📰 වානේ කම්බි මිල යළි ඉහළට✍️ යළිත් වරක් වානේ කම්බි ටොන් එකක මිල රුපියල් 85,000 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාර්තු මස 10 වැනිදා රුපියල් දෙලක්ෂ 54,500 කට පැවති වානේ කම්බි ටොන් එකක මිල මේ වනවිට රුපියල් 339,500 ක්. ඒ අනුව මීට පෙර රුපියල් 1,040 කට අලෙවි වූ මිලිමීටර් 10 වානේ කම්බියක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 1,268කටයි. රුපියල් 1,500කට අලෙවි වූ මිලිමීටර් 12 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 1,887කට අලෙවි වන අතර, රුපියල් 2,725කට අලෙවි වූ මිලිමීටර් 16 වානේ කම්බියක් මේ වනවිට රුපියල් 3200කට අලෙවි කෙරෙනවා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මෙලෙස මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ. එසේම, මේ වනවිට වානේ කම්බි හිඟයක් වෙළෙඳපොළ තුළ පවතින බව ද වාර්තා වනවා. මේ අතර, පසුගිය සිකුරාදා දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා. ඒ අනුව රුපියල් 1,850 ක්ව පැවති කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් 2,350කටයි.
⏰
April 3, 2022, 2:38 pm@NewsFlashLKBot 🇱🇰