මං එතන ඉන්න මාමට කෝල් එකක් ගහල බලනකන්" කියලා. ඉතින් අපෙත් ඉහේ මලක් පිපුණා වගේ. යාලුවා වැඩේ conform කරලා කිව්ව ගමන් අපි බෝතලුයි, බයිටුයි, සඳ ගමනට අවශ්‍ය ද්‍රව්‍යයි, ගිටාර් එක එක්ක දර්බක් එකත් අරගෙන පැක් කරගත්තා. ඔන්න දැන් රෑ 8ට විතර අපි මගෙ යාලුවගෙ ගෙදරින් අර යනව කිව්ව තැනට යන්න පිටත් වුනා. ලොකු දුරක් යන්න තිබුනෙ නෑ ගුරු පාරක් දිගේ මීටර් 500ක් විතර යද්දි මගෙ යාලුවා ඇඟිල්ල දික් කරලා ගරා වැටෙන ගානට අබලන් වෙලා තිබ්බ ගෙයක් පෙන්නුව. " මේක තමයි ප්ලේස් එක" ගේ වටේටම ගහ කොළ වලින් පිරිල තිබ්බට ඒ වත්ත අවුරුදු ගාණකින් අතුගාලා නම් තිබුණෙ නෑ කියල කලුවරේ වුනත් බලපු බැල්මෙන්ම අපිට තේරුනා. ඔය අතරෙ සෙට් එකේ එක කොල්ලෙක් " මචන් වෙරි වෙලා ඉද්දි නයෙක්වත් ඇවිත් ගහයිද දන්නෑ නේද?" කිව්වම හැමෝම මූණට මූණ බැලුවෙ හරියට ඒ කියපු දේ ස්ථීර කරන්න වගේ. එතකොටම ඒ ගමේ ඉන්න මගෙ යාලුවා කිව්වා " නෑ නෑ බං බය වෙන්න දෙයක් නෑ.. ඔය ගෙදර ඉන්නව වයසක මාමා කෙනෙක් මිනිහගෙ දුවයි ගෑණීයි මැරිල දැන් තනියම ඉන්නෙ.. එලියෙන් ඔහොම පෙනුනට ඇතුල පිලිවෙළයි යමංකො පෙන්නන්න" යාලුව එහෙම කිව්ව නිසාමත් නෙවෙයි අපිට නිදහසේ සිංදුව කියල විනෝද වෙන්න පුලුවන් නිසා මේක අමුතු අත්දැකීමක් වෙයි කියල හිතලත් අපි හිනා වෙවී ගේ පැත්තට ගියා. වත්තෙ කඩුල්ල ලඟෙ ඉඳන් ගමේ යාලුවා " මාමේ..." කියලා දෙපාරක් විතර කෑ ගහද්දි ලෑලි වෙන්වෙලා තිබ්බ දොර ඇරගෙන ටිකක් තළෙලු හරි අහිංසක මූණක් තිබ්බ වයසක අංකල් කෙනෙක් එළියට ආවා.. කොහොමින් කොහොම හරි අපි ගේ ඇතුලට ගිහින් වැඩේ පටන් ගන්න ලෑස්ති වුනා. ඉතින් ඒ ගෙදර අංකලුත් අපි එක්ක ඩ්‍රින්ක් එක දාන්න සෙට් වුනා. අංකල්ගෙ බලු යාලුවත් ලඟ තියාගෙන, එයාටත් බෝතල් මූඩි දෙක තුනක් රහමෙර පොවල අනේ කිසිම කරදරයක් නැතුව අපි සිංදු කියන ගමන් බෝතල් එක හමාරක් හිස් කරා. ඔය අතරෙ අපි කසු කුසුවයි සිංදුවයි නවත්තලා හඳ ගමනට අවශ්‍ය දේවල් හදන්න පටන් ගත්තා. එතකොට නම් රෑ 12 පහුවෙලා හැබැයි මට හරියටම වෙලාව මතක නෑ. මෙන්න සභාව මැද්දෙ හිටපු අංකල්ගෙ බල්ලා එකපාරට ඒ ගෙදර කාමරේක දොරක් දිහා බලාගෙන බුරන්න ගත්තා.. තත්පර ගානක් බුරලා එකපාරට බිරිල්ල නවත්තලා හුරතල් වෙවී කෙඳිරි ග ගා කාමරේ ඇතුලට ගියා.. මේ සිද්ධිය මට ටිකක් ඇල්ලුවෙ නෑ මොකද එතකොටත් කලින් තිබ්බෙ නැති මොකක්දෝ අමුතු ගඳක් එන්න පටන් අරන් තිබ්බෙ. මාමගෙන් ඇහුවම බල්ලට මොකද වුනේ කියලා "ආ ඔය උගෙ හැටි" කිව්වා ඒත් ඔන්න මට ඉතින් දැන් බයයි. ඔය අතරෙ කාමරේ ඇතුලෙ ඇඳේ කවුරු හරි ඉඳගන්නව වගේ සද්දයක් ඇහුනා. මං හිතුවා බල්ල ඇඳට නගින්න ඇති කියලා. ටික වෙලවක් යද්දි බල්ලා එලියට ආව. එතකොටම මොනා හරි දෙයක් සද්දෙට බිම වැටෙනව ඇහුනා ඇතුලෙන්. ඔය සද්දෙ ඇහෙද්දි අපි හඳ ගමනට පිටත් වෙලා හිටපු හින්ද හැමෝටම පොඩි සද්දයක් පවා ඇහෙනව මොකද දන්න අය දන්නව ඒ වෙලාවට තියෙන සෙන්ස් එක. එක පාරටම අර මාමා අපි ගාවින් නැගිටල ඒ කාමරේට ගියා.. අපිට ඇහුනා මොනවද මුමුනනව හරියට කා එක්ක හරි කතා කරනව වගේ.. අපි එක එකාගෙ මූණ දිහා බලන් දැන් ඉන්නව මුකුත් කතාවක් නැතුව. ඊටපස්සෙ එකපාරටම කාමරේ රෙද්ද ඈත් වෙනව මායි තව යාලුවො දෙන්නෙකුයි දැක්කා..මොකද අපි හිටියෙ ඒ කාමරේ පැත්ත පේන විදිහට ඉඳගෙන. අර ගේ ඇතුලට ආව ගඳ ටික ටික වැඩි වෙන්න ගත්තා ඊට පස්සෙ ටික ටික අඩු වුනා.


