"ඉතින් පුතේ කොහොමද මේක කපන්නෙ. අනේ මම ලගනම් ලොකු මුදලක් නෑ. කරන්න පුලුවන් දෙයක් තියෙනවානම් කරමු" මංජුගේ පියාගේ වචන දෙස මම බලාගෙන හිටියේ මටත් මේ වගේම තාත්තෙක් ඉන්නවා නේද කියලා මතක් වෙලා. මට කතා කරන්න බැරුව මම ඒ මූන දිහා බලන් ඉද්දි
"පුලුවන් ගානක් මම දරන්නම් බන්. කරන්න පුලුවන් දෙයක් නම් කරමු. උබට පින් ජාති ජාතිත්" ඒ මංජුගෙ වචන
"සල්ලි දාහන් බන් බල්ලට. පුලුවන් විදියට කපන්න බලමු. අවශ්‍ය අඩුම කුඩුම ටික හොයාගෙන පුලුවන් නම් හෙටම මෙක කපමු. මොකද හෙට කෙම්මුර"
නොදන්න කෙනෙක්ට දැනගන්නත් එක්කම මම කියන්නම්. කවදාවත්ම මේ වගේ නරකාංශි ගුරුකම් නම් කරන්න තියා හිතන්නවත් එපා. ජාති ජාතිත් විපාක දෙන අපරාදයන් මේවා. මොකද ඉබ්බන් බැදිල්ලේ දි කෙනෙක් නැති වෙන්නේ නෑ. ජීවිතය තොර නොවුනත් පරම ආයු විද ජීවිතය අවසන් වෙන තාක් අපා දුක් විදිමින් ජීවත් වෙන්න වෙන්නේ ඒ කෙනාට.
ඉබ්බන් බැදිල්ල කරන්නේ සන්නි යකාට දොල දී හත් ගැට දමපු නූලකින් කිරි ඉබ්බෙක් ගේ කකුලක ගැට ගැහීමෙන්. කපන්න හරි අමාරුම ගුරුකමක් ඒක. මොකද ඒක කපන්න ක්‍රම තුනක් තියෙනවා.
1) ජල තීන්දුවෙන්
2) ගොඩ තීන්දුවෙන්
3) ජල සහ ගොඩ තීන්දුවෙන්
ජල තීන්දුවෙන් කපන වෙලාවෙදි ඉබ්බා ගොඩ හිටියොත් හූනියම කැපෙන්නේ නෑ. ඒ වගේම තමයි ගොඩ තීන්දුවෙදිත් ජල සහ ගොඩ කියන තීන්දු දෙකේදිම කැපුවත් ඒ කපන වෙලාවෙදි ඉබ්බා ඒ කකුල කටුව ඇතුලට අරගෙන හිටියොත් ඒ කැපෙන්නෙත් නෑ. ඉතින් ඉබ්බන් බැදිල්ලක් කපනවා නම්. එක්කෝ ඒ ඉබ්බව හොයාගන්න ඕනි. නැත්තම් ආතුරයගේ කර්ම ශක්තිය තමයි ඉතින්.
ඕනි එකක් කියලා අවශ්‍ය දේවල් සූදානම් කරන ගමන් ඉද්දි මට අදහසක් ආවා.
"මංජු ඔය කියන ලොකු තාත්තා ගේ ගේ කිට්ටුව නැද්ද පොකුනක් එහෙම"
"ම්ම්ම්.. අත ඇරලා දාපු වලක් නම් තියෙනවා බන්.. ඇයි...??"
එහෙම හපු මංජු මම දිහා බලන් ඉදලා හුන් තැනින් මගෙත් එක්කම නැගිට්ටේ මගේ හිත කියෙව්වා වාගෙ. දෙන්නත් එක්ක ම හොරෙන්ම ඒ පැත්තට ගිහින් ටිකක් විපරම් කලා. ඒ පැත්තේ ඉබ්බෝ වැහි වැහැලානේ. කොහොම කියලා හොයන්නද ඉතින්. අනික ඉබ්බා උභය ජීවියෙක් නිසා එක තැනක ඉන්න එකෙක් නෙවෙයි නේ. කොහොම හරි මංජුගේ අම්මගේ වාසනාවකට වගේ යාන්තම් ඒ ඉබ්බා හොයාගන්න පුලුවන් උනා. ඒකවත් කාටවත් සැක නොසිතෙන විදියට ගෝනියකට දා ගත්තු අපි කෙලින්ම ආයෙත් ගෙදරට ආවා.
ඉතින් හූනියම කැපිල්ලේ වැඩ ටික මේ විදියට වෙද්දි රාත්‍රිය එලඹෙත්ම අපි වැඩේට මුල පිරුවා.
දෙවියන් වැද අවසර ගැනීමෙන් පසු ගොඩ තීන්දුවකින්ම පුහුල කපා අවසන් කර වැඩේ අවසන් වෙද්දිම එතනට මංජුගේ ලොකු තාත්තා කඩා පැන්නා.
"පුහ්. මහලොකු වැඩ්ඩෙක් කියලා මමභිතුවේ. මේකා මේ හිච්චි එකෙක් නේ. බොගේ ගුරුකම් අරන් යන අහක පල. මේක මගේ තැන බොල"
එච්චරයි උන්දැට කියන්න ලැබුනේ මෝල් ගසත් අතින් ගත් මංජුගේ තාත්තා ඔහු පසු පස එලවන්න උනේ අපි කාටවත් නවත්තගන්න බැරි විදියට. තුවාලේ වේදනාව දන්නේ තුවලේ තියෙන මනුස්සයා කියනවා නේ. ඒ ආවේගයෙන් කරන වැඩකුත් එක්ක අපිට හිතලා දුවන්න අමාරුයි ඉතින්. ඒත් පුලුවන් විදියට ම්ංජු පිටුපහින් ගියා. වැඩි වෙලාවක් යන්න කලින් වෙඩි හඬක් ඇහුනේ නොහිතපු විදියට. මටත් ඒකනම් හිතාගන්න බැරි උනා. මොකද මංජු ලගවත් එයාගේ තාත්තා ලගවත් ගිනි අවියක සේයාවක් වත් මම දැක්කේ නෑ..
"පුංචා බැදපු තුවක්කුවක් ඌට පත්තු උනා. පය පැකිලිලා වැටුනේ කද උඩහට. කෙලින්ම පපුවටමයි වැදුනෙ"
ආපහු ගෙදරට ආපු මංජු එහෙම කිව්වා. කලකම් කොහොම හරි පල දෙනවා. මටත් තිබිනා ආපිට හූනියම හරවලා නිකම් ඉන්න. ඒත් මනුශ්‍ය ආත්මයක අගය වටිනාකම හොදින් දන්න මම එහෙම කරන්න දෙපාරකට වඩා හිතනවා. අනික මම මොකටද කොහේවත් ඉන්න එකෙක් නිසා අකුසල් රැස් කර ගන්නේ යන අහකට..
මෙ වතාවෙදිත් නිහතමානීව ඉල්ලනවා ඔයාලගේ අදහස් දෙන්න මට. ඒක මට තවත් කතාවක් අරන් එන්ට කරන දිරිමත් කිරීමක්. ස්තූතියි