දැන් ඊලගට හිතන්න පාන්දර දෙකේ ඉදන් අවදි වෙලා, අමාරු ඇදුම් ඇදගෙන කොන්ඩෙට කටු 1000 ක් විතර ගහගෙන ඉදලා, ෆොටෝග්රැෆර් කියන කියන පැත්තට හැරිලා ෆොටෝත් ගහලා, ජීවිතේට දැකලා නැති මිනිස්සුන්ට වැදලා, අමාරුවෙන් පුරුදුවුන first dance එකත් කරලා, හීල්ස් දෙක පැටලිලා වැටිලා මැරෙන එකෙනුත් බේරිලා, පැය 12 කට වඩා එක දිගට කට්ටක් කාලා හොටෙල් එකට ඇවිත් ඔලුව පුපුරන්න තරම් මහන්සි වෙලාවෙදි, නැත්නම් කුකුල් නින්දක් දාලා පාන්දර දෙකට විතර නැගිටලා ඔය වැඩේ කරන්න හැදුවා කියලා හරියට කරගන්න පුලුවන් වෙයිද? ඔයාලට ඕන වුනත් ඔයාලගේ ඇගට ඒක ඕන වෙයිද? නැහැනේ නැහැනේ....
හරි දැන් අපි sexual-response cycle එක ගැන කතා කරානේ. මට මෙතනදි මූලිකවම කියන්න ඕන සෙක්ස් කියන්නේ අපේ ඇග සහ මනස දෙකම එක විදියට සූදානම්ව තියෙන්න ඕන සංකීර්ණ ක්රියාවලියක් කියන එක. වෙන විදියකට කියනවානම් ඒක rush කරලා කරන්න පුලුවන් දෙයක් නෙවයි. මේක දැනටමත් පල් හෑල්ලක් වගේ දිග නිසා මම මේක මෙතනින් නවත්තනවා. මේකේ දෙවෙනි කොටසකුත් තියෙනවා හොදේ,ඒක මම හෙට අනිද්දාම දාන්නම්. ඒකෙදි මම කතා කරන්නේ සෙක්ස් කරද්දි ඒක tricky, scary සහ confusing දෙයක් නොවි කරගන්නනම් අපි කරන්න ඕන මූලික දේවල් ගැන.
✍️ මාධවී