මම මේ ගෲප් එකට මම ලංකාවෙ ඉද්දි මුහුණ දුන්න අත්දැකීම් දෙකක් ලියලා දැම්මා ඇත්තටම ඒවට ඔයාලගෙන් ලැබිල තිබුණ ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒ කතා කියවපු, නොකියවපු හැමෝටම ස්තූති කරන ගමන් මම මගේ ජීවිතේ අවසාන වරට මුහුණ දුන්න, හොල්මන් නැත්තන් අත්භූත යැයි කිවහැකි කතාවක් තමයි මේ ලියන්න හදන්නෙ. එහෙනම් අපි කතාවට යමු.

මම ලංකාවෙ ඉද්දි වැඩ කරේ එක්තරා මාධ්‍ය ආයතනයක. ඩොලර් හිඟයක් ඇතිවෙන්න කලින් රටේ තිබුන තත්වය හරිම නිදහස්. ලොකු බරක්පතලක් තිබුනෙ නෑ කාටවත්. හැමෝම හම්බ කරන සල්ලි වලින් කාලා බීලා විනෝදෙන් හිටපු කාලයක් ඒක. මං කියන්නෙ නෑ දැන් ලංකාවෙ මිනිස්සු විනෝදෙන් ඉන්නෙ නෑ කියල. ඒත් ඒ ආපු ඩොලර් හිඟයෙන් පස්සෙ සල්ලි ‍යහමින් තියෙන මනුස්සයට උනත් යම් කිසි පීඩනයක් ආවා කියන එක නොරහසක්. ඉතින් මම ඔය කියන මාධ්‍ය ආයතනයේ වැඩ කරපු කාලේ මාත් එක්ක මගේ ගෲප් එකේ වැඩ කරේ පිරිමි ළමයි 8 දෙනයි ගෑණු ලමයි දෙන්නයි. ඒ හැමෝම එතකොට හිටියෙ 21 සහ 32 යන වයස් කාණ්ඩය ඇතුලේ එතකොට ඒ කවුරුත් කසාද බැඳලා හිටියෙත් නෑ ඉතින් අපේ ගෲප් එකේ මං ඇතුළු කොල්ලො 8 දෙනා මාස 2කට සැරයක් ලංකාවෙ කොහෙම හරි අස්සක රිංගනවා කූඩාරම් අරගෙන කෑම බීම අරගෙන, කොහොම හරි ට්‍රිප් එකක් යනවා.


ඉතින් කට්ටඩි මහත්තය කියල තියෙන විදිහට ඒ තැඹිලි ගෙඩියට අත දලා තියෙන්නෙ මහසෝන් අවතාරෙලු. මිනිය වල දැම්මට පස්සෙ ඒ තොරණින් තැඹිලි කඩන් ආපු නිසාලු එහෙම ඇවිත් තියෙන්නෙ මිනිය වල දැම්මට පස්සෙ ඒ තැඹිලි සොහොනට කැප වෙලා ඉවරලු. ආච්චත් ඒ වෙලාවෙ අර බොන්න හදපු තැඹිලි ගෙඩිය බිව්ව නම් ආච්චිටත් මේ සන්තෑසියම වෙනව කිව්වලු. ආච්චිව ආරක්ශා කරන කවුරු හරි ඒ තැඹිලි ගෙඩිය ආච්චිට පෙවෙන්නෙ නැති විදිහට වැඩ සලස්සල කියල තමයි කට්ටඩි මහත්තය කියල තියෙන්නෙ. ඒ වගේම ආච්චිගෙ අම්මව දැකපු පලවෙනි දවසෙම කට්ටඩි රාල දැනගෙන ඉඳල තියෙනව අම්මව මහසෝන් අවතාරෙ බිල්ලට අරන් ඉවරයි කියන එක. කොහොමින් කොහොම හරි අන්තිමට මේ සිද්ධිය නිසා කම්පනයට පත්වෙච්ච ආච්චිගෙ මල්ලි නිහඬ වෙලා. කාත් එක්කවත් කතා කරල නෑ. 2020 අවුරුදු 86න් අන්තරා වෙනකන්ම ඒ මල්ලි සිවුරක් ඇඳගෙන අනගාරික දිවියක් ගත කළේ. එයා අපේ ගෙදරත් හිටපු ගමන් ආවා ගියා. ආ තව දෙයක්, මං මේ කතාව කියල ඉවර වුනාම ආච්චිගෙන් ඇහුවා මල්ලි ඒකෙන් තැඹිලි ගෙඩියක් බිල නැද්ද කියලා. ආච්චි කිව්වෙ එයා බිව්වෙ නෑ කිව්වා.. මල්ලිටයි අම්මටයි තමයි තැඹිලි ගෙඩි දෙක අරන් ඇවිත් තියෙන්නෙ පස්සෙ අක්ක දැකල දුක හිතිලා අම්මට තැඹිලි ගෙඩි දෙකම දුන්නලු කපල අක්කටත් දෙන්න කියලා. ඉතින් මෙහෙම සිද්ධි මේ ලෝකෙ කොහේ හරි කොණක තවමත් සිද්ධ වෙනව ඇති....

