ඔයා medicines/drugs ගැන interested, bio කරපු කෙනෙක්ද? 💊🩸🧬🩻 ඒ පැත්තෙන් ඉගෙන ගන්න කැමති කෙනෙක්ද? එහෙන්ම් මේ ලිපිය ඔයාට වැදගත් වෙයි 🙌
Bachelor of Pharmacy ( B.Pharm)Hons
ඖෂධ විද්‍යාව පිලිබද විශේෂ ගෞරව උපාධිය ⚕️💊
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය යන රජයේ විශ්වවිද්‍යාලයන් වල සමසෞඛ්‍ය පීඨය මගින් පිරිනමන විශේෂ ගෞරව උපාධියක් තමයි B.Pharm කියන්නෙ. උසස්පෙල ජීවවිද්‍යා විශය ධාරවෙන් ඉහල Z score එකකට යන්න පුලුවන් හොදම course එකක්.
(උඩ කිව්ව විශ්වවිද්‍යාල වලට අමතරව B.Pharm degree එකක් ගන්න පුලුවන් Open University එකෙන් සහ KDU එකෙන්.)
(Government universities වලින් offer කරන B.pharm degree එකෙයි සමහර private uni වල තියෙන Bsc pharmaceutical science degree එකෙයි වෙනස තමයි B.pharm degree එක theoritical side එකට අමතරව වැඩිපුර focus කරන්නෙ pharmacy industry training එකට.. practically වැඩි බරක් දෙනවා. Bsc degree එක focus කරන්නෙ scientific side එකට.)
පලවෙනි දේ තමයි මේක 4 years special degree එකක්.. General, special කියල බෙදෙන්නෑ.. මේකෙදි ඔයාට තරගයක් නැතුවම special කරන්න පුලුවන්.. රිපීට් උනත් අන්තිමට special degree එකක් ලැබෙනවා
ඊලගට; Pharmacy degree එකයි, ගොඩක් අය කරන pharmacy licence course එකයි දෙකක්. Pharmacy licence exam එක maths, bio, agri කරපු කෙනෙක්ට අවුරුදු 2 වගේ ඉගෙනගෙන SLMC එකේ exam එක කරලා licence එක ගන්න පුලුවන්. ඒක ලංකාවට විතරක් වලංගු, ඔසුසලක් පවත්වාගෙන යන්න දෙන අවසරයක්. (මේ වගේ ක්‍රමයක් තියෙන්නෙත් ලංකාවෙ විතරයි)
B.pharm degree එක ඒකට සසදන්න බෑ.. ඒක අවුරුදු 4ක පූර්නකාලීන උපාධි පාඨමාලාවක්.. ලෝකෙ ඕනම රටකට වලංගුයි. B.pharm කරන අයට SLMC එකෙන් රජයේ ඖෂධවේදී බලපත්‍රය හම්බවෙනවා. නව ඖෂධ සොයාගැනීමේ ඉදන් ඖෂධ නිශ්පාදනය හා නියමකිරීම දක්වා ලොකු පරාසයක විශය කොටස් තියෙනවා.
A/L Bio කලාට සමහරු hospital side එකේ job එකක් කරන්න කැමතියි හැබැයි සමහරු industrial, research වගේ sides වලට කැමති.. Pharmacy කියන්නෙ ඔය sides තුනටම ගැලපෙන එකක්. Patientල එක්ක directly interact වෙන්න කැමති නැති, night shift වැඩ කරන්න කැමති නැති අයත් ඉන්නවනෙ.. ඒත් ඖෂධ ගැන ඉගෙනගන්න කැමති, ඒවා එක්ක ගනුදෙනු කරන්න කැමති අයට industrial pharmacy side එකෙන් යන්න පුලුවන්.
Hospital වල වැඩ කරන්න කැමති කෙනෙක් නන් hospital pharmacy, clinical pharmacy යන්න පුලුවන්..(Hospital pharmacistලට නම් day night shift තියෙනවා)
ඔය දෙකටම කැමති නැත්නම් research side එකට යන්න පුලුවන්.. අලුත් medicines ගැන පරීක්ශන කරන්න, labs වල වැඩ කරන්න කැමති අයට ඒ side එක
Pharmacist කෙනෙක්ගෙ duty එක මොනවගේද?
Doctor කෙනෙක් කරන්නෙ patient කෙනෙක් එක්ක කතාබහ කරලා රෝගය අදුරගෙන ඒකට මොකක්ද කරන treatments කියල තීරණය කරන එක. ඊටපස්සෙ තමා pharmacist ගේ වැඩේ තියෙන්නෙ.. එයා කරන්නෙ ඒ දීලා තියෙන medications හරියට prescribe කරලද, ඒ බෙහෙත් වල මොනාහරි drug interactions තියෙනවද, patient ගෙ psychology එක අනුව ඒ බෙහෙත් වලින් side effects තියෙනවද, patientට ලැබුනේ වඩාත්ම ගැලපෙන සහ effective බෙහෙත්ද කියල බලන්න..
එක research එකක් කරනවා medical students ලා අතර සහ pharmacy studentsලා අතර, කවුද හරියටම රෝගියාට අවශ්‍ය treatment එක නිර්ණය කරන්නෙ සහ කවුද හරියටම medicines prescribe කරන්නෙ කියල බලන්න.. එතනින් හරියටම best treatment determination කරන්නෙ medical studentsලා.. හරියටම medicines prescribe කරන්නෙ pharmacy studentsලා.. මොකද pharmacology ගැන ගැඹුරටම ඉගෙනගන්නෙ pharm studentsල නිසා doctorට වඩා බෙහෙත් ගැන දැනුමක් තියෙන්නෙ pharmacistලට
(Source : ResearchGate)
**මේ ලිපියේ pharmacist කියල කියන්නෙ B.Pharm උපාධිධාරීන්ට පමණි. (ලංකාවෙ pharmacy වල ඉන්න අයට නොවේ)
Pharmacistල ඉගෙනගන්නව මේ medications කොහොමද human body එකට බලපාන්නෙ කියල සහ ඒ බෙහෙත් වල improvement එක ගැන, ඒව හදන හැටි සහ ගුණාත්මකභාවය ගැන..
B.Pharm එකේදි ඉගෙනගන්න තියෙන සබ්ජෙක්ට්ස් බැලුවොත්, bio සහ chemistry මූලික කරගෙන තියෙන්නෙ.. Human Anatomy, physiology, biochemistry, organic chemistry වගේ.. තව ඉතින් pharmacology pharmacokinetics, Toxicology වගේ ඒවත් තියනවා.. මේවට අමතරව Law, Marketing, Management, Statistics, research වගේ දේවලුත් ඉගෙනගන්න තියනවා. ලොකු පරාසයක විෂය කොටස් තියෙන නිසාම ලෝකෙ අමාරුම degrees වලින් එකක් මේක🙌
B.Pharm එකෙන් ඔයා කැමති side එකක් තෝරගන්න පුලුවන්..