කොහොමින් කොහොම හරි මේක තමයි සිද්දිය. මේක කියවපු ඔයාලා මොකද හිතන්නෙ? ඇත්තටම ඒ කලු පාට ලෝම පිරිච්ච අත කාගෙ වෙන්න ඇතිද? ඇයි අර සොහොනෙන් ගෙනාව තැඹිලි

ගෙඩිය බිව්වම එහෙම වුනේ? ඔයාලා රෑක කාමරේ ඉද්දි ඔයාලගෙ එහා පැත්තෙන් එහෙම අතක් දැක්කොත් ඔයාලත් බය වෙයිද? මේ කතාවට ලැබෙන ප්‍රතිචාර එක්ක මම තවත් කතාවක් ලියනවද නැද්ද කියලා තීරණේ කරන්නම්. මේ ගැන ඔයාලගෙ අදහසුත් කියන් යන්න


ඇත්තටම මේ සිද්ධිය මට කිව්වෙ මගෙ ආච්චි අම්මා. ඒ කියන්නෙ මගෙ තාත්තගෙ අම්මා. එයා දැන් ජීවතුන් අතර නැහැ. එයා ජීවත් වෙලා හිටපු කාලෙදි එයා මට කියපු දෙයක් තමයි මේ ලෝකෙ අපිට පෙනෙන වගේම නොපෙනෙන දේවල් ගොඩක් තියෙනව කියන එක. මුලදි මම ඒ දේවල් විශ්වාස නොකලත් මට විශ්වාස කරන්න සිද්දවුන සිදුවීම් කිහිපයකටම මම මුහුණ දුන්න නිසා එතනින් එහාට ආච්චි මට කිව්ව කතාව මම විශ්වාස කරන්න පටන් ගත්තා. එහෙන්ම් අපි දැන් යමු කතාවට.

අපේ ආච්චිගෙ පුංචි කාලෙ වගේම ඇය මනාලියක් වෙලා තමන් ඉපදුනු නිවසින් පිටත්ව කොළඹට එනකන්ම ඇගේ සුන්දර ළමා කාලය හා තරුණ කාලයෙන් කොටසක් ගෙවිල තිබුනෙ ගාල්ලෙ ගහ කොල පිරුණු සුන්දර පරිසරයක. ඉතින් ආච්චිගෙ පවුල ගැන විස්තර කිව්වොත්, එයාට හිටියා සහෝදරයන් දෙදෙනෙක් සහ එක් වැඩිමහල් සහෝදරියක්. වර්තමානය වෙද්දි මේ කවුරුත් ජීවතුන් අතර නැහැ. ඉතින් මේ සහෝදර සහෝදරියන් අතරින් ආච්චිගෙ බාලම මල්ලි ගොඩක් දඟකාර වගේම කියන දේ නො අසන චරිතයක්. ඇය මාත් එක්ක කිව්ව විදිහට ඇයගේ මල්ලි ගමේ කොහේ හෝ කෙළවරක ඇති ප්‍රශ්නයක් තමන්ගේ ගෙදරට අරන් එන්න පුලුවන් ජාතියේ ඇට්ටරයෙක්. ඉතින් කොහොමින් කොහොම හරි මේ සහෝදර සහෝදරියන් හතරදෙනා තමන්ගෙ යෞවන කාලය ගෙවමින් ඉඳිද්දි දවසක් ආච්චිගෙ අම්මා ආච්චි සහ මල්ලි විතරක් ගෙදර ඉන්න වෙලාවක කියල තියෙනවා "තැඹිලි ගෙඩියක් තිබුණ නම් හොඳයි නේ බං, ඇඟ සීතල වෙලා යන්නත් එක්ක. පුදුම ග්‍රීස්මයක් නෙ තියෙන්නෙ." කියලා. ඔතන හිටපු අර පොඩි මල්ලි ඔය කතාව ඇහුණ ගමන් කට පියාගෙන කිසිම දෙයක් නොකිය ගෙදරින් එළියට බැහැලා ගිහින් . ටික වෙලාවක් යනකොට මෙන්න තැඹිලි ගෙඩි දෙකක් අරගෙන එයා ඇවිත්. ආච්චි ඒ වෙලාවෙ මොන යම් හෝ හේතුවකට මල්ලි එක්ක රණ්ඩු වෙලා ඉඳල තියෙන්නෙ. මල්ලි ගෙනාව තැඹිලි ගෙඩි දෙක අම්මට කපල දුන්නම අම්මා ආච්චිටත් තැඹිලි ගෙඩියක් දීලා. ඒත් ඉතින් ආච්චි, මල්ලි එක්ක ආරෝවෙන් හිටපු නිසා ඒ තැඹිලි ගෙඩිය ඒ වෙලාවෙ බීලා නෑ. තැඹිලි ගෙඩිය පැත්තකින් තියලා. ආච්චි කිව්ව විදිහට පස්සෙ බොන්න තමයි එයා ඒක පැත්‍තකට කරල තියෙන්නෙ. ඉතින් කොහොම හරි ආච්චිගෙ අම්මා ඒ තැඹිලි ගෙඩිය බීලා ඇතුළෙ තියෙන ලොඳ කන්න ඕනවට එයාම තනියෙන් තැඹිලි ගෙඩිය දෙකට පළලා කන්න ගත්තලු. ඉතින් දෙවනි කට වගේ කද්දි අම්මා එක පාරටම බය වෙලා වගේ කකා හිටපු තැඹිලි කෝම්බෙ විසිකෙරුවලු. ආච්චි ඒ වෙලාවෙ ඇයි කියල ඇහුවත් ආච්චි බය වෙන නිසා කිසිදෙයක් කියල නෑ. ඒත් හය හතර තේරෙන වයසෙ හිටපු ආච්චිට, එයාගෙ හැසිරීම් සහ ඉරියව් වල ලොකු වෙනසක් පෙණිලා. කොහොමින් කොහොම හරි ඔය සිද්ධිය වෙලා ටික වෙලාවක් ගිහින් ආච්චි මල්ලි එක්ක තිබ්බ විස්සෝපෙ අඩු වෙලා අර කපලා වහල පැත්තකින් තියල තිබ්බ තැඹිලි ගෙඩිය බොන්න යද්දි ඒකෙන් හරි අමුතු දුර්ඝන්ධයක් ඇවිත් තියෙනවා. හරියට මී කුණකින් එන දුගඳක් වගේ. ඉතින් ඒ දුර්ඝන්ධය නිසා ආච්චිට ඔක්කාරෙට ඇවිත්. තැඹිලි කෝම්බෙත් අරන් එළියට ගියපු එයා තැඹිලි ගෙඩිය අතේ තියාගෙනම වමනෙ කරලා. ඊට පස්සෙ තැඹිලි කෝම්බෙත් විසි කරලා ගෙට ඇවිත්. කොහොමින් කොහොම හරි එදා දවස හිමින් හිමින් ගෙවිල ගොම්ම්න් වැටෙන වෙලාව ආවම ආච්චිගෙ අම්මට හොඳටම උණ අරගෙන. එයා වෙව්ල වෙව්ල මොන මොනවදෝ මුමුණනව ආච්චිට ඇහුන නිසා ආච්චි "ඇයි අම්මේ" කියාගෙන අම්මගෙ ලඟට ගිහින්. එතකොට තමයි ආච්චි දැකල තියෙන්නෙ අම්මගෙ ඇස් දෙක එළියට පනින්න වගේ ලොකු වෙලා තිබුන කියලා. ඉක්මනටම ආච්චි එයාගෙ තාත්තට කතා කරල විස්තරේ කිව්වම ටික වෙලාවකින් කට්ටඩි මහත්තයෙක් ගෙදරට එක්කගෙන ඇවිත්. කට්ටඩි මහත්තය කිව්වට ඒ මනුස්සය වෙදකමත් යහමින් දන්න කෙනෙක්ලු. කොහොමින් කොහොම හරි ආතුරයට නූලක් බැඳල පොඩි ශාන්ති කර්මයක් කරාම අසනිපෙ හොඳ වුණාලු. ඉතින් හොඳ සිහියට ආපු අම්ම කිව්ව කතාව ඇහුවම ආච්චි ඇතුළු ගෙදර හැමෝම හොඳටම බය වෙලා. " මම තැඹිලි ගෙඩිය කද්දි කලුම කලු ලොකු ලොං පිරිච්ච අතක් තැඹිලි කෝම්බෙ ඇතුලට දැම්මා. අත කාගෙද බලන්න යද්දි අත ඉබේ අතුරුදහන් වුනා" මෙහෙම කිව්වම ආච්චිටත් මතක් වෙලා තියෙනවා තමන් බොන්න ගිය තැඹිලි ගෙඩියෙනුත් මී කුණු ගඳක් ආවා නේද කියල. ඉතින් කට්ටඩි මහත්තයා ඇතුළු හැමෝම ඉන්න වෙලාවෙ ආච්චි " මං බොන්න ගිය තැඹිලි ගෙඩියෙනුත් ගඳක් ආවා මං ඒක ආං අරෙහෙට විසි කරා" කියනවත් එක්කම කට්ටඩි මහත්තය අහලා " කොහෙන්ද ඒ තැඹිලි? " කියලා. ඉතින් ආච්චි කියල තියෙනවා "අම්ම තැඹිලි බොන්න ඕන කිව්වම මල්ලි කොහෙන්දෝ උස්සන් ආවා" කියලා. කොහොමින් කොහොම හරි ආච්ච්ගෙ මල්ලිව සභාව මැද්දට ගෙන්නපු කට්ටඩි මහත්තය අහල තියෙනවා

" කොල්ලො උඹ කොහෙන්ද අර තැඹිලි බෑවෙ?" කියලා මල්ලි දුන්න උත්තරෙන් කට්ටඩියගෙ වගේම ගෙදර හිටපු දැනුම් තෙරුම් තිබ්බ අයගෙත් ඇස් උඩ ගියාලු. "මොකටද කොහෙන්වත් බාන්නෙ? මං උදේ දැක්කා අර සොහොනෙ අලුත් මිනී වල ලඟ තැඹිලි තොරණක් බැඳල තියෙනවා මං ඒකෙන් ගෙඩි දෙකක් උස්සං ආවෙ" දැන් කට්ටඩියට සිද්දිය පැහැදිලී.. කොහොමින් කොහොම හරි ලොකු යාතිකා කීපයක්ම කලත් තැඹිලි කාපු දවසෙ ඉඳන් හරියටම හත් වෙනි දවස වෙනකන් මරු විකල්ලෙන් කියව කියව හිටපු ආච්චිගෙ අම්මා, කටින් සෙම දාගෙන ඇඳ උඩම මැරිල ඉඳලා.


කොහොමද හැමෝටම මම හිතනව ඔයාල හැමෝම හොඳින් ඇති කියලා. මේ වෙද්දි මම මේ ගෲප් එකට මං මුහුණදුන් සහ මට අහන්න ලැබුණ සත්‍යම සිදුවීම් හතරක් ඔයාල එක්ක බෙදාගෙන තියෙනවා. ඒ වගේම ඒ කතා වලට ලැබුණු ප්‍රතිචාර නිසාම එක කතාවක් ලියලා නවතින්න හිටපු මම මේ විදිහට මගේ පස් වෙනි කතාවත් ඔයාලා වෙනුවෙන් ලියන්න තීරණය කරල තියෙනවා. මෙතෙක් මම ලියපු සියලුම කතා සත්‍ය සිදුවීම් වන අතරම මනංකල්පිත කතාවක් ලියනවා නම් මම ඒ ගැන සඳහන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඔයාලා මගේ කතා වලට ඒ දක්වපු අදහස් වගේම යෝජනා හා චෝදනා වලටත් ඉතාමත් ස්තූතිවන්ත වෙමින් මම මගේ පස්වෙනි කතාවත් ඔයාල එක්ක බෙදාගන්නම්

20 last posts shown.

8 447

subscribers
Channel statistics